පෞද්ගලිකත්වය සහ හෙඩ්ෆෝනය


කලකට ඉහත සංගීතයට සවන්දීම සාමුහිකව ලබාගත හැකි අත්දැකීමක් විය. ග්‍රැමෆෝනයෙන්, ලවුඩ්ස්පීකරයෙන්, රේඩියෝවෙන් නැගෙන සංගීතය විශාල පිරිසකට එකවර සවන්දීමට හැකිවිය. (රේඩියෝවක් දමා තනිව ගීත ඇසීමට නොහැකි යැයි මින් අදහස් නොවේ.) හෙඩ්ෆෝනය සොයාගැනීමත් සමඟ සංගීතයට සවන්දීම අතිශය පෞද්ගලික අත්දැකීමක් බවට හරවා ගැනීමට හැකිවිය. ඒක් ගීතයකට බොහෝ පිරිසක් සවන් දෙනවා වෙනුවට එක පුද්ගලයෙකුට ගීත බොහෝ ගණනක් තනිව ශ්‍රවණය කිරීමට හැකිවිය. හෙඩ්ෆෝනයක් කනේ ගසාගෙන බාහිර පරිසරයෙන් වෙන්වී ගමන් බිමන් යාම, ව්‍යායාම කිරීම ආදිය කිරීමට හැකිය. ඒවා පෞද්ගලිකත්වයේ ලක්ෂණ ලෙස හැදින්විය හැක.

රෑපයේ දැක්වෙන්නේ හෙඩ්ෆෝනයක් පැළද සිටින මාටින් ලූතර්ය. පෞද්ගලිකත්වය (Individuality) ගැන කතා කිරීමේදී මාටින් ලූතර් ප්‍රධාන තැනක් ගනී. බටහිර දිර්ඝ කාලයක් පුරාවට පැවති සාමුහිකත්වයට මුල්තැන දුන් කතෝලික චින්තනයෙන් මිදී පෞද්ගලිකත්වයට ප්‍රමුඛතාවය ලැබෙන ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ වර්ධනයට මාටින් ලූතර් විසින් හඳුන්වාදුන් රෙපරමාදු හෙවත් ප්‍රෝතෙස්තන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලින් පිටුවහලක් ලැබුණි. ඒකල කතෝලික පල්ලියේ පැවති දූෂිත ස්වරෑපය ලූතර්ට පල්ලියට විරැද්ධව කැරලි ගැසීමට හැකි වතාවරණයක් උදාකර දී තිබිණි. ඔහු විසින් සීමිත දේවධර්ම ආචාර්යවරැන් පිරිසකට පමණක් කියවීමට හැකිව තිබු ලතින් බයිබලය ජර්මන් භාෂාවට පරිවර්තනය කිරීම මගින් පල්ලියේ ආධිපත්‍යයට අභියෝග කළේය.

දෙවියන් වහන්සේගේ එකම නියෝජිතයා වශයෙන් පල්ලියට තිබුන ස්ථානය අභියෝගයට ලක්කළ ලූතර් පැවසුවේ දෙවියන් හා සම්බන්ධ වීමට නියෝජිතයන් අනවශ්‍ය බවත් දෙවියන් වහන්සේ සෑම තැනම වැඩ සිටින නිසා ඕනෑම කෙනෙකුටම පෞද්ගලිකව දෙවියන් සමඟ සම්බන්ධ විය හැකි බවත් ය. ඒ හරහා සාමුහිකව දෙවියන් ඇදහීමේ ක්‍රියාවලිය පෞද්ගලික අත්දැකීමක් බවට පත් කළේය. එම සිදුවීම පෞද්ගලිකත්වයට මුල්තැන දෙන බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ වර්ධනයට හේතු විය.

හෙඩ්ෆෝනයක් පැළදගෙන සිස්ටම් ඔෆ් අ ඩවුන් නම් රොක් සංගීත කණ්ඩායමේ ඒරියල් නම් ගීතය අසන මාටින් ලූතර්ගේ මේ පින්තූරය තුලින් පෞද්ගලිකත්වයේ ආරම්භය හා එම ක්‍රියාවලියේ වර්තමාන ස්වරෑපයක් පිළිඹිබු වන බව සිතිය හැක.

Life is a waterfall
We're one in the river
And one again after the fall

Swimming through the void
We hear the word
We lose ourselves
But we find it all?

'Cause we are the ones that want to play
Always want to go
But you never want to stay

And we are the ones that want to choose
Always want to play
But you never want to lose

Aerials in the sky
When you lose small mind
You free your life

Life is a waterfall
We drink from the river
Then we turn around and put up our walls

Swimming through the void
We hear the word
We lose ourselves
But we find it all?

'Cause we are the ones that want to play
Always want to go
But you never want to stay

And we are the ones that want to choose
Always want to play
But you never want to lose

Aerials in the sky
When you lose small mind
You free your life
Aerials so up high
When you free your eyes
Eternal prize
Aerials in the sky
When you lose small mind
You free your life
Aerials so up high
When you free your eyes
Eternal prize


පෞද්ගලිකත්වය සහ හෙඩ්ෆෝනය පෞද්ගලිකත්වය සහ හෙඩ්ෆෝනය Reviewed by Fox Talks on 10:59 AM Rating: 5

No comments :

Powered by Blogger.