දේශීය රොක් සංගීතයක්

Whirlwind නම් ලාංකික රොක් සංගීත කණ්ඩායමක් ගැන වූ මෙහි දැක්වෙන දැන්වීම ගැන උනන්දුවක් ඇතිවූයේ එහි සඳහන්ව තිබු පාලි පාඨය නිසාය. එම පිටුවේ තිබු විස්තර වලට අනුව ඔවුන් sri metal නම් සංගීත ප්‍රභේදයක් ප්‍රධාන වශයෙන් අනුගමනය කරන බවත් ඔවුන්ගේ සංගීත චාරිකාවේ අරමුණ ශ්‍රී ලාංකික මූලයක් සොයායෑම වැනි අදහසකුත් දක්නට ලැබුණි. මෙම හැඳින්වීම් නිසාම ඔවුන්ගේ ගීත කිහිපයක් අසා බැලුවත් සිංහල පද මාලාවන් හැරෙන්නට ක්ෂණිකව ග්‍රහණය වන විශේෂ දේශීය හෝ ශ්‍රී ලාංකික යමක් දක්නට නොලැබුණි.


දේශීයත්වය මත පදනම්වන රොක් සංගීතයක් ගැන සඳහන් වූ නිසා මතකයට ආවේ මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයක් ලබා සිටින The Hu යන මොංගෝලියානු රොක් සංගීත කණ්ඩායමයි. 


Khoomei හෝ Mongolian throat singing ලෙස හැඳින්වෙන්නේ මොංගෝලියාව ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව අතර පවතින සාම්ප්‍රදායික ගායනා ශෛලියකටය. උගුර තුලින් ගැඹුරු ශබ්දයක් නිපදවෙන මෙම ගායන ශෛලිය තුලින් බොහෝවිට ප්‍රතිනිර්මාණය කෙරෙන්නේ වතුර ගලා යෑම, සුළඟ හැමීම, කුරුලු නාද වැනි ස්භාවිකත්වය මුසුවූ ශබ්දයන්ය. මෙම ගායනා ශෛලියේ වර්ධනයට මොංගෝලියාව ආශ්‍රිත පාරිසරික සාධක මෙන්ම සංස්කෘතියේ බලපෑම ද ලැබී ඇතැයි සැලකේ. දරු නැලවිලි, වන සතුන් ආකර්ෂණය කරගැනීම මෙන්ම නොපෙනෙන බලවේග හා සම්බන්ධතා පැවැත්වීමට, ඔවුන්ගෙන් උපකාර ලබාගැනීමට ද මෙම ගැඹුරු ශබ්දයන් ඔවුන් යොදාගෙන ඇත. මොංගෝලියාව පුරා පැතුරුන විවෘත තණබිම් khoomei පුහුණුවට ගැලපෙන පරිසරයක් නිර්මාණය කර ඇත.




Morin khuur යනු Khommei ගායනය සමඟ සම්බන්ධ වන සාම්ප්‍රදායික මොංගෝලියානු සංගීත භාණ්ඩයකි. එය මොංගෝලියානු සංස්කෘතියට කොතරම් වැදගත් ද යත් මොංගෝලියානුවන්ගේ ජාතික සංකේතයක් ද වෙයි. සාම්ප්‍රදායික ව Morin khuur වාදනය කරන්නේ මොංගෝලියානු සංස්කෘතිය හා බැඳුනු වීරකාව්‍යයන් කියවන විටදීය. මේ සංගීත භාණ්ඩයේ ඉහළ කොටස නිර්මාණය කරන්නේ අශ්වයෙකුගේ හිසක ආකාරයට ය. හඬ නිපදවීමට අශ්ව කෙඳි යොදා ගැනෙයි. මේ සංගීත භාණ්ඩයේ ආරම්භය ගැන ද විවිධ ජනප්‍රවාද මොංගෝලියානු සංස්කෘතිය තුල ඇත. 


The Hu සංගීත කණ්ඩායම මෙම Throat singing හා Morin khuur සමඟ නවීන බටහිර රොක් සංගීතය මුසු කරමින් Hunnu rock නම් තමන්ටම ආවේනික සංගීත ප්‍රභේදයක් අනුසාරයෙන් ගීත නිර්මාණ ඉදිරිපත් කරයි. Hunnu නම් පැරණි මොංගෝලියානු අධිරාජ්‍යයෙකුගේ ආභාෂය ඔවුන්ට ලැබී ඇති බව පැවසයි. පද රචනාවලට සාම්ප්‍රදායික ⁣මොංගෝලියානු ජන සංගීතයේ හා රණඝෝෂා (war cry) වල කොටස් ද ඇතුලත්ව ඇත. 



The members of The HU are classically trained musicians, with some of them having spent 20 years honing their throat singing in particular.


“I would say this is the art of human beings connecting or communicating with nature,” Gala explains. ​“It started as our ancestors trying to communicate and make the sounds of waterfalls and wind. It’s an art that requires years of hard work and dedication.”


At the same time, Mongolian themes dominate the band’s lyrics. Many salute their ancestors. “As Mongolians, we are raised to have a great respect for our elders and our history,” said Jaya. “We didn’t come here by ourselves. There are generations of people who paved the way.”


එමෙන්ම ඔවුන්ගේ සංගීතය තුලින් විදහා පාන්නේ මොංගෝලියානු සංස්කෘතිය, ඉතිහාසය හා සොබාදහමයි. ලෝකය පුරාවට මොංගෝලියානු සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම නිසා මොංගෝලියානු රජය විසින් ඔවුන්ට රජය විසින් Order of Genghis Khan නම් ඉහළම සම්මානය ද ලබාදී ඇත. 


බටහිර සංගීතයේ ආභාෂය ලැබු අනෙකුත් මොංගෝලියානු රොක් සංගීත කණ්ඩායම් හා The Hu අතර වෙනස ඔවුන් සලකුණු කරන්නේ මේ ආකාරයටය.


“The main difference between the other Mongolian bands and us is that the foundation of their music is based upon western rock music, and they would bring a little Mongolian twist with the instruments,” Gala says. ​“Ours is different. The core is traditional old Mongolian music and we add a western twist. Our tuning is different, the way we play is wholly different; that’s why I think we’re unique and a little different to the other bands.”


මෙහිදී ඔවුන් දක්වන අදහස එනම්, ඔවුන්ගේ සංගීතයේ පදනම ගොඩ නැගෙන්නේ සාම්ප්‍රදායික මොංගෝලියානු සංගීතය මත බවත් එයට බටහිර ශෛලියෙන් එකතු කිරීම් පසුව කරන බවත් යන අදහස වැදගත් වේ. ඔවුන්ගේ සාර්ථකත්වයේ හේතුව වී ඇත්තේ ද එමගින් මොංගෝලියානු නොවන ලෝකයට ලබාගෙන නැවුම් අත්දැකීමය. 


ලාංකික සංගීතය ජාත්‍යන්තර තලයට රැගෙන යාමට උත්සහ කරන අයෙකුට ද මෙම අදහස වැදගත් වේ යැයි සිතිය හැකිය. අපට ජාත්‍යන්තරය ජය ගැනීමට අවශ්‍යනම් ලෝකය මෙතෙක් අත්විඳ නැති යමක් ඉදිරිපත් කල යුතුය. නමුත් එය ඉලෙක්ට්‍රොනික ගිටාරයකින් ගජගා වන්නම වැයීමට වඩා වැඩි යමක් බව ද තේරුම් ගත යුතුය. බටහිර ආකෘතියේ සංගීතයක් අප වැනි රටකින් ලෝකයට අවශ්‍ය නොවන්නේ එවැනි දේ කිරීමට හැකි අපට වඩා හැකියාවක් ඇති අතිදක්ෂයන් ලෝකයේ ඕනෑවටත් වඩා සිටින නිසාය. සංගීතය පමණක් නොව විද්‍යාව, තාක්ෂණය, සිනමාව වැනි ඕනෑම කේෂත්‍රයකටත් මෙම අදහස වැදගත් වේ. 


The Hu කණ්ඩායමේ ජයප්‍රිය ගීත කිහිපයක්.


https://youtu.be/jM8dCGIm6yc

https://youtu.be/v4xZUr0BEfE

https://youtu.be/oJZfEh3EciU

https://youtu.be/QpxA_ZxGX_M

https://youtu.be/pD1gDSao1eA

දේශීය රොක් සංගීතයක්  දේශීය රොක් සංගීතයක් Reviewed by Fox Talks on 9:46 AM Rating: 5

No comments :

Powered by Blogger.