පුද්ගල ප්‍රතිරූප


මනෝ විද්‍යාව පිළිබද කතාවකදී අසන්න ලැබුනේ මග තොටේදී ඔබට හමුවන හිතවතෙක් සමග කතා බහේදී ඔබේ පුද්ගල ප්‍රතිරූපය තුන් ආකාරයකින් ඉදිරිපත් වෙන බවයි. උදාහරණයකින් පැහැදිලි කළහොත් මෙවැනි දෙබසක් සලකන්න.
හිතවතා : කොහොමද ඉතින් සැප සනීප?
ඔබ : ඔහේ ඉන්නවා ඉතින්. වරදක් නෑ.

මින් පළමුවැන්න ඔබ හිතවතාට ඉදිරිපත් කරන ප්‍රතිරූපයයි. ඒහිදී ඔබ සාමාන්‍ය අයුරුන් සිටින බව කියයි. දෙවැන්න ඔබේ හිතවතා ඔබ ගැන සිතන ප්‍රතිරූපයයි. ඔබ ඔහේ ඉන්නවා කීවත් ඔහු සිතනවා ඇත්තේ “ඔය කිව්වට හොද සන්තෝසෙන් ඇති. අපිට පෙන්ඩ ඔහේ ඉන්නවා කියනවා.” තෙවැන්න ඔබේ සැබෑ ප්‍රතිරූපයයි. හිතවතාට ඔබ සාමාන්‍ය ජිවිතයක් ගත කරනවා කියා කීවාට සමහර විට ඔබ ප්‍රශ්ණ රාශියකින් මිරිකී සිටින අයෙක් විය හැකියි.
මේ ආකාරයට අපට සමාජයේ මුණ ගැසෙන පුද්ගලයන්ගෙන් බොහෝවිට දැනගන්න ලැබෙන්නේ ඔවුන්ගේ සැබෑ ජිවිතයේ ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයකි. අප අතරේ වන්නේ ව්‍යාජ ගණුදෙනුවකි. අනෙකාට දරාගත හැකි පිළිතුරක් ලබා දුන්හොත් එය බොරුවක් උවත් ගැටළුවක් ඇති නොවේ. “මේ දවස් වල මොකද කරන්නේ?” කියා ඇසුවිට ” වැඩ තමයි. උදේ යනවා.හවස එනවා ” “මේ දවස් වල කෝස් එකක් කරනවා ” ” වෙඩින් එකේ වැඩ වලට අරහේ මෙහෙ යනවා ” වැනි පිළිතුරක් දුනහොත් එය සාමාන්‍ය තත්වයකි. වැඩි පුර ප්‍රශ්ණ නැත. “මේ දවස් වල නිදහසේ ඉන්නවා.” ” මම මේ දවස් වල අසරණ මිනිස්සුන්ට උදව් කරනවා ” “මම ආරණ්‍යකට ගිහින් භාවනා කරනවා” වැනි පිළිතුරක් දුනහොත් තව ප්‍රශ්ණ පැනනැගිය හැක. 
බොහෝවිට දෙදෙනෙක් අතර ගණුදෙනුවකදී අවුලක් ඇතිවන්නේ එක පාර්ශවයක් පමණක් ව්‍යාජත්වයේ රැදී සිටින්නේ නම් පමණි. දෙපාර්ශවයම ව්‍යාජත්වයේ සිටිනම් ගැටළුවක් නැත. සම්මුඛ පරීක්ෂණයකදී “මේ ආයතනයේ රැකියාවක් කිරීමට කැමති ඇයි?” කියා ඇසු විට ” මේ ආයතනයේ දියුණුවට උදව් කිරීමට” වැනි පිළිතුරක් දුනහොත් ඔබත් පරීක්ෂණය මෙහෙය වන්නාත් එය බොරුවක් බව දනී. නමුත් ගැටළුවක් නැත. පරීක්ෂණයෙන් ඉදිරියට යාමට හැකියාවද ලැබේ.

පුද්ගල ප්‍රතිරූප පුද්ගල ප්‍රතිරූප Reviewed by Fox Talks on 11:02 AM Rating: 5

No comments :

Powered by Blogger.