දහම් පුතා



තාත්ති…. තාත්ති…කොහෙද යන්නේ?
මම මේ යුඑන් එකට යන්ඩ ලැස්ති වෙනවා දරැවෝ.
තාත්ති මොකටද යුඑන් එකට යන්නේ?
මොකටද යන්නේ අහන්නේ? රටක ජනාධිපති උනාම ඒ වගේ තැන් වලට යන්නේ නැද්ද?
අනේ කියන්නකෝ…
මම යනවා පුතේ එහේ සමුළුවකට සහභාගි වෙන්ඩ.
අනේ තාත්ති… මාවත් එක්කන් යන්ඩකෝ.
පුතාට පිස්සුද? ඔය සමුළු වලට පොඩි අයට යන්ඩ හොඳ නෑ.
එහෙනන් තාත්ති ඉස්සර ඡන්ද රැස්වීම් තියද්දී මාව එවට එක්කගෙන යන්නේ.
ඒ ලංකාවේ ඡන්ද රැස්වීම් නේ. මේක එහෙම රැස්වීමක් නෙවෙයි.
අනේ තාත්ති මටත් එන්ඩ ඕන…
දැන් එක පාරක් කිව්වා නේද? ගෙදෙට්ට වෙලා ඉන්නවා මගෙන් ගුටි නොකා.
අම්මී….. තාත්ති මාව යුඑන් එකට එක්කගෙන යන්නෑෑෑ… ඔහැ… ඔහැ…. ඔහැ…..
අනේ මොකද ඔය පොඩි දරැවව අඩවන්නේ. පුළුවන් නම් එක්කගෙන යන්ඩ. දඟලන්නේ නැතුව ඉදියි.
හ්ම්ම්… එහෙනන් ඔන්න ඔහේ එනවා. ඇවිත් දගලන්නේ නැතුව මට එහා පැත්තේ වාඩි වෙලා ඉන්ඩ ඕනේ හරිද?
හා… තාත්ති.
එහෙනම් ඔයා හොද සූට් එකක් හරිගස්සලා දෙන්ඩ හිටං පුතාට.
( ඔන්න ඔය වගේ දෙයක් බං ඔතන වෙලා තියෙන්නේ. බොරැවට කෑ ගහන්නේ නැතුව හිටහල්ලා)
දහම් පුතා දහම් පුතා Reviewed by Fox Talks on 11:39 AM Rating: 5

No comments :

Powered by Blogger.