සමලිංගික අර්බුදය




සමලිංගිකයන්ට අනුව ඔවුන් අර්බුදයකට පත්ව ඇත්තේ විෂම ලිංගිකයන්ට මෙන් සාමාන්‍ය ආකාරයේ සමාජ පිළිගැනීමක් නොමැති නිසාය. එමනිසා ඔවුන්ගේ කටයුතුවලටත් සාමාන්‍ය පිළිගැනීමක් ලැබුණු පසු අර්බුදය අවසන්වන බව නිතර පවත්වන උද්ඝෝෂණ හරහා සෙසු සමාජයට දැනුම් දෙයි. පසුගියදා ඔවුන්ගේ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇමෙරිකාව පුරාවටම සමලිංගිකයන්ට නිදහසේ විවාහවීමට හැකිවන අයුරින් පනතක් සම්මත කරගත්හ. බටහිර සාම්ප්‍රදායික න්‍යෂ්ටික පවුල අර්බුදයකට යමින් පවුලේ සමාජිකයන් අතර සම්බන්ධතා බිදවැටෙමින් දික්කසාදය වර්ධනය වෙමින් පවතින තත්වයක් තුල සමලිංගික විවාහ අයිතිය තුලින් ඔවුන් අපේක්ෂා කරන්නේ සමාජ පිළිගැනීමත් විවාහ වන්නන්ට අදාලවන නිතීමය අාවරණය ලබා ගැනීමත්ය.
සමලිංගිකත්වයට බටහිර සමාජයේ කොතරම් නිතීමය සහ වෛද්‍ය විද්‍යාත්මක පිලිගැනීම් තිබුනත් තවමත් එය 100%ක් සාමාන්‍ය තත්වයක් ලෙසට රෑපාන්තරය වී නොමැත. එමනිසා තව කාලයක් යනතුරැ සමලිංගිකයන්ට තමන්ගේ ලිංගික රැචිකත්වය ගැන ආඩම්බර වෙමින් වාර්ෂිකව උත්සව හා පෙළපාලි සංවිධානය කිරීමට සිදුවන ඇත. යම්කිසි දිනක එය අතිශය සාමාන්‍ය තත්වයකට පත්වු විට සමකාලීන සාම්ප්‍රදායික න්‍යෂ්ටික පවුලට සිදුවුවාක් මෙන් සමලිංගික න්‍යෂ්ටික පවුලද අර්බුදයකට යනු ඇත. දැනට බහුතර හොලිවුඩ් චිත්‍රපටවල පෙන්වන මවගේ නිවසේ සිටින දරැවන් සතිඅන්තයේ මාළු බෑමට හෝ කෑම්ප් ගැසීමට රැගෙන යාමේදී හමුවන පියවරැන්ගේ ජවනිකා පමණක් නොව parent oneගේ නිවසේ සිටින දරැවන් රැගෙන යාමට එන parent twoගේ (gender neutral terminology) ජවනිකාත් එවිට දැකගත හැකිවනු ඇත.
සමලිංගික අර්බුදය සමලිංගික අර්බුදය Reviewed by Fox Talks on 11:30 AM Rating: 5

No comments :

Powered by Blogger.