සිංහබාහු ප්‍රවාදය සහ නුතන සත්ව මෛථූන ප්‍රවණතා


 

ලංකාවේ ලිංගිකත්වය සම්බන්ධ ලිබරල් සංවාද වලදී දක්නට ලැබෙන ප්‍රකට අදහසක් වන්නේ අතීතයේ ලාංකික සමාජයේ ලිංගිකත්වය කෙරෙහි පැවති ලිහිල් ප්‍රවේශය වික්ටෝරියානූ සදාචාරය හඳුන්වා දීමෙන් පසුව අභාවයට ගොස් නීත්‍යානුකූල ඒක විවාහය මත පදනම් වූ විෂම ලිංගික සම්බන්ධතා වලට පමණක් සීමා වී හෝ පිළිගැනීමක් ලැබුණු බවයි. ඉන්පසුව ලාංකීය සමාජයට ලිංගිකත්වය පිළිබද ලිහිල් මතවාද කාන්දු වීමට පටන් ගත්තේ බටහිර ලිංගික විප්ලවයෙන් පසුව ඇති වූ නූතන තත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙස බවයි. විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම, සම්බන්ධතා විවාහක සහකරුවා හෝ සහකාරියට පමණක් සීමා නොවීම, සමලිංගිකත්වය, ගණිකා වෘත්තිය, ලිංගික ක්‍රියාකාරකම් සඳහා වූ විවිධ ක්‍රම සහ උපකරණ ආදිය දෙස වඩාත් සහනශිලී ආකල්ප දැරීමට පටන් ගැනීම හා ඒ හා සම්බන්ධ නීති රීති ලිහිල් වීම, එම ලිංගික විප්ලවය නිසා ලෝකයේ ඇති වූ සහ ඉන්පසුව අප රටට ද කාන්දු වූ ප්‍රවණතාය. එම නිසා සත්ව මෛථූනය (beastiality / zoophilia) වැනි ලිංගික චර්යාවක් ගැන කතිකාව වර්තමාන ලාංකික සමාජයට පැමිණීම සැලකිය හැක්කේ ද අප රටේ ඵෙතිහාසිකව පැවතුන යම්කිසි ලිංගික චර්යාවක දිගුවක් හෝ අඛණ්ඩ පැවතීමක් ලෙස නොව ඉහත ප්‍රවණතා මෙන් බටහිර ලිංගිකත්වය ලිබරල්කරණය වීමෙන් පසුව ඇතිවු තත්වයක් ලෙසටය. 


ඉහත කී අනෙකුත් ප්‍රවණතා වලට මෙන් සත්ව මෛථූනයට තවමත් බටහිර පුළුල් පිළිගැනීමක් නොමැති වූවත්, ඒ පිළිබඳ අප රටේ ඇතිවී තිබෙන කතිකාව බටහිරින් පැමිණෙන දෙයක් ලෙසට සැලකිය හැක්කේ සත්ව අයිතිවාසිකම් (animal rights), අනුමැතිය (consent) වැනි අදහස් වල ආභාෂයෙන් එම සිදුවීම් විග්‍රහ වන නිසාය. සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් එසේ කරන්නේ බටහිර ලෝකයේ ඒ සම්බන්ධයෙන් ඇතිවී ඇති තත්වය දියුණු, නූතන, වෛද්‍ය විද්‍යාත්මක, විකෘතිමය නොයන ආදී ලෙස ඉහළට එසවී තිබෙන බැවින්ය. යම් දිනක සත්ව මෛථූනය සම්බන්ධ කතිකාව ලංකාවේ ඉහළට එසවෙන්නෙත් බටහිර එයට ලැබෙන පිළිගැනීමට සමගාමීවය. ආශු මාරසිංහගේ සිදුවීමෙන් පසු ලංකාවේ සත්ව මෛථූන ගැන ඇතිවී ඇති කතිකාවට ⁣⁣ද ඵෙතිහාසික මූලයක් නැතැයි පැවසිය හැක්කේ එබැවින්ය.


එසේ වුවත් ආශු මාරසිංහගේ සිදුවීමෙන් පසු ඇතැමෙක් සත්ව මෛථූනයේ ඵෙතිහාසික මූලයන් සොයා යෑමට හා සිංහබාහු ප්‍රවාදය සමඟ සංසන්දනය කර එය සාමාන්‍යකරණය කිරීමට උත්සහ ගන්නවා දක්නට ලැබුණි. මෙම පුද්ගලයන් බොහෝදෙනා වංශකතා ප්‍රතික්ෂේප කරන්නන් හෝ ඵෙතිහාසික සිදුවීම් මිත්‍යාවන් ලෙස සලකා බැහැර කරන්නන්ය. සිත්ගන්නා සුළු දෙය නම් ඔවුන් මෙවැනි සංසන්දනයන් හරහා දීමට උත්සහ කරන පණිවිඩය කුමක් ද යන්නයි.


සිංහබාහු ප්‍රවාදය සහ නුතන සත්ව මෛථූන ප්‍රවණතා සිංහබාහු ප්‍රවාදය සහ නුතන සත්ව මෛථූන ප්‍රවණතා Reviewed by Fox Talks on 11:41 AM Rating: 5

No comments :

Powered by Blogger.