තවුහිද් ජමාත් හා සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය

තවුහිද් ජමාතය විසින් සාම්ප්‍රදායික මුස්ලිම් සමාජ ව්‍යුහය වෙනස් කිරීමට සිදුකල බලපෑම ගැන මුස්ලිම් සමාජයෙන් පිටස්තර පිරිසට එතරම් අවබෝධයක් නොමැතිබව පෙනී යයි. රැඩිකල් ඉස්ලාම් ඉගැන්වීමක් ලෙස හැඳින්වෙන වහබ්වාදය ලංකාවට හඳුන්වාදීමෙන් පසුව මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රදායික අනන්‍යතාවයට හා සංස්කෘතියට එයින් බලපෑම් එල්ලවීම⁣ට පටන්ගත් බැවින් ආරම්භයේ සිටම මුස්ලිම් සමාජය තුලින්ම එයට විරෝධයක් ගොඩනැඟී තිබේ. මෙම අන්තවාදී නිකාය සෞදි රාජ්‍යයේ ආරම්භකයා වූ මුහම්මද් බින් සෞද් හා අබ්දුල් වහබ් අතර සම්බන්ධයෙන් පසුව ප්‍රචලිත වූවකි. තවුහිද් ජමාත් යනු මුස්ලිම් සමාජයේ විරෝධය නිසා යම් මට්ටමකින් යටපත් වී තිබූ වහබ්වාදී ඉගැන්වීම් එම සමාජය තුලට වෙනත් ආකාරයකින් නැවත පැමිණිමකි. ජාතික, සිලොන්, ශ්‍රී ලංකා තවුහිද් ජමාත් ආදී වශයෙන් විවිධ නම් වලින් ඇත්තේ විවිධ මාත්‍රා වලින් ගොඩනැඟුන වහබ්වාදී සංවිධානයි. වහබ්වාදය නිසා සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයට වූ බලපෑම බාහිර මුස්ලිම් නොවන සමාජයට සම්ප්‍රේෂණය වූයේ බුර්කා, ශරියා නීති, හලාල්, කාති උසාවි ආදී වශයෙන් ය. තවුහිද් ජමාත් දේශනා නිසා ද සැලකිය යුතු බලපෑමක් ( පළමු කොමෙන්ට් එක) සාම්ප්‍රදායික මුස්ලිම් සංස්කෘතියට සිදුවී ඇතිබව පෙනේ.

සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අතර තම පවුලේ කෙනෙක් මියගිය පසු මියගිය පුද්ගලයා අරමුණු කොටගෙන දානයක් දීමේ සිරිතක් තිබේ. එම දානය හැදින්වන්නේ "කත්තම්" කියාය. එය දින හතකින් හා දින හතළිහකින් පසුව දෙනු ලැබේ. එම අංගය මුස්ලිම් සංස්කෘතියට එක්වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මළවුන්ට පින් පැමිණවීමට දෙනු ලබන දින හතේ, මාස තුනේ දානවල ආභාෂය නිසාය. මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටිය දී ප්‍රිය කල ආහාර වර්ග පල්ලියේ මවුලවිවරුන්ට, හිතවතුන්ට හා යාචකයන්ට ලබාදීම එහිදී සිදුකරයි. තවුහිද් ජමාත් නිකාය මෙම අවශෝෂණ ක්‍රියාවලියට විරුද්ධය. සිංහල බෞද්ධයන්ගේ දන්සල් දීමේ පුරුද්ද අනුගමනය කරමින් මුස්ලිම් පල්ලිය විසින් වාර්ශිකව දෙනු ලබන "කන්දිරි" නැතහොත් "කිඩු" නමින් හැදින්වෙන දන්සල් වර්ගයක් අැත. කන්දිරි බත් දීමේ පුරුද්දට එරෙහි වූ තවුහිද් ජමාත් පිරිස් හා පල්ලිය අතර ගැටුම් ඇතිවූ අවස්ථා ද ඇත.

රජයේ සේවකයන් වශයෙන් සේවය කල මුස්ලිම් ජාතිකයන් රජයෙන් ලැබෙන විශ්‍රාම වැටුප් ලබාගැනීමට විරුද්ධ වීම, උපන්දින සාද හා විවාහ උත්සව වර්ජනය කිරීම ආදී සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය විසින් පවත්වාගෙන ආ සම්ප්‍රදායන්ට එරෙහිවීම නිසා ඔවුන් අතර පරතරය වැඩිවී ඇත. මෙම අන්තගාමී ස්භාවය නිසා සාම්ප්‍රදායික මුස්ලිම් පවුල් විවාහ යෝජනා වලදී අනෙක් පාර්ශවයට තව්වන් සම්බන්ධ දැයි විශේෂයෙන් සොයා බලයි. ඒ තව්වන් සම්බන්ධ පවුල් සමඟ දීග කෑමට ඇති අකමැත්ත නිසාය. අවසානයේ තවුහිද් ජමාත් විසින් සිදුකල බලපෑම බාහිර සමාජයට පැමිණුනේ සහරාන් ප්‍රමුඛ කල්ලිය, මතවාදයක් වශයෙන් මුස්ලිම් සමාජයට බලපෑම් කරමින් පැවතුනු එම අන්තවාදය මරාගෙන මැරෙන මට්ටමේ ත්‍රස්තවාදයක් බවට පත්කර විශාල ව්‍යසනයක් සිදුකිරීමෙන් පසුවය.

එකම ශුද්ධ ග්‍රන්ථයක් පදනම් වූ නිකායන් දෙකක ඉගැන්වීම් ⁣වල ඇති මෙම පරතරය මුස්ලිම් සමාජයෙන් බාහිර පිරිසට තේරුම් ගැනීමට ඇතැම්විට අපහසු විය හැකිය. ඇතැම් මුස්ලිම්වරුන් මරාගෙන මැරුණ ප්‍රහාරය දියත් කල ත්‍රස්තවාදීන් නියම ඉස්ලාම් ආගම අදහන්නන් නොවන්නන් කීම හාස්‍යයට ලක්වී ඇත්තේත්, තම්බි ඔක්කොම එකයි වැනි වියුක්ත නිගමන වලට බැසගෙන ඇත්තෙත් මෙම දෙපිරිස අතර ඇති වෙනස ගැන ප්‍රමාණවත් අවබෝධයක් නොමැති නිසාය. මා සිතන්නේ බෞද්ධ සමාජය තුලද බිහිවී ඇති එක් එක් කණ්ඩායම් අතර පවතින ආකාරයේ වෙනසක් එහි තිබෙනවා කියාය. නිදසුනක් ලෙස සමන්තබද්‍ර හිමියන් ඇතිකල සම්ප්‍රදාය හා සාම්ප්‍රදායික බෞද්ධයන් අතර පවතින ආකාරයේ විකර්ශනයක් තවුහිද් හා සාම්ප්‍රදායික මුස්ලිම් පිරිස් අතර පවතිනවා විය හැකිය. ඇතැම් භික්ෂූන්ගේ ඉගැන්වීම් නිසා ඔවුන් බහුතර බෞද්ධයන් අතර අප්‍රසාදයට පත්වී පසුව සංඝ සමාජයෙන් ඉවත් කිරීමට ද සිදුවූ අවස්ථා ඇත. එසේ වුවත් එම භික්ෂූන් යම් අනුගාමිකයන් පිරිසකගේ අනුග්‍රහයෙන් තම ඉගැන්වීම් කරගෙන යයි. නමුත් බහුතර බෞද්ධයන්ගේ සම්මුතිය ඔවුන් බුද්ධ දේශනාව විකෘති කරනවා යන්නය. දළ වශයෙන් මේ ආකාරයේ ගැටුමක් සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය හා රැඩිකල් ඉස්ලාම් නිකායන් අතර පවතිනවා යැයි සිතිය හැක.

තවුහිද් ජමාත් හා සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය තවුහිද් ජමාත් හා සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය Reviewed by Fox Talks on 1:17 AM Rating: 5

No comments :

Powered by Blogger.