සිංහල ජාතිවාදීයෝ ලග ලේ ගඳයි. පාතාල නායකයෝ ලග පිච්ච මල් සුවඳයි.




මෙය මට අහම්බෙන් දකින්නට ලැබුණු ප්‍රේෆයිල් පින්තූරයකි. එය දුටුවිට මගේ ඇගේ සුළු හිරිවැටිමක්ද ඇතිවිය. ඒ එවැනි අදහසක් දරන කෙනෙකු කොතරම් සංවේදී, පවිත්‍ර, පිරිසිදු කෙනෙක්ද යන හැගීම ඇතිවු නිසාය. මෙම වචන පේලි‍යේ මුලට ‘සිංහල’ කියන වචනයත් එකතුවුවා නම් කීමට යන දේ තව දුරටත් සාර්ථකය. එසේ කීමට හැක්කේ සිංහල ජාතිවාදයක් කියා දෙයක් හදුනා ගැනීමට නැති එහෙත් වෙනත් ජාතිවාද ඇති අවස්ථාවල මෙවැනි අදහස් පහල වීමට අවකාශයක් නොමැති නිසයි.
පින්තූරය අයිතිකරැගේ ප්‍රේෆයිලයේ ඇති අනෙක් අදහසුත් කියවීමෙන් තෙරැම් ගත්තේ මොහු මිනීමරැ සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇති රටක ඉපදුනත් ජාතිවාදී මඩ නොතැවරී පිපුණු ඕලු මලක් බවයි. තවදුරටත් එම ප්‍රේෆයිලය පිරික්සීමෙදි දුටුවේ ලංකාවේ සිටි නමගිය පාතාල නායකයන් පිරිසකගේ ඡායාරෑපයක් උත්කර්ෂයට නගා ෂෙයාර් කර තිබෙන අවස්ථාවකි. එහි අදහස් වලට අනුව පාතාල මැරයන් යනු නියම පොරවල්ය. ජාතිවාදීන් ලග ලේ ගඳ නම් පාතාල මැරයන් ලග ඇත්තේ කුමන ගඳක්ද? එහිදී එම අදහස් අතර ගොඩ නැගෙන්නේ දයලෙක්තික සම්බන්ධයකි. එමනිසා ඔහුගේ අදහස් වලට අදාල දයලෙක්තික සම්බන්ධය මේ ආකාරයෙන් දැක්විය හැකිය. ‘සිංහල ජාතිවාදීයෝ ලග ලේ ගඳයි. පාතාල නායකයෝ ලග පිච්ච මල් සුවඳයි’.
සිංහල ජාතිවාදීයෝ ලග ලේ ගඳයි. පාතාල නායකයෝ ලග පිච්ච මල් සුවඳයි. සිංහල ජාතිවාදීයෝ ලග ලේ ගඳයි. පාතාල නායකයෝ ලග පිච්ච මල් සුවඳයි. Reviewed by Fox Talks on 11:26 AM Rating: 5

No comments :

Powered by Blogger.