We have no feelings, we have emoticons




ඇතැම් සමාජවල දක්නට ලැබෙන ලක්ෂණයක් නම් නිවසක යම්කිසි පුද්ගලයෙක් මියගිය පසු නිවැස් හිමියන් තමා වෙනුවෙන් හඩා වැළපීමට කුලියට අඩන ගැහැණුන් යෙදවීමය. ඔවුන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් වෙනුවෙන් ශෝක වෙයි. ඒ අතරතුර ඥාතීන්ට එම කාලයෙදී තමන්ට ප්‍රයෝජනවත් වෙනත් කාර්යක නියැලීමට හැකිය. අවමංගල්‍යය උත්සවයේ ඉදිරි කටයුතු හෝ මියගිය පුද්ගලයාගේ දේපොළ බෙදාගන්නා ආකාරය හෝ සාකච්ඡා කලහැක. එහිදී සිදුවන්නේ අපගේ අභ්‍යන්තරයෙන් නිරායාසයෙන් පැමිණිය යුතු හැඟිම් අප වෙනුවෙන් අනෙකෙක් විසින් ඉදිරිපත් කිරීමයි. වෙහෙසකාරී දිනයක් අවසානයෙදී රෑපවාහිනිය ඉදිරිපිට වාඩිවී නරඹන හාස්‍යජනක නාට්‍යයක කොටස් වලට අනිවාර්යයෙන්ම හිනාවීමේ අවශ්‍යතාවයක් දැන් පැන නගින්නේ නැත. අපට නිසොල්මනේ රෑපවාහිනී තිරය දෙස බලාගෙන සිටිය හැක. අප වෙනුවෙන් අවශ්‍ය තැන් වලදි හිනාවත් (canned laughter) රෑපවාහිනිය විසින්ම සිදුකරනු ලබයි. subject එක වෙනුවට object එක ක්‍රියාත්මක වීමක් මෙහිදී සිදුවේ.
මැසෙන්ජර්, වයිබර්, වට්ස්ඇප් ආදිය තුලින් සිදුවන අදහස් හුවමාරුවෙදී smileys, emoticons, emojis හරහාද අප වෙනුවෙන් අපගේ හැඟීම් ප්‍රකාශ කිරීමට හැකියාවක් ලැබේ. අනෙකා පවසන දුක්ඛිත කතාවකට අපට කිසිදු හැඟීමක් පහල නොවුනත් ඒම හැඟිමට අදාල මුහුණක් [ 😦 ] යවා අපගේ ශෝකය දැක්විය හැක. සැබෑවටම අපට ඒ අතරතුර කිසිවක් සිදු නොවුනා සේ අපගේ කටයුතු නොකඩවාම කරගෙන යාහැක. අප වෙනුවෙන් අපගේ හෘදයාංගම පණිවිඩය අප යැවු මුහුණත හරහා නිරෑපණයවේ. සංවාදය කොතරම් නීරස වුවත් හිනා මුහුණක් [ 😀] [ (Y) ] යැවීම මගින් අප තවදුරටත් සංවාදයට උනන්දුවෙන් සම්බන්ධ වන බවට ඇගවිය හැක. ඊළඟ පණිවිඩය පැමිණෙන තෙක් අප ප්‍රියකරන වෙනත් දෙයක් සමග සම්බන්ධ විය හැකිය. emoticons අප වෙනුවෙන් අපගේ සමාජ සම්බන්ධතා ආරක්ෂා කර දෙයි. මේ යුගයෙදී අපට ඇත්තේ හැගීම් දැනීම් නොව emoticonsය.
We have no feelings, we have emoticons We have no feelings, we have emoticons Reviewed by Fox Talks on 11:20 AM Rating: 5

No comments :

Powered by Blogger.