ලැකානියානු objet petit a



ඇතැම් විට අපට යම් වස්තුවක් හෝ පුද්ගලයෙක් සුවිශේෂී යැයි හැඟුනත්, එසේ වීමට හේතුව විස්තරාත්මකව පැවසීමට නොහැකි වෙයි. පුද්ගලයෙකු විෂයෙහි නම් එම පුද්ගලයාට ආකර්ෂණය වන යම් හේතුවක් ඇතිබව වැටහී ගියත් එය නිශ්චිතවම කුමක්දැයි පැහැදිලි කරදීමට අසමත්ය. මෙසේ සාමාන්‍ය පුද්ගලයෙක් අපට සුවිශේෂී වූ වස්තුවක් බවට පත්වීමට හේතුකාරක වන දෙය ලැකානියානු මනෝවිශ්ලේෂණයේ දැක්වෙන්නේ objet petit a / objet a ලෙසය. 

ආශාව හා objet a අතර සම්බන්ධයක් ඇත. ආශාව පවතින්නේ අඩුවක් (lack) නිසා වන අතර අඩුව ඇති වන්නේ objet a අහිමි වීම නිසාය. මෙම අහිමි වී ඇති කොටස නිසා අප අසම්පූර්ණ යැයි හැඟීමක් ඇති වන අතර එම හැඟීම ආශාව උත්පාදනය කරවයි. මේ නිසා ආශාව කේන්ද්‍ර ගතවන්නේ අහිමි වී ඇති objet a නැවත අත්පත් කරගැනීම දෙසටය. නමුත් මෙම objet a සැබෑවටම අප සතුව තිබූ වස්තුවක් නොව අප සතුව තිබී අහිමි වී ඇතැයි නිරන්තරයෙන්ම දැනෙන හැඟීමකි. එම නිසා අප සෑමවිටම උත්සහ කරන්නේ මෙම වස්තුව යැයි අප සිතන දේවල් අත්පත් කරගැනීමටය. එනම්, objet a සහිත පරිපූර්ණ තත්වයක් අපට සැබෑවටම කිසිදා නොතිබුණු අතර අප ආශාව සහිත පුද්ගලයෙකු (desiring subject) වන්නේ ඒ කිසිදා නොතිබුණු පරිපූර්ණත්වය අහිමි වීමෙන් - objet a ඉවත් වීමෙන් - පසුවය. 

Lacan: The objet a is something from which the subject, in order to constitute itself, has separated itself off as organ. 

ෆැන්ටසියක් විග්‍රහ කල හැක්කේ පුද්ගලයෙකු (subject) හා objet a අතර පවතින සම්බන්ධයක් ලෙසය. ඔහු අහිමි වී ඇති objet a කවරාකාරයේ දෙයක් ද කියා ෆැන්ටසියක් ඇතිකර ගනියි. ආරම්භයේදී තමාගේ ආශාව කුමක්දැයි ඔහු නිවැරදිව දන්නේ නැත. ෆැන්ටසිය විසින් ආශාව කුමක්දැයි පෙන්වා දෙනු ලබන අතර, ඉන්පසුව එය ලබාගැනීමට උත්සාහ කරයි. තවත් ආකාරයකින් කිවහොත්, objet a යනු පුද්ගලයෙක් යථාවේ (real) සිට සංකේතික පිළිවෙලට (symbolic order) පැමිණිමේදී මඟ හැරී යන කොටසටය. එමනිසා යථාවේ ස්භාවයට අනුවම එය භාෂාවක් හෝ කිසිදු ආකාරයකින් නිරූපණය කල නොහැක. එමනිසා ෆැන්ටසිය නිර්වචනය කලහැක්කේ පුද්ගලයෙක් හා objet a අතර ඇතිවන විය නොහැකි සම්බන්ධයක් (impossible relation) ලෙසය. 

මෙම න්‍යායාත්මක පැහැදිලි කිරීම් සමඟ පහත ඇති Corinnaගේ ටුවිටර් පණිවිඩය සහ Andyගේ ප්‍රතිචාරය දෙස බලමු;

Andy තමාගේ ඇති අඩුව (lack) පිරවිය හැකි වස්තුවක් Corinna සතුව ඇතිබව පරිකල්පනය කරයි. එය හිමිවුවහොත් ඔහු නැවත පරිපූර්ණ තත්වයට පත්වී, අහිමි වූ  ප්‍රමෝදය (enjoyment) නැවත ලබා ගැනීමට හැකිවේ යන විශ්වාසය ඇත. නමුත් එය කුමක්දැයි කියා ඔහු නිශ්චිතව දන්නේ නැත. එමනිසා Corinna කෙරෙහි ඔහුගේ ෆැන්ටසිය මේ ආකාරයෙන් දක්වයි.

"Corinna I love you. I truly love you, you fill the void in my heart. You stop the pain. I really need you in my life, you complete me. "

මෙය පැහැදිලි වන ආකාරයේ ජිජෙක්ගේ අදහසක් වන්නේ,

"The void of this loss is filled out by objet petit a, the fantasy-object"

තමාගේ හිඩැස පුරවන ෆැන්ටසි වස්තුව කුමක්දැයි නිශ්චිතව නොදන්නා නිසා, Andy පවසන්නේ තමන් ඇයට ආදරය කරන බවයි. 

"Corinna I love you. I truly love you"

නමුත්, Andyගේ ආදරයේ ප්‍රකාශනය ලැකාන් නිවැරදි ආකාරයෙන් මෙසේ ඉදිරිපත් කරයි.

“I love you, but, because inexplicably I love in you something more than you — the objet petit a — I mutilate you.”
 (Seminar XI: The Four Fundamental Concepts of Psychoanalysis, p. 268).

මෙයින් ගත හැකි සාහසික නමුත් සත්‍යය අදහස වන්නේ Andy විසින් Corinna ට ආදරය කරනවා යැයි පැවසුවත්, ඔහු සැබෑවටම කරන්නේ ඔහුට අහිමි වී ඇති objet a ලබාගැනීමට ඇයව එක්තරා ආකාරයකට භාවිතා කිරීමක් පමණකි. එනම්, Corinna කෙරෙහි ඇතිවන ආකර්ෂණය යනු Andy සහ ඔහුගේ ම අහිමි ව ඇති objet a අතර සම්බන්ධයක් පමණි.


 

ලැකානියානු objet petit a ලැකානියානු objet petit a Reviewed by Fox Talks on 4:46 AM Rating: 5

No comments :

Powered by Blogger.