ශනුන්ද්‍රි ප්‍රියසාද් සිද්ධිය සම්බන්ධ විචාර වලට විශාල අඩුපාඩුවක්ව පැවති මනෝවිශ්ලේෂණයක් මෙන්න.




ශනුන්ද්‍රි ප්‍රියසාද්ගේ සිද්ධියෙන් පසුව ෆේස්බුකියේ ඇතිවු බෙදීම නිසා හටගත් සංවාදය තවමත් අවසන්වී නැත. එක් පිරිසක් නිමක් නැති විනෝද සාගරයක ගිලී සිටින අතර අනෙක් පිරිස එම විනෝදවන පිරිසට දිගටම අවවාද දෙමින් හා සිද්ධිය සාධාරණීකරණය කිරීමේ කටයුතු සිදුකරමින් සිටියි.
අතථ්‍ය (virtual) අවකාශය වනාහි සැබෑ සමාජ අවකාශයට සාපෙක්ෂව යම් විෂයක් සම්බන්ධයෙන් සදාචාරාත්මක මානයන් අඩුවෙන් ක්‍රියාත්මක වන අවකාශයකි. මා මෙයින් අදහස කල‍ේ අතථ්‍ය අවකාශයෙදී අපගේ අශ්ශීල අදහස් එලිදැක්වීමට සැබෑ සමාජ අවකාශයෙදී තරම් බියක් හෝ දෙගිඩියාවක් ඇති නොවන බවයි. උදාහරණයකට ෆේස්බුක් සංවාදයකදී අපගේ මතයකට විරැද්ධවන්නෙකුට අපට ඉතා දරැණු ආකාරයෙන් පරිභව කලහැක. නමුත් සැබෑ සංවාද වේදිකාවක එවැනි හැඟිම් යටපත් කරගනී.
මෙම ලියවිල්ලට අදාල සිදුවීමම උදාහරණයකට ගෙන මෙය තවදුරටත් පැහැදිලි කරගැනීමට උත්සහ කරමු. යම් අවස්ථාවක මම, ශනුන්ද්‍රි හා දසුන් සමග කතාබහ කරමින් සිටින විට මම ඇයගෙන් එම ප්‍රශ්නයම විමසා එම පිලිතුරම ඇයගෙන් ලැබුණ හොත් මම ඇයව උපහාසයට ලක්කරන්නේ යථාර්ථ මුලධර්ම ( reality principle) වලට එකඟවය. බොහෝදුරට සිනාසී කරන කුඩා විහිළුවකින් එය අවසන් වීමට ඉඩ තිබේ. එහෙත් මට සැබෑවටම අවශ්‍ය ඇයව ඉතාමත් අශ්ශීල ආකාරයට උපහාසයට ලක්කොට සතුටු වීමටය. එහෙත් එම අවස්ථාවෙදී ඇය ඉදිරිපිටම ඇයව උපහාසයට ලක්කිරීමට හැකි ඇයගේ අධ්‍යාපන මට්ටම, සමාජ තලය, පවුල් පසුබිම, බොලඳ, හුරතල් හැසිරීම්, විලාසිතා ආදිය ඉස්මතු කිරීමට මා නොපෙලඹෙයි. එනම් මට වැඩි සතුටක් ගෙන දෙන සුඛ මුලධර්ම (pleasure principle) හඹා යාමක් සිදු නොවේ. ඒ වෙනුවට යථාර්ථ මුලධර්ම වලට අනුකූලව තෘප්තිමත් වේ. එ් මාහට සමාජය පිලිගත් සදාචාරාත්මක මානයන්ට අනුගත වීමට සිදුවී ඇති නිසාය. එසේ නොවුනහොත් ඔවුන්ගේ හැසිරීමට වඩා මාගේ හැසිරීම විපරීත ස්වරූපයක් ගනී.
නමුත් ෆේස්බුක් අවකාශයෙදී සදාචාරාත්මක මානයන්ට මට කල හැකි බලපෑම අවම වේ. එවැනි බලපෑමක් ඇතිනම් ෆේක් ප්‍රෝෆයිලයක් හරහා සැබෑ අනන්‍යතාවය සගවාගෙ මට එය මඟ හරවා ගත හැක. එම නිසා ෆේස්බුක් තුලදී මම බොහෝදුරට සුඛ මුලධර්ම (pleasure principle) වලට අනුව නිදහසේ හැසිරීමට පෙලඹේ. උදාහරණයකට සැබෑ හමුවෙදී මට ඇසීමට නොහැකි මෙවැනි අශ්ශීල ප්‍රශ්නයක් සලකා බලමු. ” ශනුන්ද්‍රි ඔයාට තේරෙනවනේ දැන් දුන්න උත්තර දිහා බලද්දි ඔය දෙන්නා කොච්චර මෝඩද කියලා. එහෙම තියද්දී ඔයයි දසුනුයි එකතුවෙලා ළමයෙක් හැදුවොත් ඒ ළමයා කොච්චර මෝඩ වෙයිද කියලා හිතාගන්නවත් පුළුවන්ද? ” නමුත් ෆේස්බුක් අවකාශය තුලදී පික්චර් කොමෙන්ට් එකක් වශයෙන් මෙවැනි ප්‍රශ්නයක් ඉතා පහසුවෙන් ශනුන්ද්‍රිගේ ජේජයේ බිත්තියේ ඇලවීමට මට හැකියාවක් ලැබෙයි.
අදවන විට ෆේස්බුක් අවකාශය පුරා බහුලව දක්නට ඇත්තේ එසේ නිදහසේ සුඛ මුලධර්ම වලට අනුගත වන්නන්ය. ශනුන්ද්‍රි, දසුන් වැනි හිස්ටරික හැසිරීම් (hysterical behavior) සහිත ස්ත්‍රීන්ගේ හා පිරිමින්ගේ වැඩසටහන් මාධ්‍ය හරහා ප්‍රචාරය වන තාක්කල් විනෝද වන්නන් ෆේස්බුක් අවකාශය හරහා තනුක වු සදාචාරාත්මක බලපෑම් හමුවේ තවදුරටත් නිදහසේ විනෝද වෙයි. එමනිසා ඔවුන්ට දෙන අවවාද වලින් හෝ ශනුන්ද්‍රිලා සාධාරණීකරණය කිරීමෙන් එතරම් බලපෑමක් ඇතිවේ යැයි සිතිය නොහැක.
ශනුන්ද්‍රි ප්‍රියසාද් සිද්ධිය සම්බන්ධ විචාර වලට විශාල අඩුපාඩුවක්ව පැවති මනෝවිශ්ලේෂණයක් මෙන්න. ශනුන්ද්‍රි ප්‍රියසාද් සිද්ධිය සම්බන්ධ විචාර වලට විශාල අඩුපාඩුවක්ව පැවති මනෝවිශ්ලේෂණයක් මෙන්න. Reviewed by Fox Talks on 11:40 AM Rating: 5

No comments :

Powered by Blogger.