නිරාගමික විද්වතුන්

 



ලංකාවේ විද්‍යාත්මකව සිතන, විද්‍යාත්මක නොවන දේ මිත්‍යාවන් ලෙස සලකන, ආගම් නොඅදහන, සංස්කෘතික බැමි කඩාබිඳ දමා ඇති විද්වතුන්, එසේ නොවන පිරිසගෙන් වෙන්කර හඳුනා ගතහැක්කේ, ඔවුන් එසේ තමන්ව හඳුන්වා ගන්නා නිසා හා බුදු දහම, සිංහල බෞද්ධ සංස්කෘතිය විවේචනය හා අපහාස කිරීම ආදියෙන් යම්කිසි අනන්‍යතාවයක් ගොඩනඟා ගෙන ඇති නිසාය. ඔවුන්ගේ විවේචන වල ලංකාව පසුගාමී වීමට, දියුණු නොවීමට, විද්‍යාත්මක, තාක්ෂණික දක්ෂතා නොපෙන්වීමට හේතුවක් ලෙස දක්වන්නේ මිත්‍යාව, ආගම හා සංස්කෘතිය කරපින්නාගෙන යාමය. 


රටක් වශයෙන් සලකා එවැන්නක් ඇස්තමේන්තු කිරීමට ප්‍රායෝගිකව අපහසුය. නමුත්, පුද්ගලයන් වශයෙන් එම විද්වතුන් ආගම් අදහන්නන්ට වඩා සුවිශේෂී බවක් පෙන්නුම් කරන්නේද? එනම්, ඔවුන්ට ආගම් අදහන්නන්ට අත්පත් කරගත නොහැකි යම්කිසි ඉහළ දෙයක් අත්පත් කරගැනීමේ හැකියාවක් පවතින්නේ ද? මෙයට මානසික නිදහස, නිදහස් චින්තනය වැනි අස්පර්ශනීය දෑ හෝ මත්ද්‍රව්‍ය, ලිංගිකත්වය, සම්බන්ධව ලිබරල් අදහස් තිබීම නොව පැහැදිලිව දැකගත හැකි ඇගයුමක් විය යුතුයි. එයට හේතුව, ඔවුන් මිත්‍යාවන් ලෙස සලකන ආගම් ඇදහීම, වාහනයක දෙහි ගෙඩියක් එල්ලීම, බෝධි පූජාවක් පැවැත්වීම, ඉතිහාසය ඉගෙන ගැනීම, ගිනි පෑගීම ආදිය සංසන්දනය වන්නේ වෙනත් රටවල් අහසට ⁣⁣රොකට් යැවීම, කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික ඉදිරිපත් කිරීම් සමඟ වීමය. උදාහරණයකට ලංකාවේ ආගම් අදහන්නෙකුට වඩා නිරාගමිකයෙකු විද්‍යාත්මක කේෂ්ත්‍රයේ ඉහළ තත්වයකට ලගාවී තිබීම හා එසේ වී ඇත්තේ ආගම් වලින් ඉවත්වීම නිසා යැයි පෙන්විය හැකිද? දේවාලයකට යන බැතිමතෙකුගේ ගිනි පෑගීම මිත්‍යාවක් බව පෙන්වීමෙන් ඔබ්බට එම නිරාගමික විද්වතුන්ට කලහැකි සුවිශේෂී දේවල් ⁣⁣මොනවාද ?

නිරාගමික විද්වතුන් නිරාගමික විද්වතුන් Reviewed by Fox Talks on 5:14 AM Rating: 5

No comments :

Powered by Blogger.