සිංහලයන්ගේ නිදහස් සටන් වලට හේතු වූ මුල බීජ විදේශිකයන් සටහන් කර තිබු අයුරු


වෛද්‍ය හෙන්රි මාර්ෂල් (Henry Marshall 1809 – 1821)
ඉංග්‍රීසින් මුහුදුබඩ පළාත්වලට පෙරළා යන්නේ කවදාදැයි කියා ඇසීමට උඩරැටියෝ පුරුදුව සිටියෝය. ඔබ රජු සිංහාසනයෙන් පහ කළාහුය. තවත් කළ යුතුදෙයක් නැත. දැන් අප අතහැර යෑම සුදුසුය. එක් උඩරැටියෙක් කීය. මහජනයා පුද්ගලයන් වශයෙන් අප අපි‍්‍රය නොකළ නමුදු ජාතියක් වශයෙන් අප පිළිකුල් කළෝය.ඉංග්‍රීසින්ට උඩරට රාජ්‍යයේ ජීවත් විය නොහැකිය යන මිත්‍යා විශ්වාසයත් ඔවුන් තුළ පැවති බවද පෙනිණි. හිංසා, පීඩා හා අයථා පාලනය ගැන අපට චෝදනා නොකළ ඔවුහු අප රට හැරයා යුතුය යන හැඟීම පමණක් පැවසීමෙන් සෑහීමට පත්වූහ.
උඩරැටියෝ ශක්‌ති සම්පන්නය. නිර්භීතය, බොහෝ රටවල කඳුකර වැසියන් මෙන් තම ජන්ම ප්‍රවේණි කඳු බිම්වලට බලවත් සේ ප්‍රේම කරති. ඔවුහූ බොහෝ අවස්‌ථාවන්හිදී නිදහස පිළිබඳ ප්‍රබල ප්‍රේමයක්‌ නොහොත් යටත් පිරීසෙයින් විදේශිකයන් විසින් ජයගනු ලැබීම පිළිබඳ බලවත් පිළිකුලක්‌ පැහැදිළි සේ පෙන්වූහ.
වෛද්‍ය ජොන් ඩේවී (Dr John Davy)
මහා බ්‍රිතාන්‍යයේ මහරජ ඔවුනට හුදු නාම මාත්‍රයක් පමණි. සැතැපුම් දහස් ගණනක් ඈතින් සිටින රජකුගේ පාලනය පිළිබඳ හැඟීමක්ද ඔවුනට නොවීය. නියෝජිතයන් මඟින් පාලනය කිරීම පිළිබඳ හැඟීමක්ද ඔවුනට නොවීය. නිතර දෙවේලේ පෙනෙන රජකු ඔවුනට අවශ්‍ය විය. එසේම ඉදිරියෙහි වැඳ වැටී යුක්තිය වහා ඉටුකරවා ගත හැකි රජකු ඔවුනට අවශ්‍ය විය. මෙය වු කලි ස්වදේශිකයන් අපට හා අපේ රජයට විපක්ෂ වී අපව පළවා හැරීම සඳහා තැත්කිරීමට තුඩුදුන් කරුණුවලින් කිහිපයකි.
උත්සව අවස්ථාවන්හිදී සිංහලයන් හැසිරුණු අන්දම උසස්ය.1817 දී පෙරහර ආරම්භයේ සිට අවසානය තෙක් මම මහනුවර සිටියෙමි. මේ මුළුකාලය තුළ මිනිසුන්ගේ හැසිරීම විනීත විය. ප්‍රශංසනීය විය. මිනිසුන් දහස් ගණනක් රැස්වසිටි නමුදු මේ මුළු කාලය තුළ කිසිදු කලකෝලහලයක් හෝ බීමත්කමක් හෝ දකින්නට නොලැබිණි. අතිශයින් විනීත ගතිපැවැතුම් ඇත්තවුන්ට පවා ලැජ්ජාවීමට අවස්ථාවක් නොවීය. අතිවිශිෂ්ට පුද්ගලයන්ට පවා නොකැලඹුණ හැඟීම් සහිතව ඉන්නට ඉඩ ලැබිණි.

සිංහලයන්ගේ නිදහස් සටන් වලට හේතු වූ මුල බීජ විදේශිකයන් සටහන් කර තිබු අයුරු සිංහලයන්ගේ නිදහස් සටන් වලට හේතු වූ මුල බීජ විදේශිකයන් සටහන් කර තිබු අයුරු Reviewed by Fox Talks on 10:59 AM Rating: 5

No comments :

Powered by Blogger.