යහපාලන වාක්‍යය


 යහපාලනයේ උච්චතම මොහොත ලෙස සැලකිය හැක්කේ මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයේ සිට නිදහස් චතුරස්‍රයේ පැවති සරල උත්සවයකින් කඩිමුඩියේ දිව්රැම් දුන් අවස්ථාව අතර කාල පරාසයයි. උගත් බුද්ධිමත් ජනතාව ඒ කෙටි ක‍ාල පරාසය ගත කලේ ප්‍රීතිය ආහාරය කොට ගෙනය. යහපාලනයක් පිළිබද රොමැන්තික ෆැන්ටසිය කඩා වැටීම ආරම්භ වුයේ එම දිව්රැම් දීමේ අවස්ථාවෙන් පසුවය. ආරම්භයෙදී ඔවුන් එය හදුනාගත්තේ කඩා වැටීමක් ලෙස නොව ආකර්ෂණීය වර්ධනයක් ලෙසය. ජනාධිපතිවරයාගේ සරළ, චාම් ජිවන රටාව යන තේමාව යටතේ පැවති උගත් බුද්ධිමත් ජනතාව චූන් කිරීමේ මාධ්‍ය සංදර්ශන පෙළ මෙන්ම රාජපක්ෂවරැන් අත්අඩංගුවට ගැනීම ආදී ක්‍රියාමාර්ග නිසා යහපාලන ෆැන්ටසිය දැන් යතාර්ථයක් වී ඇති බවට උබුජ උදම් ඇනුහ. කාබන් පෑනකින් අත්සන දැමු විටත් “අප පැතු වෙනස මෙය නොවේ දැයි” යන යහපාලන වාක්‍යය නිරන්තරයෙන් පැවසුවේ එම නිසාය.
උදම් අනන්නන් විමතියට පත්වුයේ දූෂිතයන් යැයි පොදු පිළිගැනීමක් තිබු පරාජිතයන් පිරිසක් ජනාධිපතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ ලෙස පත් කිරීමත් සමඟය. එතැන් සිට සුළු උදම් ඇනීමේ අවස්ථා ලබාදුන්නත් යහපාලනවාදීන්ට වැඩිපුර කල්ගත කිරීමට සිදුවුයේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන විමතියට පත්වෙමින්ය. තමන් විමතියට පත් නොවුවන් බව ඒත්තු ගැන්වීමට “අන්න අපි ඒකයි තාමත් මේ ආණ්ඩුවට සහයෝගය දෙන්නේ” යන යහපාලන වාක්‍යයට මාරැ වීමට ඔවුන්ට සිදුවිය.
මැයි දිනය ලංවීමත් සමග දැන් විමතිය ක්ෂතියක් බවට පත්වී ඇත. පසුගිය මැතිවරණ සමයේ මහින්ද රාජපක්ෂට එරෙහිව සාර්ථකව යොදාගත් සාරැවා සුනිල්, සජින් වාස් වැන්නවුන් දැන් සිරිසේන ජනාධිපතිවරයාගේ මැයි දින සංවිධායකවරැන්ය. විමතිය පරිපුර්ණ ක්ෂතිමය අත්දැකීමක් බවට පත්වුයේ අලුත් පරපුරේ ඔලු පැලු කමල් ඉන්දිකට ආසන සංවිධායක තනතුරක් ලබාදීමෙන් පසුවය. උගත් බුද්ධිමත් ජනතාවගේ ඊළග යහපාලන වාක්‍යය කුමක් විය හැකිද?
යහපාලන වාක්‍යය යහපාලන වාක්‍යය Reviewed by Fox Talks on 12:03 PM Rating: 5

No comments :

Powered by Blogger.