කෝවිඩ් ගෝත්‍රික සමාජය


 ප්‍රාථමික සමාජ ක්‍රම තුලදී තම පැවැත්ම තහවුරු කරගත හැකිවූයේ මූලික වශයෙන් ශරීර ශක්තිය හා උපායශීලීත්වය වැනි කාරණා මත වන අතර නීතියේ පිළිසරණක් බලාපොරොත්තු විය නොහැකි විය. සත්ව ලෝකය ක්‍රියාත්මක වන්නෙත් ඒ ආකාරයටය. ඇපොකැලිප්ටෝ චිත්‍රපටයේ එක් දර්ශනයක දැක්වෙන්නේ එක් ගෝත්‍රයක ග්‍රහණයට හසුවී සිටින තවත් ගෝත්‍රිකයන් පිරිසකට නිදහස ලබා දෙන අවස්ථාවකි. විශාල එළිමහන් භූමියක එක කෙළවරක සිටින සිරකරුවන් මුදාහල විට එළිමහන් භූමිය හරහා ගොස් එහා කෙළවරයෙන් පටන් ගන්නා වනාන්තරයට රිංගා ගතහොත් නිදහස ලබාගත හැකිය. නමුත් ඒ අතරතුර බලසම්පන්න ගෝත්‍රයේ හෙල්ල සහ ඊතල පහරවල් දිවයන සිරකරුවන්ට එල්ල වේ. දිවීම පටන් ගන්නා ස්ථානයත් වනාන්තරයේ කෙළවරත් අතර එළිමහන් භූමිය කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවන ප්‍රාථමික අවකාශයකි. ශරීර ශක්තිය හා උපායශීලීත්වය පලායන්නාගේ පැවැත්ම තහවුරු කරයි.


කෝවිඩ් ව්‍යාප්තිය ද මේ වනවිට අපව රැගෙනවිත් ඇත්තේ එවැනි ප්‍රාථමික සමාජ සැකැස්මක් කරාය. වෛරසයෙන් බේරීම සඳහා පනවා තිබූ නීති රීති - සංචරණ සීමා, මීටරයේ පරතරය, ඒකරාශී වීම - දැන් දැඩිව බලපැවැත්වෙන්නේ නැත. දැන් අපගේ පැවැත්ම තහවුරු කරගත හැක්කේ වෛරසයට එරෙහිව තම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රභලතාවය  (+ එන්නත) හා නීතිය දැඩිව ක්‍රියාත්මක නොවන පරිසරයක වෛරසය ආසාදනය වීමෙන් වැළකීමට උපායශීලීව හැසිරෙන ආකාරය මතය. 
කෝවිඩ් ගෝත්‍රික සමාජය කෝවිඩ් ගෝත්‍රික සමාජය Reviewed by Fox Talks on 7:39 AM Rating: 5

No comments :

Powered by Blogger.