චම්පික රණවක





මාස කිහිපයකට පෙර චම්පික රණවක යනු බහුතරයක් ජාතිකවාදී මත දරන්නන්ගේ ප්‍රමුඛ දේශපාලන පරමාදර්ශයක් විය. ඒ බොහෝදෙනා තම දේශපාලන මතවාද සකසා ගැනීමෙදි චම්පිකව ආදර්ශයට ගැනීම බහුලව සිදුවුවකි. එම කාලයෙදි ජනාධිපති පදවියට වඩා සුදුසු මහින්දද චම්පිකද යන තේරීම් දෙකෙදි බහුතරයක් ජාතිකවාදීන්ගේ තේරීම වුයේ චම්පිකය. ඒ තරමට ඔහුට ජාතිකවාදී නායකයෙකු ලෙස පිලිගැනීමක් තිබුණි. දැන් ජාතිකවාදීන් සියල්ලම හුදු මහින්දවාදීන්ම පමණක් යැයි එල්ල කරන චෝදනාව කෙතරම් සාධාරණදැයි සිතා බැලිය යුතුය. දැන් ජාතිකවාදීන් මහින්දට සහය පලකරන බව සැබෑය. නමුත් එය හුදු කැපුවත් නිල් හෝ කැපුවත් කොළ පන්නයේ සහය දැක්වීමක් නොවන බව තේරැම් ගත යුතුය.
චම්පික ප්‍රමුඛ හෙළ උරැමය පසුගිය නොවැම්බරයේදී ආණ්ඩුවෙන් ඉවත්වන විටත් ජාතිකවාදීන් එයට විරෝධයක් දැක්වුයේ නොමැති තරම්ය. නමුත් හෙළ උරැමය මෛත්‍රීට සහය දැක්වීමට තීරණය කිරීමත් සමග බොහෝදෙනා වික්ෂිප්තභාවයට පත්විය. සමහර ජාතිකවාදීන් ජනාධිපතිවරණයට සහය දැක්විම සම්බන්ධයෙන් නිෂ්ක්‍රීය පිළිවෙතක් අනුගමනය කිරීමට පවා යොමුවිය. නමුත් ටික දිනකින් බහුතරයක් ඔවුන් චම්පිකව ස්ථිර ලෙසින්ම අතහැර දැමීමට පටන්ගත්හ. ඒ කලක් ප්‍රබලව බෙදුම්වාදය වෙනුවෙන් පෙනිසිටි පිරිස් රාශියක් මෛත්‍රී පාලනයකට සහය දැක්වීමකට ඉදිරිපත්වීමත් සමගය. මතුවුණු ප්‍රධාන ගැටලුව නම් බෙදුම්වාදයට එරෙහිව ඒකීය රාජ්‍යක් වෙනුවෙන් පෙනීසිටි චම්පික වැන්නෙකු මේ බෙදුම්වාදී අදහස් දරන පිරිස් සමග කටයුතු කරන්නේ කෙසේද යන්නයි. නමුත් ජනාධිපතිවරණයට පෙරත් පසුවත් ජාතිකවාදීන් ඒ සම්බන්ධයෙන් නැගු ප්‍රශ්නවලට පිළිතුරැ දෙනවා වෙනුවට චම්පික ප්‍රධාන වශයෙන් සිදුකලේ හුදු විවේචනයන් ඉක්මවා ගිය වෛරී ස්වරෑපයකින් මහින්දට බැණ අඩගැසීමක් පමණි. චම්පික හා මහින්ද අතර පැවතුණේ කුමන ආකාරයේ ගැටුමක්ද කියා අප පැහැදිලිව නොදනිමු. නමුත් චම්පික ප්‍රමුඛ හෙළ උරැමයේ අනෙකුත් සාමාජිකයන්ගෙනුත් තවත් එළියට පනින්නේ දැඩි මහින්ද වෛරයකි.
බහුතරයක් ජාතිකවාදීන් විශ්වාස කරේ චම්පික මෙරට ජනාධිපති පදවියට පත්වීමට පවා සුදුසු පුද්ගලයෙකු කියාය. සමහරවිට චම්පිකටත් එවැනි අපෙක්ෂාවක් තිබෙනවා වන්නට පුළුවන. නමුත් චම්පික දැන් සිටින්නේ ඔහු ජනාධිපතිකමටත් සුදුසුයැයි කියු පිරිස සහයෝගය දක්වන දේශපාලන මතවාදය ඉදිරියට ගෙනයන කණ්ඩායම් සමග නොවේ. දැන් ඔහු සිටින්නේ කලින් ඔහුට ජාතිවාදීයෙක් කියා ලේබල් ගැසු අය සමගය. ඔවුන් චම්පික වැන්නෙක් මෙරටේ ජනාධිපති වනවා දකින්නට කැමති වන්නේ යැයි සිතිය නොහැක. පැහැදිලිව කිවහොත් චම්පික යහපාලනයට සහය දැක්වුවා කියා යහපාලනයට සහය දක්වන අනෙක් පිරිස් චම්පිකට සහය දක්වන්නේ නැත. චම්පිකට තමන් කැමති දේශපාලනයක නිරත විය හැකිය. එහෙත් ඔහු තේරැම්ගත යුතු සත්‍යනම් ඔහුව දවසක ජනාධිපති පදවිය දක්වා ඔසවා තැබිය හැකි පිරිස් දැන් ඉන්නේ ඔහුට විරැද්ධ මතවාදයක බවයි. දැනට පෙනෙන තත්වය අනුව ඔහු බහුතරයක් ජාතිකවාදීන්ගේ සහය සහ විශ්වාසය අහිමි කරගෙන ඇත. එහෙත් කිසිදෙයක් නිශ්චිත වශයෙන් පුරෝකතනය කල නොහැකි දේශපාලනයේදී ඉදිරි දිනක තැනේ හැටියට ඇණේ ගසමින් නැවත ජාතිකවාදීන්ගේ සහය ලබාගැනිමට චම්පික කටයුතු කරනු ඇත. දැන් නැවතත් ඔහු ඒ සදහා පසුබිම සකස් කරමින් සිටි. එමනිසා ජාතිකවාදීන්ගේ චම්පික විරෝධය විමල් විරවංශ පරාරෝපණය වුවන්ගේ විලාපයට වඩා වෙනස් විය යුතුය
චම්පික රණවක චම්පික රණවක Reviewed by Fox Talks on 11:25 AM Rating: 5

No comments :

Powered by Blogger.