අයි.ටී වෘත්තිකයන්ගේ සීපා විරෝධය

අයි.ටී වෘත්තිකයන් සීපා ගිවිසුම නිසා තමන්ගේ රැකියා ගැන ඇතිවු අනාරක්ෂිතභාවය මග හරවා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීමට යොමුවී සිටියි. රැකියාවේ ස්භාවය අනුව ඔවුන් අන්තර්ජාලය කෙන්ද්‍ර කරගත් ක්‍රියාමාර්ග වලට යොමුවීමත් අපේක්ෂා කලහැකි තත්වයකි. ඒ අතරින් මේ දිනවල ජනප්‍රිය අන්තර්ජාල පෙත්සම් ප්‍රධාන තැනක් ගනී. පවතින තත්වයන් යටතේ අන්තර්ජාල පෙත්සමක් නිසා රජය තම ප්‍රතිපත්ති වෙනස් කිරීමට තරම් සංවේදී වෙතැයි අපේක්ෂා කල නොහැක. පෙත්සමකින් ඉටුවිය යුතු මුලික කාරණා ඉටු නොවුවත් අන්තර්ජාල පෙත්සම් මගින් ඉටුවන සෙසු කාරණා දෙකකි.

  • පෙත්සම ගැසීමට හේතුවු කාරණය ගැන අවශේෂ ජනයා වඩාත් දැනුවත් වීම.
  • රජයේ ජනතා හිතවාදී නොවන වැඩ පිළිවෙලකට එරෙහි වුවා කියා සියුම් විප්ලවීය මානසික තෘප්තියක් ලැබීම.
රජයට දැනෙන මට්ටමේ ප්‍රතිවිරෝධයක් අන්තර්ජාලය හරහා එල්ල කිරීමට නම් අැනෝනිමස් පන්නයේ හැකර් ප්‍රහාරයක්වත් දියත් කලයුතුය. එසේත් නැතිනම් සෙසු වෘත්තිකයන් මෙන් තමන්ගේ විරෝධතා ව්‍යාපාර බිම් මට්ටමට රැගෙන ආ යුතුය. තමන් අන්තර්ජාලයෙන් ආණ්ඩු පෙරලුවා, ඕනනම් මේ ආණ්ඩුවත් පෙරලනවා වැනි කයිවාරැ ගසමින් සිටි ඇතැම් අයි.ටී වෘත්තිකයන්ගේ ඇස් ඇරවීමට වැදුන කනේ පහරක් ලෙසත් මෙම සිදුවීම දැක්විය හැක. ඉදිරියෙදී ඔවුන්ට සයිබර් සඳළු තලයෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට බැසීමටත් සිදුවනු ඇත.
අයි.ටී වෘත්තිකයන්ගේ සීපා විරෝධය අයි.ටී වෘත්තිකයන්ගේ සීපා විරෝධය Reviewed by Fox Talks on 11:52 AM Rating: 5

No comments :

Powered by Blogger.