කෘත්‍රීම බුද්ධිය සහ සවිඥානකත්වය

 

Image: Robot Bartender in Passengers (2016) movie


කෘත්‍රීම බුද්ධියට සවිඥානකත්වය (consciousness) අත්කර ගැනීමට හැකිද යන්න ගැන සංවාද කිහිපයක් කියවා බැලුවෙමි. මේ දිනවල ප්‍රසිද්ධියට පත්වී ඇති කෘත්‍රීම බුද්ධිය මත පදනම් වූ ChatGPT මෘදුකාංගය හා සවිඥානකත්වය ගැන ද එවැනි අදහස් හා සංවාද දක්නට ලැබේ. 


ChatGPT අතුරු මුහුණත හරහා කරන සංවාද වලදී සැබෑ මිනිසෙක් ලෙසම චතුර ලෙස සංවාදයේ යෙදෙන නිසා එහි සවිඥානකත්ව ලක්ෂණ ඇතැයි ඇතැමුන් විශ්වාස කිරීමට පෙළඹි ඇත. නමුත්, ඒ සම්බන්ධව ChatGPT තුලින්ම විමසීමක්  කලහොත් තමාට සවිඥානකත්වයක් නැතිබව ප්‍රකාශ කරයි.  කුමන ආකාරයෙන් ඒ පිළිබඳ විමසුවත් තමන් කෘත්‍රීම බුද්ධිය මත පදනම් වූ language model එකක් හැර විඤ්ඤාණයක් සහිත සත්වයෙක්ය යන්න ප්‍රතික්ෂේප කරයි. 


Q: Are you a conscious being?


A: No, I am not a conscious being. I am an artificial intelligence language model created by OpenAI, which means that I operate based on programming and algorithms rather than having subjective experiences or consciousness. While I am designed to simulate human-like conversations and respond to various prompts, I do not possess emotions, intentions, or beliefs like a conscious being.


Q: do you have a consciousness?


A: As an artificial intelligence language model, I do not have consciousness. I am a machine learning model designed to process and generate text based on patterns in large datasets. While I can simulate conversation and generate responses, I do not have subjective experiences or consciousness like a conscious being. My responses are based on the patterns in the data I have been trained on, and I do not have any personal feelings or opinions.


Q: what is your internal state?


A: As an artificial intelligence language model, I do not have an internal state in the same way that conscious beings do. My "thoughts" and responses are generated by algorithms and programming based on the input I receive. Essentially, my "state" is a set of mathematical parameters and data structures that allow me to process and generate text in response to user input. While I can "remember" some information from previous interactions, this is simply stored data that is used to inform my future responses, rather than a true internal state


මෙම හැසිරීමට හේතුවක් ලෙස සඳහන් වන්නේ යම් හෙයකින් ChatGPT තමන්ට සවිඥානකත්වයක් ඇතැයි ප්‍රකාශ කලහොත් ඇතිවිය හැකි ආන්දෝලනාත්මක තත්වය මඟ හැරීමට එහි නිර්මාණකරුවන් එවැනි සංවේදී ප්‍රශ්න වලට එවැනි සෘජු පිළිතුරු ලබාදීමට පුහුණු කරවා ඇති බවයි. මීට පෙර Google සමාගමේ ඉංජිනේරුවෙක් ඔවුන්ගේ LaMDA ට සංවේදනා දැනෙන බව පැවසීම නිසා මහත් ආන්දෝලනයක් ඇතිවිය.


නමුත්, ChatGPT වැනි කෘත්‍රීම බුද්ධිය පුහුණු කරවා ඇත්තේ සවිඥානක මිනිසුන් විසින් නිර්මාණය කර ඇති දත්ත විශාල ප්‍රමාණයක් අනුසාරයෙන් නිසා ChatGPT සංවාද වලදී ලැබෙන පිළිතුරු දෙස බැලිමේදී ඒවා සැබෑ මිනිසෙක් සපයන පිළිතුරු ලෙස හැඟී යා හැකිය. යම් හෙයකින් කෘත්‍රීම බුද්ධිය මත පදනම් වූ රොබෝවරයෙකුට අපගේ මුහුණේ හා ශරීරයේ ඉරියව්, ගඳ සුවඳ, ස්පර්ශයන් වැනි සංවේදනා ග්‍රහණය කරගැනීමට හැකිනම් සහ ඒවා පදනම් ව ප්‍රතිචාර සකස් වෙනවානම් සවිඥානකත්වය පිළිබඳ හැඟීම තවදුරටත් ඒත්තු ගැන්වීමට හැකිවනු ඇත. නමුත්, සැබෑවටම කෘත්‍රීම බුද්ධියට සවිඥානකත්වය අත්කර ගැනීමට හැකිද? එයට පෙර සවිඥානකත්වය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යැයි නිරාකරණය කරගත යුතුය. සවිඥානකත්වය යනු අත්දැකීම් ලබාගැනීමට ඇති හැකියාව, තමා ගැනම ඇති දැනුවත්භාවය වැනි විවිධ නිර්වචන දක්නට ලැබේ. 


සවිඥානකත්වය යනු කුමක් ද යන්නට පැහැදිලි නිර්වචනයක් නොමැති වුවත්, ද්‍රව්‍යවාදී පදනමකින් සිතන පිරිසේ අදහස වන්නේ කෘත්‍රීම බුද්ධියට කවදාහෝ සවිඥානකත්වය අත් කරගත හැකි බවයි. එවැනි අදහස් දෙකක් පහත දැක්වේ.


➡️ මොළය සෑදී ඇත්තේ භෞතික විද්‍යා මූලධර්ම වලට අනුකූල වන සාමාන්‍ය ද්‍රව්‍ය වලින්ය. කෘත්‍රීම බුද්ධිය සහිත යන්ත්‍රයකට සවිඥානක වීමට නොහැකිය යැයි පැවසූ විට හැඟවෙන්නේ භෞතික විද්‍යාවට ලඟා විය නොහැකි යම්කිසි අත්භූත සංඝටකයක් මොළයේ අඩංගු වන බවය. සැබැවින්ම එය එසේ නොවන නිසා කෘත්‍රීම බුද්ධියට යම්කිසි දිනක සවිඥානකත්වය අත් කරගත හැකිය.


➡️ මොළය සැදී ඇත්තේ එකිනෙකට සම්බන්ධ වී ඇති නියුරෝන ජාලයකිනි. සවිඥානකත්වය ඇතිවී තිබෙන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය නිසාය. එයින් පැහැදිලි වන්නේ අවශ්‍යනම් ජීව විද්‍යාත්මක නොවන ස්ථරයක් මත මොළයේ ක්‍රියාකාරීත්වය අනුකරණය කලහැකි සවිඥානක කෘත්‍රීම බුද්ධිය නිර්මාණය කිරීමේ හැකියාවක් තිබෙන බවයි. 


සාමාන්‍යයෙන් අපට විඤ්ඤාණය ක්‍රියා කරන සංකීර්ණ ස්භාවය ගැන ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට නොහැකිය. එමෙන්ම, අප ඉදිරියේ සිටින අයෙක් සවිඥානක සත්වයෙක් ද කියා නිවැරදිව දැනගැනීමට හැකියාවක් අපට නැත. ඒ සවිඥානකත්වය ආත්මීය (subjective) අත්දැකීමක් බැවිනි. අපගේ ආත්මීය අත්දැකීම් අනුව කල හැක්කේ මා ඉදිරියේ සිටින කෙනාද මා මෙන්ම සවිඥානක සත්වයෙක් කියා උපකල්පනය කිරීම පමණි. Passengers (2016) චිත්‍රපටයේ ⁣රොබෝ බාර් සේවකයෙකු සැබෑ පුද්ගලයෙකු කියා ජිම් සිතන්නේ රොබෝවරයා ස්භාවික මිනිස් හැසිරීමට සමාන ලෙස හැසිරෙන නිසාය. යම් හෙයකින් එම රොබෝවරයාට පහර දුන්හොත් තමන් වේදනාවට පත්වූයේ යැයි අභිනය කලහැකි වුවත් සැබෑවටම වේදනාව නම් ආත්මීය අත්දැකීම ඇතිවන්නේ නැත. මෙය philosophical zombie නම් චිත්ත පරීක්ෂණයේ අදහසට සමාන වේ.


සවිඥානක පුද්ගලයෙක් ලෙස හැඟි යා හැකි මට්ටමින් මිනිස් ස්භාවයන් අනුකරණය කලහැකි කෘත්‍රීම බුද්ධියක් නිර්මාණය කලහැකි වුවත් පරිපූර්ණ සවිඥානකත්වයක් අත් කරගැනීමට නොහැකිය යන්න මාගේ අදහසයි. මා සිතන්නේ සවිඥානක මිනිසෙකු හා කෘත්‍රීම බුද්ධිය අතර පවතින ප්‍රධානතම වෙනසක් වන්නේ සැබෑ මිනිසෙකුට මම, මාගේ, මාගේ ආත්මය වැනි හැඟීමක් ඇති කරගැනීමට ඇති හැකියාව බවය. කෘත්‍රීම බුද්ධියට එවැනි හැකියාවක් අත් කරගැනීමට නොහැකිය. එක්තරා භික්ෂූන් වහන්සේ නමකගේ ධර්ම සාකච්ඡාවක දක්නට ලැබුණු මේ සංවාදය දෙස බලන්න.


----------


කෝප්පයක් ගන්න හිතෙනවා. කාටද හිතෙන්නේ ? මට ද? සිතට ද? කයට ද?


සිතට....


සිතට කෝප්පයක් ගන්න හිතුනොත් කය කෝප්පේ ගන්නේ නෑ. බලන්න..


කෝප්පයක් ගන්න හිතෙනවා. කෝප්පය ගන්න හිතෙන්නේ මට ද? සිතට ද? කයට ද? එතකොට උත්තරය ආවා සිතට කියලා.  සිතට හිතුනන් කය ගන්නේ නෑ. 


බලාගන්න උත්තරේ. හරි සරළයි. 


සිතට හිතුනත් කය ගන්නේ නෑ. සිතට හිතුනා, ඒක හිතුනේ මට කියලා දැනුනා. ඒක නිසා කය ගත්තා. 


සිතට හිතුනා. ඒක මට හිතුනයි කියලා දැනුනා. ඒ නිසා මගේ වුණා. ඒක දැන් මගේ ප්‍රශ්නයක්. ඒ නිසා ගිහින් කෝප්පය ගත්තා. 


----------


එනම්, මිනිසෙකු තමාගේ ඇතිවන සිතුවිලි දෙස බලා, එම සිතුවිලි මම, මගේ, මගේ ආත්මය ආදී ලෙස ග්‍රහණය කරගනියි. කෘත්‍රීම බුද්ධියට ඒ ආකාරයට මම, මගේ කියා අදහසක් ඇති කරගැනීමට හැකියාවක් නොමැත. 


කෘත්‍රීම බුද්ධිය සහ සවිඥානකත්වය කෘත්‍රීම බුද්ධිය සහ සවිඥානකත්වය Reviewed by Fox Talks on 4:38 AM Rating: 5

No comments :

Powered by Blogger.