රාමුවක් නැති බව සැලකීම


සෑම විටම අවධාරණය කෙරෙන්නේ රාමුවෙන් පිට සිතීමේ වැදගත් කමයි. පළමුව රාමුවක් ඇතැයි සිතීමෙන් ‘දේවල්’ රාමුවෙන් පිටත හා ඇතුලත වශයෙන් පවතින බව ඒත්තු ගැන්වෙයි. රාමුව තුල තිබෙන ‘දේවල්’ සාමාන්‍ය දේවල් ලෙසත් රාමුවෙන් පිට පවතිනවා යැයි සිතන ‘දේවල්’ අසාමාන්‍ය දේවල් ලෙසත් සලකයි. යම්කිසි විෂය රාමුවක සිට එම විෂය සම්බන්ධ පරිපුර්ණ පරිචයක් ලබා ගැනීම සාමාන්‍ය දෙයකි. එම විෂයට අලුතින් දෙයක් එකතු කිරීමට රාමුවෙන් පිටතට යා යුතුය. ඒ අලුත් දෙය මුලදී අසාමාන්‍ය දෙයක් ලෙස සැලකුවත් කාලයත් සමග රාමුව ප්‍රසාරණය කරගැනීමෙන් එය සාමාන්‍ය දෙයක් බවට පත්කරගනියි. තවද කිසියම් රාමුවක් තුල පවතින හැසිරීමක් හොද හෝ පිළිගත් හැසිරීමකි. රාමුවෙන් පිටත පවතින හැසිරීම නරක හෝ නොපිළිගත් දෙයකි. රාමුවක් නැති බව සැලකීමෙන් මේ සාමානය-අසාමාන්‍ය, හොද-නරක, පිළිගත්-නොපිළිගත් ආදී ද්වතාවයන් බිද වැටේ. එවැනි තත්වයක් ගැන සිතීම පවා ව්‍යාකුල බවත් ඇති කරයි. එම නිසා මේ රාමුව කියා දෙයක් නැති බව සැලකීම සංකල්පීයව කල හැකි උවත් ප්‍රයෝගික තලයේදී අසාර්ථක වෙයි.

රාමුවක් නැති බව සැලකීම රාමුවක් නැති බව සැලකීම Reviewed by Fox Talks on 10:57 AM Rating: 5

No comments :

Powered by Blogger.