හිලරි, සිවාජිලිංගම් සහ පොල්


සිවාජීලිංගම් හිලරි ක්ලින්ටන්ගේ ජයග්‍රහණය පතා නල්ලූර් කෝවිලේ පොල් ගසා ඇත. පොල් ගැසීම නිසා හිලරිගේ ජයග්‍රහණයට බලපෑමක් කලහැකිය කියා හින්දු භක්තිකයෙක් වශයෙන් ඔහුට යම්කිසි විශ්වාසයක් තිබෙන්නට ඇත. නමුත් හිලරි බොහෝදුරට එවැනි දෙයක් විශ්වාස නොකරනවා වෙන්නට පුළුවන්ය. පොල් ගැසීම මගින් සිවාජීලිංගම් බලාපොරොත්තු වන්නට ඇත්තේ හිලරිගේ ජයග්‍රහණයට තමනුත් සහයෝගය දක්වන බව පෙන්වා තමන්ගේ බෙදුම්වාදී වැඩපිළිවෙලට සහ දෙමළ ඩයස්පෝරාවට සහයක් ලබා ගැනීමටය.

හිලරි ක්ලින්ටන්ගේ ජයග්‍රහණයට පොල් ගැසීම නිසා සිදු වූ බලපෑමේ ප්‍රතිශතය බිංදුවේ සිට සීය දක්වා කවර අගයක් වුවත් සිවාජීලිංගම්ට දීමට අවශ්‍ය වූ පණිවිඩය, හිලරි මේ පොල් ගැසීම ගැන දැනුවත් වුවහොත් ඇයට ලැබෙනු ඇත. එමනිසා සිවාජීලිංගම්ගේ අදහස ඉෂ්ඨ වීමට පොල් ගැසීමේ ක්‍රියාවලියේ පාරභෞතික කොටස, එනම් පොල් ගැසීමෙන් සතුටු වූ දෙවියෙක් හිලරිගේ ඡන්ද ප්‍රතිශතය ඉහළ දැමීමට දායකවීම වැනි දෙයක් අත්‍යාවශ්‍යම සිදුවිය යුතු දෙයක් නොවේ. හිලරිගේ ජයග්‍රහණයට පොල් ගැසීමෙන් සිදුවූ බලපෑම ශුන්‍යයක් වුවත් සිවාජීලිංගම්ට උපකාරයක් කිරීමට හිලරි පෙලඹීමට හේතුවක් ඇත.

" මේ මිනිස්සු පොල් ගහන හින්දාම මම ජනාධිපති වෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ. මට ඒ ගැන ලොකු විශ්වාසයකුත් නෑ. ඒත් මේ මිනිහා මාව දිනවන්න මොනවාහරි දෙයක් කරලා තියෙනවා, ඒක හින්දා මම දිනුවොත් මේ මිනිහ කියන දේත් පොඩ්ඩක් අහන්න ඕන. "

සමහරවිට යාපනයේ සිටින පොල් ගැසීමට සම්බන්ධ වූ භෞතිකවාදියෙකුත් හිතනවා විය හැක්කේ.

" මම ඔය පොල් ගහනවා වගේ දේවල් විශ්වාස කරන්නේ නෑ. ඒත් මම විශ්වාස කරත් නැතත් එකෙන් වෙන්න ඕන දේ වෙනවා. ඒක හින්දා මමත් ගිහින් පොල් ගෙඩියක් ගහලා එනවා"

මේ ආකාරයට දෙවියන්ට පොල් ගැසීමේ වැඩපිළිවෙලේ දේශපාලනය අපට ද තේරැම් ගත හැකිය. එයින් ලබාදෙන ශුද්ධ පණිවිඩය තේරැම් ගැනීම අසීරැ දෙයක් නොවේ.

" සිවාජීලිංගම් පොල් ගෙඩි 1008ක් කුඩු කරලා ඩොනල්ඩ් ට්‍රම්ප්ට නැතුව හිලරි ක්ලින්ටන්ට ජය පැතුවේ හිලරි සිවාජීලිංගම්ලාගේ බෙදුම්වාදී වැඩපිළිවෙලට අනිවාර්යයෙන් සහය දක්වන නිසා. එ්ක නිසා හිලරි බලයට එන එක අපිට අවාසිදායකයි. ඒත් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවොත් අපිට එහෙම තර්ජනයක් දැනට නෑ. ඒක හින්දා අපි ට්‍රම්ප්ගේ ජයග්‍රහණය අපේක්ෂා කරන්ඩ ඕන."

අප හිලරි ක්ලින්ටන්ගේ පරාජය ගැන සතුටු විය යුතු එක් හේතුවක් වන්නේ ඇය එල්ටීටීඊ හිතවාදීනියක් නිසාය.

හිලරි, සිවාජිලිංගම් සහ පොල් හිලරි, සිවාජිලිංගම් සහ පොල් Reviewed by Fox Talks on 7:36 AM Rating: 5

No comments :

Powered by Blogger.