වසවිස සහිත ආහාර ඉතාමත් පිරිසිදුව හා ඉහළ ප්‍රමිතියකට අනුව පරිභෝජනය කිරීම සඳහා IELTS විභාගයට මුහුණ දෙමු





මෙම අදහස දක්නට ලැබුණේ පිළිකාකාරක සහිත පොල්තෙල් සම්බන්ධ සිදුවීම කාලයේය. මෙයින් දීමට උත්සහ කරන පණිවිඩය නම් ලංකාව වැනි ඌන සංවර්ධිත, දුෂිත පාලකයන් සිටින රටවල්වල ජීවත්වීම නිසා සිදුවන්නේ වසවිස පිරුණු ආහාර පරිභෝජනය කොට නිකරුණේ ලෙඩ රෝග සාදාගැනීමට බවත්, ඒ නිසා හැකි ඉක්මනින් එවැනි තත්වයන් නොමැති සංවර්ධිත බටහිර රටවල් බලා සංක්‍රමණය වියයුතු බවත්ය. 


ලංකාවේ ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය ගැන හා බටහිර දියුණු රටවල ඇති ආහාරවල ගුණ අගුණ ගැන ඕනෑතරම් කරුණු සොයාගත හැකිය. දැන් ලෝකයේ කුමන රටක වුවත් වසවිස නැති, ජාන වෙනස් නොකරන ලද, ස්භාවික ආදී වශයෙන් ආහාර වෙන් කර සොයාගැනීමට අපහසුය. මෙම තත්වය නිසා ලෝකයේ කොහේ සිටියත් ආහාර වලින් සෑදෙන රෝගාබාධ වලින් වැළකීමට නොහැකි තත්වයක් උදාවී ඇත. උදාහරණයකට දියවැඩියා දත්ත සැලකීමේදී වැඩිම රෝගීන් පිරිසක් සිටින්නේ චීනයේය. එක්සත් ජනපදය හැරුණු විට එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ සංවර්ධනය වෙමින් පවතින කැටගරියට වැටෙන රටවල්ය. පිළිකා දත්ත සැලකීමේදී ලෝකයේ වැඩිම පිළිකා රෝගීන් අනුපාතයක් වශයෙන් ගත්කල සිටින්නේ ඔස්ට්‍රේලියාවේය. ඒ පුද්ගලයන් 100,000කට 468 දෙනෙක් ලෙසය. එම ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ බටහිර සංවර්ධිත රටවල්ය. පිළිකා ඇතිවීමට බලපාන විවිධ හේතු අතර ආහාර රටාවේ බලපෑම ද ප්‍රධාන තැනක් ගනියි. පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ නංවන ආහාර ලෙස හඳුනාගෙන ඇති ආහාර වලට, බේකන්, සොසේජස්, හොට් ඩෝග්ස්, හැම්, ස්ටේක් වැනි සැකසු මස් වර්ග ද ගැඹුරු තෙලේ බැද ගන්නා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ද අයත් බව දැක්වේ. 


නමුත් මේ ආහාර කොතරම් ශරීර සෞඛ්‍යයට හානිදායක වුවත්, අප රටවල් වලට වඩා ඒවායේ වෙනසක් වෙයි. අන්තර්ගතය කුමක් වුවත් ඒවා පිරිසිදුබව, කල් ඉකුත්වීමේ දින, ඇසුරුම්කරණය, ගබඩා කිරීම ආදී නිර්නායක වලින් ඉදිරියෙන් තිබේ. උදාහරණයකට මැක්ඩොනල්ඩ් ක්ෂනික ආහාර සම්බන්ධව ඇත්තේ එතරම් සෞඛ්‍ය සම්පන්න ප්‍රතිරූපයක් නොවේ. ඒ ඒවායේ අධික ප්‍රතිශත වලින් පවතින සොඩියම්, මේදය හා සීනි ආදිය නිසාය. ආහාරවල අඩංගු දෑ එසේ වුවත් ආහාර පිළියෙල කිරීමේ ක්‍රමවේදයන් ඉතාමත් ඉහළ සෞඛ්‍යාරක්ෂිත ප්‍රමිතීන්ගෙන් යුක්තය. මැක්ඩොනල්ඩ් සේවකයන්ගේ කොණ්ඩය, රැවුල, නියපොතු ආදිය සම්බන්ධව ද පිළිවෙළක් ඇත. 


මේ අනුව මහරගමසේකර යෝජනා කරන්නේ වසවිස සහිත ආහාර ඉතාමත් පිරිසිදුව හා ඉහළ ප්‍රමිතියකට අනුව පරිභෝජනය කිරීම සඳහා IELTS විභාගයට මුහුණ දියයුතු බවය.

වසවිස සහිත ආහාර ඉතාමත් පිරිසිදුව හා ඉහළ ප්‍රමිතියකට අනුව පරිභෝජනය කිරීම සඳහා IELTS විභාගයට මුහුණ දෙමු වසවිස සහිත ආහාර ඉතාමත් පිරිසිදුව හා ඉහළ ප්‍රමිතියකට අනුව පරිභෝජනය කිරීම සඳහා IELTS විභාගයට මුහුණ දෙමු Reviewed by Fox Talks on 8:15 AM Rating: 5

No comments :

Powered by Blogger.