සැන් ඇන්ඩ්‍රීයාස් (San Andreas – 2015)





සැන් ඇන්ඩ්‍රීයාස් (San Andreas – 2015) නම් Disaster film වර්ගයේ චිත්‍රපටයේ දැක්වෙන්නේ තම බිරිඳ සමග දික්කසාද වීමට අාසන්නයේ සිටි හෙලිකොප්ටර් නියමුවෙකු එම දික්කසාද ලියකියවිලි වලට අත්සන් කිරීමට පෙර ඇතිවු විශාල භුමිකම්පාවකට මැදිවු තම දියණිය බේරාගැනීමට බිරිඳත් සමග කරන අරගලයක් අවසානයෙදී දික්කසාදය පසෙකලා නැවත පවුලක් වශයෙන් එකතුවීමට ලැබීමේ සිදුවීමක්ය.
චිත්‍රපටය ආරම්භයේදි සාමාන්‍ය නගරයක සාමාන්‍ය ජීවිතයක්ගතකරමින් සිටි පවුලක් යම් හේතුන් නිසා කැඩිබිදී යාමට නියමිතව තිබු නමුත් චිත්‍රපටය අවසානයෙදි එම පවුල නැවත එකට එක්වන අතර එම සිදුවීම් කේන්ද්‍රගතවු නගරය කැඩිබිදී විනාශ වී යයි. සාමාන්‍ය මිනිස් සබඳතා මගින් යථා තත්වයට පත්කර ගැනීමට නොහැකිව තිබු පවුලක එකමුතුව සිදුවු යම්කිසි අනපේක්ෂිත සිදුවිම් දාමයක් නිසා නැවත ඇතිකර ගැනීමට හැකියාවක් ලැබේ. මෙම අනපේක්ෂිත සිදුවීම් දාමයට මුහුණ පෑම නිසා ඇතිවන ක්ෂතිමය අත්දැකීම පවුලේ සාමාජිකයන් නැවත එක්කිරීමේ බලවේගය ලෙස ක්‍රියාකරයි.
චිත්‍රපටයේ ආකාරයට ක්ෂතිමය අත්දැකීමක් ලැබීමට හේතුව වන භුමිකම්පාවට ඔවුන් මුහුණ නොපෑවානම් අර්බුදයකට යාමට නියමිතව තිබ්බේ ඔවුන්ගේ ජීවිතයි. (සැමියා බීමට යොමුවීම, දියණිය අධ්‍යාපනය කඩාකප්පල් කරගැනීම, ආතතිය ඇතිවීම, ජීවිතයේ අර්ථයන් මුදල් මතම තීරණය කරන නව සැමියා නිසා බිරිඳට මුහුණ පෑමටවන නව තත්වයන්) නමුත් සිදුවු භෞතික හානිය නිසා නගරය අර්බුදයකට ගොස් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවී ඇත. චිත්‍රපටය ඔස්සේ අපට තෙරැම්ගත හැක්කේ අද්භූත, අනපේක්ෂිත ක්ෂතිමය අත්දැකීම් හරහා නොගොස් සාමාන්‍ය තත්වයන් යටතෙදී සමකාලීන සමාජයේ ගිලිහියන මිනිස් සබදතා ප්‍රතිස්ථාපනය කිරීම අසීරැවී ඇති බවයි.
සැන් ඇන්ඩ්‍රීයාස් (San Andreas – 2015) සැන් ඇන්ඩ්‍රීයාස් (San Andreas – 2015) Reviewed by Fox Talks on 11:38 AM Rating: 5

No comments :

Powered by Blogger.