ක්‍රිස්තියානි හා බෞද්ධ නිරය


මධ්‍යකාලීන යුරෝපයේ සිතුවම් බොහෝවි⁣ට ආගමික මුහුණුවරක් ගන්නා බව පෙනෙයි. ක්‍රිස්තියානිය මත පදනම්ව ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය, පරණ තෙස්තමේන්තුවේ සිදුවීම් අාදිය එ්වායේ අන්තර්ගතය. ඒවා අතරින් පාපී සත්වයන් සදාකාලිකව දැවෙන නිරයේ ස්භාවය විදහා දැක්වෙන සිතුවම් ද බොහෝ ගණනක් දක්නට ඇත. නිරය ක්‍රිස්තියානියේ මෙන්ම බුදු දහමේ ද ප්‍රධාන සංකල්පයකි. යුරෝපීය දේවස්ථාන සිතුවම් වලින් දැක්වෙන නිරය, බුදු දහමේ දැක්වෙන නිරයේ ස්භාවය හා සමවන ලක්ෂණ ද ඇත. අඳුර, ගිනිදැල්, දැඩි වේදනාවකින් පීඩා විඳින නිරයගාමී සත්වයන්, යමපල්ලන්, විකෘති ස්වරූපයේ සත්වයන් ආදිය ඒ අතර වේ.
බුදු දහමේ හා ක්‍රිස්තියානියේ දැක්වෙන නිරය සංකල්පයේ ප්‍රධානතම වෙනසක් වන්නේ ක්‍රිස්තියානි නිරයේ ඇත්තේ සදාකාලික දැවීමක් වීමය. බුදු දහමට අනුව නිරයේ ආයු කාලය අතිශය දීර්ඝ වුවත් එයින් මිදීමට හැකියාවක් ඇත. ක්‍රිස්තියානියේ සඳහන් නිරයේ සදාකාලික දැවීම සාපේක්ෂ වන්නේ එහි දෙවියන් වහන්සේ ගොඩනැඟී ඇති ආකාරය අනුවය. එහි සඳහන් දෙවියන් වහන්සේ සර්වබලධාරීය, සදාකාලිකය, අපරිමිත ශ්‍රෙෂ්ඨත්වයකින් යුක්තය. එමනිසා උන්වහන්සේගේ අණට කීකරුවීම අත්‍යවශ්‍යයෙන්ම කලයුත්තකි. එවැනි අපරිමිත ගුණාංගයන්ගෙන් සමන්විත දෙවි කෙනෙකුගේ දිව්‍යමය අණට අවනත නොවී පාපයේ ගැලීසිටීම අපරිමිත දඬුවමකට යටත්වීමට හේතුවේ. අවසාන විනිශ්චයෙන් පසුව දෙවියන් වහන්සේගේ අණට අකීකරු වූවන් සදාකාලික නිරයේ දැවීමට නියමිතය. ක්‍රිස්තියානි සදාචාරයේ පරම නිදර්ශනය වන්නේ ක්‍රිස්තුස් වහන්සේය. නිරයගාමී වීමෙන් වැළකීමට නම් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය ආදර්ශ කොටගත් ජීවිතයක් ගතකළ යුතුය.
බුදු දහමේ සඳහන් නිරය ගැන අදහසක් සුත්‍ර දේශනා, බෞද්ධ සාහිත්‍ය හා ධ්‍යානලාභී භික්ෂූන් වහන්සේලා දක්වන තොරතුරු වලින් ලබාගත හැක. ඒ අනුසාරයෙන් ඇඳි සිතුවම් බෞද්ධ සම්ප්‍රදායන් තුල දැකිය හැකිය. මධ්‍යකාලීන යුරෝපයේ කලාකරුවන් නිරයේ ස්භාවය ගැන අදහසක් ලබාගෙන ඇත්තේ කෙසේද? බයිබලයේ ඇති දිව්‍යමය හෙළිකිරීම් හරහා ද? ධ්‍යානලාභී ශාන්තුවරයන් තුලින් ද? එසේත් නැතිනම් බුදු දහමේ දැක්වෙන නිරය සංකල්පයේ ආභාෂයක් තිබී අැත්ද?

This vision of hell was written by an abbess (head of a nunnery) called Hildegard of Bingen, in her book The Book of the Rewards of Life (1171).
I saw a great swamp. A black cloud of smoke hung over it and a mass of little worms swarmed all over it. In the swamp were the souls of those who had enjoyed foolish fun when they were alive.
And I saw a great fire, black, red and white, and in it horrible fiery vipers spitting flame; the vipers tortured the souls of those who had been nasty to others.
And I saw a great fire burning in the blackness, and there were dragons in it. Nearby was an icy river. The liars were punished here. To escape the heat, they went into the river. Then, because of the cold, they returned to the fire, and the dragons tormented them.
And I saw the thickest darkness. In it were those people who had not obeyed their bishop. They lay on a fiery pavement and were bitten by sharp-toothed worms.
And I saw high in the air a hail of ice and fire falling ... and I saw demons with fiery whips beating here and there.









ක්‍රිස්තියානි හා බෞද්ධ නිරය ක්‍රිස්තියානි හා බෞද්ධ නිරය Reviewed by Fox Talks on 1:51 AM Rating: 5

No comments :

Powered by Blogger.