ශිව තාණ්ඩව ස්තෝත්‍රය



SHIVA TANDAVA 🎧 Bass Boosted 🎧PSY TRANCE MIX 🎧 | Pyschedelic Trap Mix | Stotram

කුවේර සමඟ සටනින් ජය ගෙන ලංකා රාජධානියේ අධිපතියා වූ මහා රාවණයන් තමන්ගේ පුෂ්පක නම් රථයේ නැගී අහසේ ගමන් කරමින් සිටියේය. හදිසියේම රථය විශාල පර්වතයක් අබියස ඉදිරියට නොයා නතර විය. රථය නතර වූයේ ශිව දෙවියන්ගේ වාසභවන වූ කෛලාෂ පර්වතය ඉදිරි පිටය. ජයග්රහණයෙන් ඔද වැඩි සිටි රාවණයන් පර්වතයට තමන්ගේ මාර්ගයෙන් ඉවත්වන ලෙස නියෝග කළේය. නමුත් එය ශිව දෙවියන් හා පාර්වතී දේවිය විවේක සුවයෙන් සිටින අවස්ථාවක් නිසා තමන්ට ඉවත්වීමට නොහැකි බව පැවසු පර්වතය වෙනත් මාර්ගයක් සොයාගන්නා ලෙස රාවණයන්ට දැන්වීය.
පර්වතයේ පිළිතුරෙන් කිපුණු මහා රාවණයන් රථයෙන් බැස පැමිණ කෛලාෂ පර්වතය ගලවා දමන්නට සැරසුණි. සැබැවින්ම රාවණයන් පර්වතය මදක් එසවීමට සමත් විය. මෙම කලබලය නිසා අවදි වූ ශිව දෙවියන් රාවණයන්ගේ ක්රියාව දැක තම පයේ මහපට ඇඟිල්ලෙන් පර්වතයට රාවණයන්ගේ අත හසුවෙන සේ තද කළේය. ශිව දෙවියන්ගේ ක්රියාව නිසා රාවණයන් වේදනාවෙන් මිරිකෙන්නට විය. මහා සෘෂිවරයෙකුගේ පුත්රයෙක් වූ රාවණයන්ට තමා කල වරද වහා අවබෝධ වී ශිව දෙවියන් සතුටු කිරීමට <b> ශිව තාණ්ඩව ස්තෝත්රය </b> නම් දේව ස්තෝත්රය ගායනා කළේය. එයින් ශිව දෙවියන්ගේ බල පරාක්රමය හා රූප ස්භාවය උත්කර්ෂයට නංවා ඇත. එම ස්තෝත්රය අසා ප්රසාදයට පත් ශිව දෙවියන් චන්ද්රහස් අසිපත නම් මහා බලසම්පන්න ආයුධය මහා රාවණයන්ට ලබා දුන්නේය.
මෙය ශිව තාණ්ඩව ස්තෝත්රය නිර්මාණය වූ ආකාරය ගැන හින්දු සාහිත්යයේ ඇති එක් කථාන්තරයකි. පහත ඇත්තේ එම ස්ත්රෝතය psytrance නම් ඉලෙක්ට්රොනික සංගීත ප්රභේදය සමඟ මුසු කිරීමෙන් තනා ගත් නව ආරක ස්තෝත්රයක්ය. එම සංගීත ප්රභේදය ඉන්දියාවේ ගෝව ප්රදේශය කේන්ද්ර කරගෙන වර්ධනය වී තිබේ. එයට හැටේ දශකයෙන් පසුව ගෝවට සංක්රමණය වූ හිපි ප්රජාවේ දායකත්වය ද ලැබී ඇත. ඉතා වේගවත් ශබ්ද රටා සහිත psytrance සංගීතය සමඟ එයටම අනන්ය වූ උප සංස්කෘතියක් ද ගොඩ නැඟී ඇත.
විනාශයේ ප්රතිමූර්තිය වූ ශිව දෙවියන් නර්තනයට ද ප්රියතාවයක් දක්වයි. වේගවත් නර්තන ඉරියව්වක් දැක්වෙන නටරාජා ද ශිව දෙවියන්ගේ එක් ස්වරූපයක් ලෙස සැලකේ. ශිව දෙවියන්ගේ ස්වරූපය සළකන විට ඇතැම්විට ඔහු මෙම psytrance සංගීතය මුසු වූ නව ශිව තාණ්ඩව ස්තෝත්රයට ද ප්රිය කරනවා විය හැකිය.
ශිව තාණ්ඩව ස්තෝත්‍රය ශිව තාණ්ඩව ස්තෝත්‍රය Reviewed by Fox Talks on 5:17 AM Rating: 5

No comments :

Powered by Blogger.