පල්ප් ෆික්ෂන් සහ ඇමෙරිකානු නාස්ථිකවාදය



නාස්ථිකවාදය (Nihilism) යන සංකල්පයෙන් මිනිස් ජිවිතවල අර්ථයන් හා සදාචාරාත්මක අගයන් අහිමිවීම ගැන විස්තර කෙරෙයි. නිට්ෂේ විසින් ‘දෙවියන් මියගොස් ඇත’ (God is dead) යනුවෙන් පවසන විට ඔහු එයින් අදහස් කරේ යුද‍ෙව්-ක්‍රිස්තියානිය අපගේ ජිවිත වලට මඟපෙන්වන බලවේගයක් ලෙස කල මැදිහත්වීම අවසන්වු බවත්, ඒ වෙනුවට වෙනත් ආදේශනයක් නොමැති බවත්ය. යුදෙව්-ක්‍රිස්තියානි ආගමේ කෙන්ද්‍රීය පුරාවෘත්ත කෙරෙහි ඇති විශ්වාසයන් විද්‍යා විප්ලවයෙන් (Scientific revolution) පසුව අවසන්වු පසු යුදෙව්-ක්‍රිස්තියානි සදාචාරයන්ට පුද්ගලයෙකුගේ ජිවිතයට කලහැකි බලපෑමත් අවසන් විය. අවුරැදු දහස් ගණනක් තිස්සේ ආගම කෙන්ද්‍ර කොටගත් ජිවන රටාවකට පුරැදුවී සිටි මිනිසුන්ගේන් එම සදාචාර පද්ධතිය වෙනත් ආදේශකයකින් තොරවම ඉවත්වුන පසු ඔවුන්ට මුහුණ පෑමට සිදුවන්නේ ගැඹුරැ නාස්ථිකවාදයටය.
ක්වන්ටින් ටරන්ටීනෝගේ පල්ප් ෆික්ෂන් යනු ඇමෙරිකානු නාස්ථිකවාදය තේමා කොටගෙන නිර්මාණය කරන ලද තරමක් වෙනස් ආකාරයේ චිත්‍රපටයකි. චිත්‍රපටය දෙස බැලුවිට පෙනෙන්නේ, සම්පුර්ණ කතාවක් කුඩා රෑපරාමු වලට වෙන්කර නැවත සැකසු ප්‍රහේළිකාවක් ලෙසටය. එය තමාගේ මුඩු හිස පිටුපස කිසිවෙකු නොදන්නා හේතුවකට ප්ලාස්ටරයක් ගසාගෙන සිටින මැර නායකයෙකුගේ සිට විකෘති ලිංගික ආශාවන් ඇත්තෙකු දක්වාද, ඇමෙරිකානු ක්ෂණික ආහාරවලට යුරෝපයෙදී ව්‍යාවහාර කරන නම් ගැන ගැඹුරින් සාකච්ඡා කරන සම්පුර්ණ යුරෝපීය ඇඳුමෙන් සැරසුනු මැරවර සහචරයන්ගේ සිට රාත්‍රී සාද සදහාම නිමැවු විශේෂිත කබායන් හැද පැළදගෙන හිමිදිරි උදෑසන රාත්‍රී භෝජන සංග්‍රහ සදහා සහභාගී වන, මැරවරයන්ගේ ගැටළු නිරාකරණය කරන්නෙක්ද දක්වා වු අරැම පුදුම චරිත ස්භාවයන් සහිත පුද්ගලයන් එකතුවකින් සෑදුන චිත්‍රපටයකි.
පල්ප් ෆික්ෂන් සහ ඇමෙරිකානු නාස්ථිකවාදය පල්ප් ෆික්ෂන් සහ ඇමෙරිකානු නාස්ථිකවාදය Reviewed by Fox Talks on 11:48 AM Rating: 5

No comments :

Powered by Blogger.