පරිසර-ලිංගිකත්වය (Ecosexuality)


Link -

Ecosexuals Believe Having Sex with the Earth Could Save It


නූතනත්වය සමඟ ඇති වූ භෞතික සංවර්ධනයට හා පරිසර සංරක්ෂණයට එකවර පැවතිය නොහැක. පරිසරය රැක ගැනීමට පරිසරය සමග ගතික සමතුලිතතාවයක් පවත්වා ගතහොත් සංවර්ධනය නවතා දැමීමට සිදුවේ. එමනිසා ධරණීය සංවර්ධනය වැනි සංකල්ප නිෂ්ඵල දේවල් වේ. බටහිරින් පරිසර සංරක්ෂණ වැඩපිළිවෙලවල් ගලා ඒමට පටන් ගත්තේ පරිසර විනාශය බටහිර මිනිසාට හානිදායක තත්වයට පත් වූ පසුවය. ඒ හැරෙන්න සමස්ථ පරිසරය ගැන ප්‍රබල හැඟීමක් එහි නැත. උදාහරණයකට මී මැස්සන් වඳවී යාමක් ගැන විවිධ අදහස් (beepocalypse) පසුගිය කාලයේ ගොඩ නැඟුනේ මී මැස්සන් ගැන සිතා නොව ඒ නිසා මිනිසාගේ ආහාර සැපයුමට හානි සිදුවේ යැයි සිතාය. (මී මැසි කතාවේ සත්‍ය අසත්‍යතාවය මෙහිදී වැදගත් නැත. වැදගත් වන්නේ මිනිසුන් ප්‍රවේශ වූ ආකාරයයි)

පරිසර සංරක්ෂණය සදහා විවිධ ක්‍රියාමාර්ග ගැනෙමින් පවතියි. ලෝක නායකයන් හා විද්‍යාඥයන් අවුරැදු පතා සම්මේලන වලට සහභාගී වී සියලු දේනාටම එකඟ විය හැකි තීරණ වලට පැමිණ විසිර යයි. පාරිභෝජනවාදී සමාජයේ ජීවත්වෙන මිනිසුන් සුපර්මාර්කට් වලින් ලබාදෙන ගෝනිවලින් මැසු ග්‍රෝසරි බෑග් පාවිච්චි කර ඒ සදහා දායකත්වය ලබාදෙයි. තවද පිළිගත් ප්‍රයෝගික වැඩපිළිවෙලක් නොමැති විට මෙවැනි විපරීත හා බහුබූත සංකල්පත් (Ecosexuality) තැන් තැන් වලින් මතු වේ. අවශ්‍ය කෙනෙකුට ඒවාටත් යොමුවිය හැකිය.

පරිසර-ලිංගිකත්වය (Ecosexuality) පරිසර-ලිංගිකත්වය (Ecosexuality) Reviewed by Fox Talks on 9:29 AM Rating: 5

No comments :

Powered by Blogger.