අවුරුද්දට සීනි අලුවා හදමු


අලුත් අවුරැද්දට තාමත් හරිහමන් රසකැවිල්ලක් හදා ගන්ඩ බැරිවුන අපේ ගෘහනියන්ට ඉතාමත් ඉක්මනින් රසවත් රසකැවිල්ලක් හදා දෙන හැටි කියා දෙන්ඩ මම අදහස් කරා. මේ රසකැවිල්ලේ නම තමයි සීනී අලුවා. මේ recipe එක මම මීට කලිනුත් ඔයාලට දුන්නා අවුරැදු දෙකකට විතර කලින්. ඒක දැක්කේ නැති අය වෙනුවෙන් මෙන්න ආයෙත් ඒ recipe එක.
සීනී අලුවා.
අවශ්‍ය ද්‍රව්‍ය
සාමාන්‍ය අලුවා කැට 20ක්
සීනී කෝප්ප 1ක්
පත්තර පිටුවක් (අවශ්‍ය නම් පමණක්)
ට්‍රේ එකක්.
තේ හැන්දක්.
සාදාගන්නා අන්දම.
මුලින්ම ට්‍රේ එක උඩින් පත්තර පිටුව එලා රැළි නොහිටින සේ තුනී කරගන්න. ඉන්පසු කලින් සාදාගත් අලුවා කැට විස්ස පිළිවෙලකට ට්‍රේ එකේ අඩුක් කරන්න. ඉන්පසු කුඩා තේ හැන්දක් ගෙන එක අලුවා කැටයකට එක සීනී හැන්ද බැගින් අලුවා උඩින් සීනී ඉසින්න. මෙහිදී අපේ ගෘහණියන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රමාණයෙන් කුඩා තේ හැන්දක් යොදා ගන්න. මොකද වැඩිපුර සීනී එකතු උනොත් අලුවාවල රසේ වෙනසක් සිදුවෙන්න පුළුවන්. මේ ආකාරයට ඔබට අලුත් අවුරුද්දට රසවත් සීනී අලුවා සාදාගත හැකිය. – චෙෆ් ගෝඩන් රම්සේ
අවුරුද්දට සීනි අලුවා හදමු අවුරුද්දට සීනි අලුවා හදමු Reviewed by Fox Talks on 11:31 AM Rating: 5

No comments :

Powered by Blogger.