කියුබිකල් පුරවැසියන්ගේ පරිසර සංරක්ෂණය


සංකීර්ණ, පරිභෝජනවාදී ශිෂ්ඨාචාරය නිසා මුලින්ම ව්‍යසනයක් බවට පත්වූයේ නාගරික ජීවිතයයි. පසුව අවිවේකී නාගරික ජීවිතයට අවශ්‍ය විවේකය සොයා කඳු, දියඇලි, ඔතන්ටික් ගැමි දිවිය සොයා බඩ ගෑ නාගරිකයන් නිසා නැවත ගම්මාන හා කැලෑවලට ද විනාශය ලගාවිය. ෆ්‍රයිඩ් රයිස්, ඉදි ආප්ප බුදිමින් කියුබිකල් අස්සේ සතියේ දින පහ ගෙවා දමන කියුබිකල් පුරවැසියන් සතිඅන්තයේ කාලතුවක්කු වැනි කැමරා අමෝරාගෙන කෑම්පින් යයි. දීර්ඝ සතිඅන්තවල නයින් ආච් බ්‍රිජ් අවට සතියේ දිනවල මරදාන ස්ටේසම වැනිය.

A/C හයිබ්‍රිඩ් රථයකට වී කොළඹ ට්‍රැෆික් එකේ හිරවී සිටින වැදගත් මහතෙකුගේ විනෝදය කුමක් ද? කොළ එළිය දැල්වෙන තෙක් සුනිල් එදිරිසිංහගේ ගීතයකට සුක්කානමට තට්ටු දැමීම ද? කල්ලි ගැසී කෝච්වියේ ඇඹරී, පොඩි වී වැඩට එන ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ එකම විනෝදය දෙපැත්ත කැපෙන විහිළු කතා කියමින් ඇතිල්ලි ඇතිල්ලි ඔෆිස් යෑමය. කාන්තාවන්ට පමණක් වෙන්වූ දුම්රිය මැදිරි දමා කුඩු කරදැමීමට සැරසෙන්නේ ඒ මිනිසුන්ගේ සීමිත ආතල් ය.

නාගරිකයන්ගේ ආතල් එසේ වනවිට පුවක් මල් ගසාගෙන ලේලන්ඩ් බස් තඩි වල ට්‍රිප් යන ගැමියන් දකින දකින තැන්වල නවත්වාගෙන බත් කයි. බත් කාපු තැන් වනසාගෙන ඉදිරියට යයි. සිරිපතුල දක්වාම වනසයි. මොණර පැටික්කි සහ දම් රැජින තවදුරටත් බස් රථ නොව ආගම් බවට පත්වී ඇත. කපිලවස්තු ධාතු පෝලිම වැනි පෝලිම් මොණර පැටික්කිට ගොඩ වීමට ඇත. ඒ බස් රථ ඇතුලේ ඇති ආර්ට් වර්ක් මවන්නේ සයිකඩෙලික් පරිසරයකි. ඒවායේ යෑමට LSD ගැසිය යුතුය.

පරිසරය විනාශ කරමින් යන මේ විශම චක්‍රයට නැවතීමක් නැත. කලහැකි එකම දෙය බටහිර දියුණු රටවල මෙන් විධිමත් කසළ කළමනාකරණය වැනි නමක් යොදාගෙන විධිමත් ව කුණු හැංගීමේ ක්‍රමවලට යොමුවීම ය. හංගපු කුණු රත් වී ග්ලොබල් වෝමින්ග් ඇති වේ. ඉදහිට ග්ලෝබල් වොමින්ග් වලට එරෙහිව විහාර මහාදේවී පාක් එක වටේ ප්‍රෝටෙස්ට් සංවිධානය කර හෘද සාක්ෂියට සිද්ධාලේප ආලේප කලහැකිය. ගූගල් මැප්ස් විල්පත්තු කැලේ කොටා ඇති ආකාරය දශමෙටම පෙන්වන නිසා හිත් වේදනාව තවත් වැඩිය. ලෝකයට කෙලවී නැත.කෙලවී ඇත්තේ අපටය. දිව්‍ය ලෝක විශ්වාස නොකරන විද්‍යාත්මක මනුෂ්‍යයන්ට දවසක තාක්ෂණය අම්බානක දියුණු වූ පසුව පැන්ඩෝරා වලට මයිග්‍රේට් කල හැකිය.

Enjoy George Carlin!

We’re so self-important. So self-important. Everybody’s going to save something now. “Save the trees, save the bees, save the whales, save those snails.” And the greatest arrogance of all: save the planet. What? Are these fucking people kidding me? Save the planet, we don’t even know how to take care of ourselves yet. We haven’t learned how to care for one another, we’re gonna save the fucking planet?

I’m getting tired of that shit. Tired of that shit. I’m tired of fucking Earth Day, I’m tired of these self-righteous environmentalists, these white, bourgeois liberals who think the only thing wrong with this country is there aren’t enough bicycle paths. People trying to make the world save for their Volvos. Besides, environmentalists don’t give a shit about the planet. They don’t care about the planet. Not in the abstract they don’t. Not in the abstract they don’t. You know what they’re interested in? A clean place to live. Their own habitat. They’re worried that some day in the future, they might be personally inconvenienced. Narrow, unenlightened self-interest doesn’t impress me.

Besides, there is nothing wrong with the planet. Nothing wrong with the planet. The planet is fine. The PEOPLE are fucked. Difference. Difference. The planet is fine. Compared to the people, the planet is doing great. Been here four and a half billion years. Did you ever think about the arithmetic? The planet has been here four and a half billion years. We’ve been here, what, a hundred thousand? Maybe two hundred thousand? And we’ve only been engaged in heavy industry for a little over two hundred years. Two hundred years versus four and a half billion. And we have the CONCEIT to think that somehow we’re a threat? That somehow we’re gonna put in jeopardy this beautiful little blue-green ball that’s just a-floatin’ around the sun?

The planet has been through a lot worse than us. Been through all kinds of things worse than us. Been through earthquakes, volcanoes, plate tectonics, continental drift, solar flares, sun spots, magnetic storms, the magnetic reversal of the poles…hundreds of thousands of years of bombardment by comets and asteroids and meteors, worlwide floods, tidal waves, worldwide fires, erosion, cosmic rays, recurring ice ages…And we think some plastic bags, and some aluminum cans are going to make a difference? The planet…the planet…the planet isn’t going anywhere. WE ARE!
කියුබිකල් පුරවැසියන්ගේ පරිසර සංරක්ෂණය කියුබිකල් පුරවැසියන්ගේ පරිසර සංරක්ෂණය Reviewed by Fox Talks on 5:20 AM Rating: 5

No comments :

Powered by Blogger.