පෝලිම් වල හිදීම සහ අනුපිලිවෙල ගැන ලාංකික අදහස

 


පෝලිම් වල හිදීම සහ අනුපිලිවෙල ගැන බහුතර ලාංකිකයන්ගේ අදහස මේ ආකාරය.


" මෙම ස්ථානයේ පෝලිමක් වැනි යමක් තිබෙන බව මාගේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන බව සැබෑය. එසේ පෝලිමක් ඇත්තේ මෙහි සපයන සේවාව ක්‍රමවත්ව පවත්වාගෙන යාමට බවත් පැහැදිලිය. නමුත් ඔබගේ අවශ්‍යතාවයට වඩා මාගේ අවශ්‍යතාවය වැදගත් සහ ඉක්මනින් ඉටු කරගත යුතු ජාතියේ එකකි. මට ඒ සඳහා සාධාරණ හේතු එකක් හෝ ඊට වැඩි ගණනක් ඔබට සැපයීමට ද හැකිය. එමනිසා පවත්නා අනුපිලිවෙල නොසලකා ඉදිරියට යාම⁣ට මාහට සිදුවේ. "


දැඩි පාලනයක් නොමැති අවස්ථාවක පෝලිම් වල සිටගෙන සිටීම මදි පුංචිකමක් ලෙසත්, එහෙන් මෙහෙන් රිංගා පොලිමේ ඉදිරියෙන් මතුවීම විශාල ජයග්‍රහණයක් ලෙසත් ඇතැමුන් සලකයි. වාහන තදබදයක් මැදින් ඉදිරියට යන ඇම්බියුලන්ස් එකක් පසුපසින් හැටට හැටේ යන්නේ එවැනි වීරෝධාර මිනිසුන්ය. 


පෝලිම ඇති ප්‍රදේශය හිස් අවකාශයක් (empty space) බවට පත් කර ඉන්ටර්නල් පොලිටික්ස් හරහා ඇතුලෙන් ලැබෙන සංඥාවකින් පසුව කෙලින්ම දොරටුවෙන් රිංගා යන පිරිසකුත් සිටියි. ඔවුන් නිවසේ සිට පැමිණ කෙලින්ම ඇතුලට ගමන් කරයි. රජයේ කාර්යාල, රෝහල් වල මෙම තත්වය සුලභය. ලංකාවේ සිටින "සිස්ටම් චේන්ජ්ලා" සමහරකුත් මේ කාණ්ඩයට අයත්ය.

පෝලිම් වල හිදීම සහ අනුපිලිවෙල ගැන ලාංකික අදහස පෝලිම් වල හිදීම සහ අනුපිලිවෙල ගැන ලාංකික අදහස Reviewed by Fox Talks on 10:35 AM Rating: 5

No comments :

Powered by Blogger.