සමන්තභද්‍ර හිමියන්ගේ අනුගාමිකයන්




මේ සටහන සමන්තභද්‍ර හිමියන්ගේ අනුගාමිකයන් සම්බන්ධවයි.

සමන්තභද්‍ර හිමියන් තමන්ව ගලවා ගැනීම ට පැමිණි මහා මුනිවරයෙක් කියා ඒ හිමියන්ගේ අනුගාමිකයන් අතර විශ්වාසයක් පවතිනවා. එමනිසා ඔවුන් ඉතාමත් කැපවීමෙන් හා කොන්දේසි විරහිත ව ඒ හිමියන් වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් ඔවුන්ගේ අදහස් ගැන අවධානය යොමුකල විට, බොහෝ දෙනෙකුට සමන්තභද්‍ර හිමියන් යනු කවරෙක් ද යන ගැටළුව පවතින බව නිරීක්ෂණය කළහැක. එක් අනුගාමිකයෙකුට ඒ හිමියන් මහ රහතන් වහන්සේ නමකි. තව කෙනෙකුට සමන්තභද්‍ර හිමි බුද්ධත්වය ද සාක්ෂාත් කරගෙන ඇත. එක් අනුගාමිකයෙක් වරක් ඉතාමත් වගකීමෙන් පැවසුවේ සමන්තභද්‍ර යනු මේ කල්පයේ පහළ වූ අවසන් බුදුවරයා බවයි. තව වෙනත් වෙනත් අදහස් තිබෙන අනුගාමිකයන් ද සිටිය හැකි ය.

සමන්තභද්‍ර හිමි බුදුවරයෙක් යැයි විශ්වාස කරන පිරිස, සංවාද වලදී තමන්ගේ මතය තහවුරැ කිරීමට යොදාගන්නේ ත්‍රිපිටකයෙන් උපුටාගත් ධර්ම කරැණු ය. එහි ඇති විරැද්ධාභාෂය ගැන ඔවුන්ට අවබෝධයක් නැත. එමෙන්ම අනුගාමිකයන් අතර දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් නම් ඔවුන් බහුතරයකට ඒ හිමියන් දේශනා කරන දේ පිළිබද නිරවුල් අවබෝධයක් නොමැති වීමය. උදාහරණයකට පහත අදහස බලන්න.

ඔබ නිතරම කඳු තරණය කරන්න.
එය ඔබට පිටුවහලක් වේවි,
ජීවිතය අවබෝධ කිරීමට.
ජීවිතය නමැති කන්ද තරණය කොට,
කඳු මුදුනේ සිට,
ආපසු විවේකීයව හැරි බලන්න.
ඒවිට ඔබට පෙනෙවි,
ඔබ පසුකරමින් පැමිණියේ,
හිස් අවකාශයක් පමණක් බව....

මෙය සමන්තභද්‍ර හිමියන්ගේ දේශනා යැයි කියමින් අනුගාමිකයන් බෙදාහරින පෝස්ට් බහුතරයක ඇති වචන හා ශෛලිය අනුගමනය කරමින් ලියුවකි. මෙවැනි අසම්පූර්ණ අදහසක කිසිදු ගැඹුරක් නොමැති වුවත් එය කියවා තමාට විශාල අවබෝධයක් ලැබුණා වැනි හැඟීමක් ඇතිකර ගැනීම ට හැකි ය. සමන්තභද්‍ර හිමියන්ගේ හිමාල චාරිකාවෙන් ගත් කඳු මුදුනක සිට ඈත බලාගෙන සිටින පින්තූරයක් පසුබිමට දමා, විචිත්‍ර අක්ෂර හා වර්ණ යොදා මේ අදහස සහිත පොස්ට් එකක් ඒ අනුගාමිකයන් පිරිස අතර ට යැවුව හොත් සැලකිය යුතු පිරිසක් එම අදහස සමන්තභද්‍ර හිමියන්ගේ බව හා ඒ අදහස නිවැරදියි කියා පිළිගනු ඇත.

මේ අනවබෝධය නිසා ඇති වී තිබෙන තවත් විශේෂ තත්වයක් නම් බුදු දහම තමන් ට අවශ්‍ය ආකාරයට සංස්කරණය කරගැනීමට හැකියාවක් තිබීම ය. යම්කිසි භික්ෂූන් වහන්සේ නමකගේ අනුගාමිකයෙක් වන පුද්ගලයෙක් සලකා බලමු. කලින් පව්කාර ජීවිතයක් ගත කල ඔහු ඒ භික්ෂූන් වහන්සේ ගෙන් බණ අසා යහපතට යොමු වෙයි. බණ ඇසීමෙන් පසු, පෙර පව්කාරකම් ගැන අවබෝධ වී ඉදිරියට යහපත් වීමට ඔහු තීරණය කරයි. තව ද තක්කඩිකමට අනුගාමිකයන් වී සමාජය ඉදිරියේ යහපත් ප්‍රතිරෑපයක් මවා පෑමට උත්සහ කරන්නන් ද සිටිය හැකිය. ඔවුන් තමන්ගේ දෙබිඩි පිළිවෙත ගැන දන්නා නිසා වරදකාරී හැඟීමෙන් මිදීමට නොහැකි වෙයි.

සමන්තභද්‍ර හිමියන්ගේ අනුගාමිකයන් මේ දෙපිරිසෙන් වෙනස් වන්නේ තමන්ගේ පෙර පුරැදු ඒ ආකාරයෙන් ම පවත්වා ගනිමින් ම තමා පිළිබද යහපත් හැඟීමක් පවත්වා ගෙන යාමට හැකියාවක් ලැබෙන නිසාය. උදාහරණයකට ඉරාජ් ගේ ගිණියම් රෑ විඩීයෝව ගමු. සමන්තභද්‍ර හිමියන් පැවසුවේ ඉරාජ්ගේ වීඩියෝව වැරදි නම් සිගීරි බිතු සිතුවමුත් වැරදි බවයි. එමෙන්ම බලන්නාගේ සිතේ ස්භාවයේ ඇති දෝෂසහගත බව ගැන සදහන් කරමින් භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් සමන්තභද්‍ර හිමියන් දුන් අවවාදය නිසා ඉරාජ්ට යහපත් ශ්‍රාවකයෙක් වන ගමන් ම තව තවත් එවැනි කාමය උද්දීපනය වන වීඩියෝ නිපදවිය හැකිය. ඔහුට සෙසු සමාජයෙන් එල්ලවෙන චෝදනා ආගමානුකූලව සාධාරණීකරණය කරගනිමින් වරදකාරී හැඟීමෙන් මිදීමට හැකියාවක් ද ලැබේ. සමන්තභද්‍ර හිමිගේ අනුගාමිකයන් නිතර සංවාද වලදී අනෙක් පෘතක්ජනයන්ට පවසන දෙයක් නම් සිතින් නොඇලි ඕනෑම ආකාරයක ලෞකික වස්තූන් පරිභෝජනය කලහැකි බවය.

සමන්තභද්‍ර හිමියන්ගේ අනුගාමිකයන් සමන්තභද්‍ර හිමියන්ගේ අනුගාමිකයන් Reviewed by Fox Talks on 9:32 AM Rating: 5

2 comments :

  1. ඔබ නිතරම කඳු තරණය කරන්න.
    එය ඔබට පිටුවහලක් වේවි,
    ජීවිතය අවබෝධ කිරීමට.
    (කඳු තරණය ලෙස දක්වන්නේ, ජීවිතය තුළ එදිනෙදා හමුවන අභියෝග වලට මුහුණදීමයි.)

    ජීවිතය නමැති කන්ද තරණය කොට,
    කඳු මුදුනේ සිට,
    ආපසු විවේකීයව හැරි බලන්න.
    ඒවිට ඔබට පෙනෙවි,
    ඔබ පසුකරමින් පැමිණියේ,
    හිස් අවකාශයක් පමණක් බව
    (බුදු සමය පෙන්වන්නේ, ශුන්යතා දර්ශනයකි. යම් අයෙකු සත්‍ය අවබෝධ කළේ ද, ඔහුට පංචස්කන්ධය අනාත්ම බව ප්‍රත්‍යයක්ෂ ය. එබැවින්, පංචස්කන්ධයේ හේතු ඵල ක්‍රියාකාරීත්වයක් පමණක් ඇති බව විද්‍යාමාන වේ. හිස් බව යනු එයයි.)

    ReplyDelete
  2. තේරුමක් නෑ ,
    මෙහෙම කිවුවම මමත් එයාගේ අනුගාමිකයෙක් කියල හිතයි ඔයා ...

    ReplyDelete

Powered by Blogger.