සාර්කෝ කැප්සූලය


 සාර්කෝ කැප්සූලය නිර්මාණය කර ඇත්තේ සියදිවි තොර කරගැනීමකදී මුහුණ දෙන කායික හා මානසික වේදනාවන් මඟ හරවා ගැනීමට මෙන්ම වෛද්‍යවරුන්ගේ හා මනෝචිකිත්සකයන්ගේ මැදිහත් වීමත් ඉවත් කිරීමටය. අවශ්‍ය අයට එය 3D ප්‍රින්ටින් මඟින් නිෂ්පාදනය කරගත හැක. එය ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රතිශතය අඩුකර, සිහිය ඉවත් වූ පසු විනාඩි 5 -10 අතර කාලයකදී වේදනා රහිත මරණයක් ලබාදෙන බව පැවසේ. මරණින් මතු නැවත ඉපදීමක් විශ්වාස කරන බෞද්ධයෙකුට මරණයට පත්වීමට මෙය එතරම් සුදුසු ක්‍රමයක් නොවේ. ඒ බෞද්ධ විශ්වාසයන්ට අනුව මරණාසන්න මොහොතේ දී මෙලොව හා පරලොව අතර අතිශය තීරණාත්මක සම්බන්ධයක් ගොඩනැඟෙන නිසාය. එයට මුහුණ දීමට යහපත් ආකාරයකින් සිහිය පවත්වා ගැනීමක් අවශ්‍යයය.


උච්ඡේදවාදී දෘෂ්ටිය දරන හෙවත් නැවත ඉපදීමක් නැත, මරණින් සියල්ල අවසන් වනවා යැයි විශ්වාස කරන භෞතිකවාදියෙකුට නම් මෙය ඉතා ගැලපෙන ක්‍රමයක් වනු ඇත. මෙම දෘෂ්ටිය දරණ අයට මරණය සම්බන්ධයෙන් සිතා බැලීමට ඇත්තේ මරණයෙන් මෙපිට මේ ජීවිතයට අයත් දේවල්, එනම් ප්‍රියයන්ගෙන් වෙන්වීම, ආශා කරන භෞතික වස්තූන් දමා යෑමට සිදුවීම, මරණාසන්න මොහොතේ ඇතිවන කායික හා මානසික වේදනා ආදිය ගැනය. මා භෞතිකවාදියෙක්ව සිටියානම් සියදිවි තොර කරගැනීමේ අවස්ථාවකට මුහුණ පෑමට සිදුවුවහොත් පැහැදිලිවම 3D ප්‍රින්ටින් මඟින් නිර්මාණය කරගන්නේ සාර්කෝ කැප්සූලයක් නොව ක්ෂණිකව බෙල්ල කඳින් වෙන්වන ගිලටීනයක් වැනි දෙයක්ය. මරණින් පසු කිසිවක් නැතිනම් මරණය තෝරාගැනීමෙන් පසුව මරණය සඳහා බිය වීමට අවශ්‍ය නැත.


https://www.swissinfo.ch/eng/sarco-suicide-capsule--passes-legal-review--in-switzerland/46966510?fbclid=IwAR0SVnpAuiJImJqpH6nK3JavDMGdUlKdvHW488oHfvYP1k-T0Pv81NfmYow

සාර්කෝ කැප්සූලය සාර්කෝ කැප්සූලය Reviewed by Fox Talks on 6:04 AM Rating: 5

No comments :

Powered by Blogger.