බ්‍රෑන්ඩඩ් යට ඇඳුම් සහ අධි පරිභෝජනය

 


අධි පරිභෝජනය කප්පාදු කොට ආදායමට අනුව වියදම සකස් කරගැනීමේ වැදගත්කම බ්‍රෑන්ඩඩ් යට ඇඳුම් සමඟ උඩට මතුවී තිබේ. අධි පරිභෝජනයට පෙළඹවීමක් ඇති කරවන සමස්ත චින්තනයේ වෙනසක් සිදුනොවී ආර්ථික අවපාතයන්ට දක්වන තාවකාලික ප්‍රතිචාර තුලින් පමණක් වෙනසක් සිදුවේද? එවැනි සීමා කිරීම් වලින් සිදුවිය හැක්කේ එම භාණ්ඩ සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති අර්චනකාමයන් ඉස්මතුවී පෙරටත් වඩා ඒවා අත්පත් කරගැනීමේ අවශ්‍යතාවයක් ඇතිවීමය. සෑම දෙනාම කතා වෙන පමුණුවේ ජොකෙකුට වඩා Calvin Klein ⁣බොක්සරයකට ආකර්ශනය වැඩි වන්නේ එහි කල් පැවැත්ම හෝ උසස් නිමාව නිසා පමණක්ද? දේශීයත්වය මත පදනම්ව පිරිසක් යෝජනා කරන්නේ ඩොලර් වියදම් කොට භාණ්ඩ ගෙන්වීම නවතා එම භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කරවාගෙන පරිභෝජන පුරුදු අඛණ්ඩව පවත්වා ගැනීමටය. පරිභෝජන අවශ්‍යතා සීමා කරන විට මානව හිමිකම් වැනි ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග ඔස්සේ එම සීමා ඉවත් කර දැමිය හැකිය. සමස්ත චින්තනයේම වෙනසක් අවශ්‍ය වන්නේ මේ නිසාය. 

දශක තුන, හතරකට පෙර අපගේ වැඩිහිටි පරම්පරාවේ පරිභෝජන පුරුදු දෙස බලමු. ඉඩම්කඩම්, වතුපිටි වල⁣ට තෘෂ්ණාවකින් පෙලුනත් භාණ්ඩ පරිභෝජනය අතින් ඔවුන්ට තිබුණේ සීමිත අවශ්‍යතා ප්‍රමාණයකි. අපට ඇත්තේ භාණ්ඩ පරිභෝජනය පිළිබඳ ඔවුන්ගේ මෙන් සරළ සිතීමකට නැවත යාමට ඇති අපහසුවය. පරිභෝජනවාදී පුරුදු තුලින් අනන්‍යතාවයක් ගොඩනඟාගෙන ඇති නවසීලන්ත පුරවැසියෙකුට නැවත එවැනි තත්වයකට ලඟාවීමට කිසියම් හෝ පෙළඹවීමක් කිරීමට හැක්කේ Minimalism වැනි බටහිර ජනප්‍රිය වෙමින් පවතින රැඩිකල් ලෙස අධි පරිභෝජනය අධෛර්යමත් කරන සංකල්ප හරහාය. ඒවාත් කොතරම් දුරකට සාර්ථක ද කියා කිව නොහැක.

Macklemore x Ryan Lewis "WINGS" Official Music Video



බ්‍රෑන්ඩඩ් යට ඇඳුම් සහ අධි පරිභෝජනය බ්‍රෑන්ඩඩ් යට ඇඳුම් සහ අධි පරිභෝජනය Reviewed by Fox Talks on 9:02 AM Rating: 5

No comments :

Powered by Blogger.