Corn Island (2014)
ජෝර්ජියාව හා අබ්කාසියා රාජ්‍යය අතර සීමාව සළකුණු කරමින් ගලා බසින ඉන්ගූරී ගංගාව කොකේසස් කඳුවැටියේ සීතල ග්ලැසියර කලාපයෙන් ආරම්භ වී කළු මුහුද හා මුසුවෙයි. සෑම වසන්ත ඍතුවකම මෙම ගංගාව කොකේසස් කඳුවැටියෙන් සූරා ගන්නා සාරවත් පස පහළ තැනිතලාවට රැගෙන විත් අබ්කාසියා හා වයඹදිග පෝර්ජියාවට අයත් ප්‍රදේශවල ගංගාව මැද කුඩා දූපත් රාශියක් නිර්මාණය කරයි. මේ දූපත් වලට නීත්‍යානුකූලව අයිතිවාසිකම් කීමට කිසිවෙක් නොමැත. ඉක්මන් වන්නාට මෙම අලුත් භූමිවල තාවකාලික හිමිකාරීත්වය ලබාගත හැක.

වසන්ත ඍතුවේ එක් දිනක මහළු අබ්කාසි ගොවියෙක් ඉන්ගූරී ගංගාවේ මතුවී ඇති කුඩා දූපතකට පා තබා එහි තාවකාලික හිමිකාරීත්වය ලබාගනියි. ඉන්පසු, තම මිණිබිරියගේ ද සහය ඇතුව කුඩා මඩුවක් ඉදිකරන ඔහු, දුපතේ ඉරිඟු වැවීමට පටන් ගනියි. සීයා හා මිණිබිරිය අතර කතාබහක් ඇතිවන්නේ නැති තරම්ය. සාරවත් පසේ ඉරිඟු පැල සරුවට ලියලා වැඩෙන අයුරු මහළු මිනිසා බලා සිටින්නේ මහත් සොම්නසකිනි.
Reviewed by
Fox Talks
on
11:12 AM
Rating:







No comments :