ඇමෙරිකානු වර්ගවාදය හා රැප් සංගීතය


ඇමෙරිකා එක්සත් ජනපදයේ සුදු ජාතිකයන් හා අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයන් අතර ඇති වර්ගවාදී පදනමක් සහිත අරගලය දිර්ඝ කාලයක සිට පවතින්නකි. 1964දී ගෙනා සිවිල් අයිතිවාසිකම් පිළිබද පනතෙන් ජාතිය, සමේ වර්ණය, ආගම ආදිය මුල් කොට ගෙන සිදුවන අසමානතාවයන්ට එරෙහිව නීති සම්පාදනය වුවත් කළු ජාතිකයන්ට එරෙහිව ඇති වර්ගවාදී ආකල්ප තවමත් ඇමෙරිකාවේ ප්‍රබලව පවතී. උදාහරණයකට ඇමෙරිකානු පොලීසිය විසින් කළු හෝ ලතින් ඇමෙරිකානුවන් ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමේ සම්භාවිතාව සුදු ජාතිකයෙක් නවත්වනවාට වඩා ඉහල අගයක් ගනී. නිව්යොර්ක් නගරයේ පොලීසිය විසින් නවත්වන වාහන වලින් 80% කළු හෝ ලතින් ඇමෙරිකානුවන් ගමන් කරන වාහන වනවිට සුදු ඇමෙරිකානුවෙක් ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමේ ප්‍රතිශතය 8%කි.
අප්‍රිකානු ඇමෙරිකානුවන් අතින් බිහිවු සංගීත ශෛලියක් වන රැප් සංගීතය ආරම්භයෙදී ඔවුන්ට සුදු ජාතිකයන් ආධිපත්‍යය දැරෑ සමාජය ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අකටයුතුකම් රිද්මයකට අනුව ප්‍රකාශ කිරීමේ මාධ්‍යක් ලෙස පැවතුනි. ආරම්භයෙදී පවතින ක්‍රමයට එරෙහිව හඬක් නැගීම සදහා රැප් සංගීතය යොදාගත්තත් පසුව එය පවතින ක්‍රමයට විනෝදාස්වාදය සපයන තවත් එක් ක්‍රමයක් බවට පත්වී ඇත. මෙම සංගීත ක්‍රමයේ ඇති ඉහල වෙළද වටිනාකම නිසා කළු ජාතිකයන් වශයෙන් තමාට සිදුවන අසාධාරණයන් ගැන කියවෙන ගීත වලටද ඉහළ ආර්ථික වටිනාකමක් ලැබේ. එම නිසාම කළු රැප් ගායකයෙකුට ඕනෑම වේදිකාවක තම ජාතියට සිදුවන අසාධාරණයකම් ගැන කියවෙන ගීතයක් නොබියව ගායනා කල හැක. ඇමෙරිකානු ජනප්‍රිය සංස්කෘතියේදී ඔවුන්ට ඉහල පිළිගැනීමක්ද ලැබේ. එහෙත් සමස්ථයක් වශයෙන් තවමත් ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට වර්ගවාදී ලෙස එල්ලවන පීඩනය නොනැසි පවතී. පසුගිය කාලයේ පොලීසිය මගින් වෙඩිතබා ඝාතනය කෙරැ කළු ජාතිකයන් පිළිබද සිදුවීම් වලින් එය තහවුරැවේ.
තම මිනිසුන්ට සිදුවන අසාධාරණයකම් ගැන නොබියව තම අදහස් ගීත මගින් ප්‍රකාශ කරමින් පවතින ක්‍රමයට විනෝදාස්වාදය ලබාදෙන, කෙන්ඩ්‍රික් ලීමාර් 2016 ග්‍රෑමී සංගීත උළෙල වෙනුවෙන් ඉදිරිපත් කල ප්‍රසංගය නරඹන්න.

Grammys 2016: Watch Kendrick Lamar’s stunning performance

ඇමෙරිකානු වර්ගවාදය හා රැප් සංගීතය ඇමෙරිකානු වර්ගවාදය හා රැප් සංගීතය Reviewed by Fox Talks on 12:01 PM Rating: 5

No comments :

Powered by Blogger.