Jacobitism


Jacobitism යනුවෙන් හැදින්වෙන්නේ එංගලන්තයේ, ස්කොට්ලන්තයේ හා අයර්ලන්තයේ රජු ලෙස Stuart රාජ පරම්පරාවේ අයෙකු පත්කර ගැනීම සඳහා ගෙන ගිය දේශපාලන ව්‍යාපාරයට ය. මෙම ව්‍යාපාරය ආරම්භ වී ඇත්තේ 1688 දී ඇති වූ Glorious Revolution නම් විප්ලවයකින් පසුව එංගලන්තයේ අවසාන කතෝලික රාජ වාංශිකයා වන ⁣දෙවන ජේම්ස් රජු බලයෙන් පහකිරීමෙන් පසුව ය. ජේම්ස් රජු පිළිගත්තේ රජු වශයෙන් තමාට ඇති බලාධිකාරය දිව්‍යමය නියමයකින් ලැබී ඇති බවත් එයට බලපෑම් කිරීමට පාර්ලිමේන්තුවට හා පල්ලියට අයිතියක් නැති බවය. මේ නිසා Stuart රජ පෙළපත පාර්ලිමේන්තු ක්‍රමයට දැඩි අකමැත්තක් දක්වා ඇත. Stuart රජ පෙළපතට ස්කොට්ලන්ත සම්භවයක් ඇති අතර ඔවුන් ප්‍රධාන වශයෙන් අනුග්‍රහය දක්වා ඇත්තේ කතෝලික ආගමටය. මෙම නිසා ජේම්ස් රජුට එංගලන්තයේ ප්‍රෝතෙස්තන්ත්‍රවාදීන්ගේ ප්‍රතිවිරෝධතා වලට ද මුහුණ දීමට සිදුවී ඇත. එම නිසා ජේම්ස් රජු බලයෙන් පහ කිරීමේ ක්‍රියාදාමය කතෝලිකයන් හා ප්‍රොතෙස්තන්තවාදීන් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ද සැලකිය හැකිය.

Jacobites නමින් හැදින්වුන මෙම දේශපාලන ව්‍යාපාරයේ සාමාජිකයන් පාර්ලිමේන්තු ක්‍රම⁣යේ බලපෑමෙන් එංගලන්තයේ හා ස්කොට්ලන්තයේ රජු තේරීමේ ක්‍රමය නීති විරෝධී යැයි විශ්වාස කොට ඇත. Jacobitism ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වූයේ ස්කොට්ලන්ත කඳුබිම් ආශ්‍රිතව හා අයර්ලන්තයේ ය. ස්කොට්ලන්තයේ දී මෙම ව්‍යාපාරය එහි පැවති Clan system සමඟ මුසු වී ඇත. ස්කොට්ලන්ත කඳුකර සටන්කාමීන් ප්‍රමුඛව Jacobite නැගිටීම් කිහිපයක්ම සිදුවුවද ඒවා සියල්ලම මැඩ පැවැත්වීමට එංගලන්ත කිරීටයට පක්ෂපාත හමුදා සමත් වී ඇත. බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් පෑ Charles Edward Stuart කුමාරයාගේ නායකත්වයෙන් යුතු Jacobite හමුදාව 1746 දී Cumberland ආදිපාදවරයාගේ නායකත්වයෙන් යුතු එංගලන්ත රජයේ හමුදාව සමඟ ස්කොට්ලන්ත කඳුකරයේ Inverness නම් ස්ථානය ආසන්නයේ යුද වැදී ඇත. Battle of Culloden නමින් හැදින්වුණු මේ සටන Jacobite නැගිටිමට එරෙහිව සිදුකල අවසන් සටන වන අතර එයින් Jacobite හමුදාව සම්පූර්ණයෙන් පරාජයට පත් වී ඇත. පරාජයෙන් පසුව දිවි බේරාගත් සටන්කරුවන් හා ප්‍රධානීන්ගෙන් පිරිසක් යුරෝපයේ වෙනත් රටවලට පැනගත් අතර ඔවුන් එම රටවල හමුදාවන්ට සේවය කොට ඇත. තවත් පිරිසක් ඇමරිකානු කොලනි වලට පැනගොස් ඇත.

සටන අවසානවීමෙන් පැවැත් වූ නඩු විභාගයෙන් පසු Jacobite සටන්කරුවන්ට මරණ දඬුවම දීම, බ්‍රිතාන්‍ය යටත්විජිත වලට පිටුවහල් කිරීම, බ්‍රිතාන්‍ය හමුදාවට බඳවා ගැනීම ආදිය සිදුකොට ඇත. තව ද බ්‍රිතාන්‍ය රජය විසින් ස්කොට්ලන්තය තවදුරටත් බ්‍රිතාන්‍යයට බැද තබා ගැනීමට අවශ්‍ය නව නීති ද සම්පාදනය ⁣කොට ඇත. එසේම බ්‍රිතාන්‍ය රජය විසින් ස්කොට්ලන්ත කඳුකරවාසීන්ගේ (Scottish Highlanders) සංස්කෘතිය විනාශ කරදැමීමේ වැඩපිළිවෙළක් ද දියත් කොට ඇත. කඳුකර වැසියන්ගේ නිවාස, ගොවිපොලවල් ඇතුළු ඔවුන්ගේ දේපොළ ගිනි තබා විනාශ කිරීම, ඔවුන් සන්තක වස්තුව මංකොල්ලකෑම, ස්ත්‍රී දූෂණ, ඝාතනයන් ආදිය සිදුකොට ඇත. එමෙන්ම ඔවුන්ගේ Clan system එක අහෝසි කිරීමට අවශ්‍ය පනත් පාර්ලිමේන්තුව හරහා සම්මත කිරීම, සාම්ප්‍රදායික ස්කොට්ලන්ත ඇඳුම (Kilt) සහ ආයුධ පරිහරණය තහනම් කිරීම, Gaelic භාෂාව භාවිතය නීති විරෝධී කිරීම, ආදිය හරහා ඔවුන්ගේ අනන්‍යතාවය නැතිකර දැමීමට ක්‍රියා කොට ඇත. බ්‍රිතාන්‍ය රජයට පක්ෂපාතී Clan ප්‍රධානීන්ට විශේෂ වරප්‍රසාද දීම මඟින් Clan system එක දුර්වල කිරීමට කටයුතු කර ඇත.

වැඩි විස්තර සඳහා Highland Clearances බලන්න.
Jacobitism Jacobitism Reviewed by Fox Talks on 5:11 AM Rating: 5

No comments :

Powered by Blogger.