post-Avatar depression syndrome


 

2009 වසරේ Avatar තිරගත වීමෙන් පසුව එම චිත්‍රපටය වෙනස්ම ආකාරයකින් ග්‍රහණය කරගත් ප්‍රේක්ෂකයන් පිරිසක් ගැන දැනගැනීමට ලැබුණි. එයින් දැක්වුනේ චිත්‍රපටය නැරඹීමෙන් පසුව ඇතැමුන්ට විෂාදය සහ සියදිවි හානි කර ගැනීම පිළිබඳ හැඟීම් මතු වූ බවය.


"One can say my depression was twofold: I was depressed because I really wanted to live in Pandora, which seemed like such a perfect place, but I was also depressed and disgusted with the sight of our world, what we have done to Earth. I so much wanted to escape reality,"


චිත්‍රපටයේ පෙන්වන්නේ ස්භාවික පාරාදීසයක් බඳු පැන්ඩෝරා නමැති ග්‍රහලෝකයයි. තාක්ෂණය භාවිතා කරමින් වර්චුවල් පැන්ඩෝරා ලෝකය නිර්මාණය කොට ඇති නිසා එම පාරාදීසය සැබෑ ලෙසට කිසිදා අත්විඳිය නොහැකි බව පසක් වේ. එම නොහැකියාව නිසා ⁣එදිනෙදා අත්විඳින සැබෑ ලෝකය අසම්පූර්ණ ස්ථානයක්ය යන හැඟීමක් ඇතිවේ. එනම් පාරාදීසය හා වේදනාකාරී යථාර්ථය සංසන්දනය වීමෙන් විෂාද තත්වය ඇතිවන බව පැවසේ. මෙය නම් කොට ඇත්තේ post-Avatar depression syndrome (PADS) ලෙසය. ස්භාව ධර්මය සමඟ ඇතිවී තිබෙන දුරස්ථභාවය, අනාගත ලෝකය ගැන ගොඩනැඟෙන බියජනක පුරෝකථන, අතෘප්තිමත් හා වෙහෙසකර නූතන ජීවන රටාව සමඟ විෂාද තත්වය තවදුරටත් ඉහළ නංවා ඇත.


Avatar චිත්‍රපටය නිසා විෂාදයට පත් වූ මිනිසුන්ගෙන් ප්‍රකාශ වන්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ ප්‍රගමනය නිසා විනාශ වූ ස්භාවික පරිසරය, එම විද්‍යාව හා තාක්ෂණය හරහාම නැවත අත්විඳීමට ඉඩ සලසා දෙන ලෙස කරන ඉල්ලීමය.

post-Avatar depression syndrome post-Avatar depression syndrome Reviewed by Fox Talks on 11:34 AM Rating: 5

No comments :

Powered by Blogger.