Don't Look Up



 Don't Look Up චිත්‍රපටයේ සිදුවීම් කේන්ද්‍රගත වන පෘථිවියේ හැපීමට වේගයෙන් ඇඳී එන ධූම කේතු රූපකයෙන් නිරූපණය වනවා යැයි සැලකෙන්නේ වත්මන් ලෝකය මුහුණපා සිටින දේශගුණික අර්බුදයයි. එයට දේශපාලකයන්, ජනමාධ්‍ය, හා සාමාන්‍ය ජනයා ප්‍රතිචාර දක්වන විකාරරූපී ආකාරය සැබෑ ලෝකයේ තත්වයෙන් වෙනස් නොවේ. විද්‍යාඥයන් හැර සෙසු පිරිස ධූම කේතුව සම්බන්ධ ආරංචිය බැරෑරුම්ව නොසලකන අතර, ඔවුන්ගේ එම හැසිරීම විද්‍යාඥයන් ආතතියට පත්කිරීමට තරම් ප්‍රබල වේ. ධූම කේතු අනතුරෙන් මිදීම සඳහා විද්‍යාඥයන් විද්‍යාත්මක විසඳුම් යෝජනා කරන අතර තාක්ෂණික බිලියනපතියන් උත්සහ කරන්නේ ඉහළ දේශපාලන සම්බන්ධතා යොදාගෙන ධූම කේතුවෙන් පෘථිවිය බේරාගන්නා ගමන් එහි ඇති මූලද්‍රව්‍ය ලබාගැනීම හරහා ආර්ථික වාසිත් අත්කර ගැනීමටය. එමනිසා ඔවුන් විද්‍යාත්මක ප්‍රජාවේ විසඳුම් පිළිබඳ තැකීමක් කරන්නේ නැත. Peter Isherwell ගෙන් නිරූපණය වන්නේ Elon Musk හා Jeff Bezo වැනි තාක්ෂණික බිලියනපතියන්ගේ චරිත ස්භාවයන් බව පැහැදිලිව පෙනෙයි. Elon Musk වරක් ප්‍රකාශ කරේ තමාගේ Tesla කර්මාන්තශාලාවල සේවය කිරීමට උපාධි සහතික අවශ්‍ය නොවන බවයි. මෙයින් චිත්‍රපටයේ මෙන්ම සැබෑ ලෝකයෙත් තාක්ෂණික බිලියනපතියන් හා ඇකඩමියාව සහයෝගයෙන් ක්‍රියා නොකරන බව පෙනෙයි. චිත්‍රපටයට අනුව පෘථිවිය අවසානයේදී විනාශය කරා ඇඳී යන්නේ විද්‍යාඥයන්ගේ විසඳුම් නොතකා උඩඟු බිලියනපතියන්ගේ විසඳුම් කෙරෙහි අධික විශ්වාසයක් තැබීම නිසාය. නමුත් සැබෑ ලෝකයේ ⁣දේශගුණික අර්බුදයට තාක්ෂණික බිලියනපතියන්ට මෙන්ම විද්‍යාඥයන්ටත් තවමත් විද්‍යාත්මක විසඳුම් නැත. Elon Musk තමන්ගේ ධනයෙන් භාගයක් අඟහරු ලෝකයේ මිනිස් ජනාවස පිහිටුවීමට යෙදවීමට බලාපොරොත්තු වන්නේ පෘථිවිය තුල විසඳුම් සෙවීම නිරර්ථක දැයි සිතන නිසා විය හැකිය. විසඳුම් ඇත්තේ විද්‍යාත්මක නොවීම තුල යැයි සිතුවහොත් විසඳුමක් මතුවිය හැකිය. 

Don't Look Up Don't Look Up Reviewed by Fox Talks on 6:25 AM Rating: 5

No comments :

Powered by Blogger.