පරිකල්පනීය ගම



මෙවැනි විස්තරයක් තුලින් මතුකර ගතහැකි අදහස වන්නේ ගම සහ නගරය අතර පවතින මේ පරිකල්පනීය පරතරය දිගටම පවත්වාගෙන යාමට අපේ ඇති කැමැත්තය. නාගරික පරිභෝජන පුරුදු නොවෙනස්ව පවත්වා ගැනීමට නියැලෙන කාර්යබහුල රැකියාව විසින් උපදවා දෙන ආතතිය සමනය කරගැනීමට දීර්ඝ සතිඅන්ත වලදී කරක් ගැසීමට මෙවැනි ගම්මාන නගරය පරිවාරයේ පිහිටා තිබෙනවානම් අප කැමතිය. පැකිලීමකින් තොරව රසකාරක යෙදු මිල රෙස්ටුරන්ට් ආහාර පරිභෝජනය කරමින් සිට දීර්ඝ සතිඅන්තයක ගම්මාන හරහා යනවිට හිතේ හැටියට ගමේ සිරිය විඳ ගෙන සීනි නැති කිතුල් හකුරු, කිරිපිටි නැති කිරිහට්ටි හෝ අමිශ්‍ර මී පැණි ආදිය අඩු මුදලට මිලදී ගැනීමට බලාපොරොත්තු වෙමු. මීමුරේට සිදුවූ දෙය ගැන අපට ඇති විස්සෝපය අපගේ ආශාව වෙනුවෙන් මීමුරේ වැසියන් එම කැපවීම සිදු නොකිරීමය. දඹානේ වැද්දන් බිස්නස් මයින්ඩඩ් වීම ගැන ඇත්තේ ද එවැනි අදහසකි.


නමුත් දැන් බිස්නස් සකස් වී ඇත්තේ ගැමියන් නගරයට ගොස් රැවටෙන විට නාගරිකයන් ගමට ගොස් රැවටෙන ආකාරයටය. නගරයේදී තමන් රැවටීමට ඇති හැකියාව ගැමියන් ඉරණමක් ලෙස බාරගෙන සිටින විට, නාගරිකයන් තවමත් සිතන්නේ ගැමියන් තමන් වෙනුවෙන් ඕතන්ටික් විය යුතු බවය. එම නිසා කටුමැටි, පොල් අතු, දඩ මස් වැනි සංකේත හරහා නාගරිකයන් මුලා කිරීමේ හැකියාව තවමත් පවතී. මීට ටික කලකට පෙර කතරගම ප්‍රදේශයේ දඩමස් කියා බලුමස් විකිණීමේ ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යාමට ඉඩ ලැබුණේ ගැමියන් තවමත් ඔතන්ටික් කියා සිතන නිසාත්, දඩමස් කෑම ගැන ගසන පම්පෝරි වලට කොළඹ දී ඉහළ පිළිගැනීමක් ලැබෙන නිසාත්ය. ඩලස් මහත්තයාට මොහොට්ටි අයියා, සේන පොඩි මල්ලිගෙන් තවමත් පරණ පුරුදු විදිහට සත්කාර ලැබිය හැකි වුවත් සැමටම ඒ අවස්ථාව ලැබෙන්නේ නැත.

 

පරිකල්පනීය ගම පරිකල්පනීය ගම Reviewed by Fox Talks on 5:51 AM Rating: 5

No comments :

Powered by Blogger.