කැමති දෙයක් හිතාගන්න


Zeuxis සහ Parrhasios

පුරාණ ග්‍රීසියේ හිටිය Zeuxis සහ Parrhasios කියන දක්ෂ චිත්‍ර ශිල්පීන් දෙදෙනෙකු අතරෙන් වඩාත් දක්ෂතම ශිල්පියා කවුරැන්ද කියා ගැටළුවක් ඇතිවුණා. මේ තෝරාගැනීම කිරීම සදහා ඔවුන් අතර තරඟයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කරා. තරඟයෙදි අධිතාත්විකවාදී (Superrealism) මුලධර්ම වලට අනුව චිත්‍රයක් නිමවිය යුතු බවට තීරණය කෙරැණා. තරඟ කාලසීමාව අවසානයෙදී තරඟකරැවන් තම තමන්ගේ නිර්මාණ විනිසුරුවන්ට පෙන්වීමට සුදානම් වුණා.

මුලින්ම Zeuxis තම චිත්‍රය වසා තිබුණු තිරය ඇදලා ඔහුගේ නිර්මාණය පෙන්වුවා. ඒක මිදි පොකුරක්. ඒක කොයිතරම් තාත්වික විදිහට ඇදලා තිබ්බද කිව්වොත් ටික වෙලාවකින් පුංචි කුරැල්ලෙක් ඇවිත් මිදි පොකුරේ වහන්න උත්සහ කරා. Zeuxisගේ චිත්‍රය තාත්වික බවේ සීමාවන් ඉක්මවා ගිහින් කුරැල්ලෙක් රවට්ටන්න පවා පුළුවන් වුණා.

ඊලඟට පැමිණියේ Parrhasiosගේ වාරය. ඔහු තිරය අසලට ගිහින් හිටගෙන හිටියා. ඔහුගේ නිර්මාණය බැලීමට බලාගෙන හිටිය පිරිස තිරය ඉවත් කරන්න කියා ඉල්ලුවා. එ්ත් Parrhasios පිරිසට කිව්වේ එහෙම කිරීමට හැකියාවක් නෑ කියලා. නොඉවසිලිමත් වුන Zeuxis හිතුවේ තමන්ගේ ප්‍රතිවාදීයා කලින්ම පරාජය භාරගෙන ඇති කියලා. එ්ත් ඔහුව ලැජ්ජාවට පත් කරන්න කියලා හිතලා චිත්‍රය බලන්න තිරය ඉවත් කරන්න කියලා ඉල්ලා සිටියා. එතකොට Parrhasios කිව්වා ඔබලා දැනටමත් චිත්‍රය දෙස බලාගෙන ඉන්නවා කියලා. තිරය ලෙස උනන්දුවෙන් බැලු පිරිසට දැකගන්න පුළුවන් වුනේ එ් තිරය Parrhasios නිර්මාණය කල චිත්‍රය බවයි. ඔහුගේ චිත්‍රය සියලු දෙනාම රවට්ටන්න පුළුවන් තරම් තාත්වික එකක් වුණා.


ඇපල් ගෙඩිය

මම මේ ලඟදී කොළපාට ඇපල් ගෙඩියක් ගෙනවා. ඇපල් ගෙඩිය කන්න කලින් පිහියකින් පොත්ත අයින් කරා. පොතු අයින් කරලා ඇපල් ගෙඩිය කෑවා. කිසිම රසක් ඒ ඇපල් ගෙඩියේ තිබුනේ නෑ. නිකන් වතුර පොගවපු පුළුන් වගේ. ඊළගට මම ඇපල් පොතු කෑල්ලක් කාලා බැලුවා. එකේ පොඩි රසක් තිබුනා. පස්සේ මම ඇපල් පොතුටික ඔක්කොම කාලා දැම්මා.


අවසානය

මේ කතා දෙක අතරේ සම්බන්ධයක් තියෙනවද? මටනන් හරියටම කියන්න බැහැ. කැමති දෙයක් හිතාගන්න.



කැමති දෙයක් හිතාගන්න කැමති දෙයක් හිතාගන්න Reviewed by Fox Talks on 8:13 AM Rating: 5

No comments :

Powered by Blogger.