පොර්න්හබ් හා බටහිර පිරිමියා


ආසියාතිකයන් යශෝධරාවන් විවාහ කරගෙන ගූගල්වල නාගන්නවා යන අදහසට විරෝධයක් දැක්වීමට අවශ්‍ය නැත. අනෙක් බොහෝ දෑ මෙන් අපට දැන් ලිංගිකත්වය සම්බන්ධ ෆැන්ටසි ලැබෙන්නෙත් බටහිරින් නිසා ගූගල් ස්ටැට්ස් ගැන විශ්මයට පත්විය යුතු නැත. අදහසක් දැක්විය යුත්තේ එසේ නාගන්නේ නැතැයි සිතා සිටින බටහිර පිරිමින් ගැනය. ආසියාවේ පිරිමි පමණක් ගූගල්වල නාගන්නවා කියා සිතන ලංකාවේ සිටින මේ සෙක්ස් එක්ස්පර්ට්ලා යූරෝපයේ පිරිමින් පැමලා ඇන්ඩර්සන්ලා විවාහ කරගෙන අතිශය නීරෝගිමත් හා ප්‍රීතිමත් ලිංගික ජීවිතයක් ගතකරන බව සිතයි. බටහිර පිරිමියාගේ ලිංගික ජීවිතය ගැන මොවුන් ෆැන්ටසි සාදා ගන්නේ හොලිවුඩ් චිත්‍රපට, ටීවි සීරියස්, පොර්න්හබ් වීඩියෝ ආදිය නැරඹීමෙන් ය. චිත්‍රපට, වීඩියෝ බැලුවාට මේ සෙක්ස් එක්ස්පර්ට්ලා පොර්න්හබ් ස්ටැට්ස් බලන්නේ නැත. ඒවා අධ්‍යයනය කලහොත් බටහිරයන් ධනවාදය තුල ප්‍රශ්න විසඳා ගන්නා ආකාරය දැනගත හැකිය.

ලංකාවේ ගූගල් සෙවුමේ "සෙක්ස්" වැනි මූලික කීවර්ඩ් එකක් ගසා වීඩියෝ සොයන්නේ විපරීත නොවන ආශාවන් ඇති විශම ලිංගික ආකර්ශනයක් ඇති ගෑණුන් හා පිරිමින් යැයි සිතිය හැක. විපරීත ආශාවන් ඇති අයට අදාළ කීවර්ඩ් එක භාවිතා කොට අදාළ සෙවුම් කිරීමට තරම් හැකියාවක් ඇත. එ් කීවර්ඩ් අනුව බැලුවහොත් අප ගූගල් දර්ශක වල සිටිනවා ඇත්තේ බටහිර රටවලට වඩා පහළින් ය. 2017 වර්ෂය තුල පොර්න්හබ් පරිශීලනය කර අැති පිරිස බිලියන 28.5 කි. එයින් දෙවැනියට වැඩිම පිරිසක් සොයා බලා ඇත්තේ Hentai ප්‍රවර්ගයයි. එය දැනට අශ්ශීල වීඩියෝ සෙවුම් අතර සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරන වීඩියෝ ප්‍රවර්ගයයි. අවශ්‍ය කෙනෙකුට Hentai ගැන තොරතුරු සොයා බැලිය හැක. එවිට ධනවාදය තුල ප්‍රශ්න විසඳාගෙන ඇතැයි සිතන බටහිර පිරිමින් පැමලා ඇන්ඩර්සන්ලා විවාහ කරගෙන පොර්න්හබ් වල නාගන්නා හැටි දැකගත හැකිය.

According to Dr. Laurie, “The world is moving at a pace the likes we have never seen before and as such, stress levels have gone way up. Hentai is a way for people to disconnect from reality and delve into the world of total fantasy, forgetting about all the stresses that real life brings. Good, bad or indifferent, Hentai is an escape, not much different than seeing a sci-fi movie at a local theater for a couple of hours of mindless distraction.” - pornhub insights.
පොර්න්හබ් හා බටහිර පිරිමියා පොර්න්හබ් හා බටහිර පිරිමියා Reviewed by Fox Talks on 11:06 AM Rating: 5

No comments :

Powered by Blogger.