Bothy Culture

 


ස්කොට්ලන්තයේ කඳුකර ප්‍රදේශ වල දක්නට ලැබෙන Bothy නම් නිවාස වර්ගය ප්‍රචලිත වී ඇත්තේ ඒ ආශ්‍රිතව ගොඩනැඟී ඇති bothy culture නම් සංචාරක සංකල්පය නිසාය. මෙම නිවාස සංචාරක කර්මාන්තය සඳහාම ගොඩනැඟු ගොඩනැඟිලි නොවන නිසා ප්‍රසිද්ධ සංචාරක කලාප වලින් ඈත්ව පවතී. 19 සියවසේ දී ගොවිපළ කම්කරුවන්ගේ නිවාස ලෙස ඉදිකර ඇති නිසා මේවායේ සංචාරක හෝටලවල මෙන් පහසුකම් ද නැත. එම නිසාම එයින් පරිසරයට සිදුවන හානිය ද අවමය. ස්කොට්ලන්ත කඳුකර ප්‍රදේශ වල සංචාරය කරන්නෙකුට මෙම නිවාසයක් තුල රාත්‍රිය ගත කිරීමට සිදුවන්නේ අවම පහසුකම් යටතේය. නමුත් එය විවිධත්වය අගයන සංචාරකයෙකුට නැවුම් අත්දැකීමකි. අයිතිකරුවන්ට එම නිවාස වලින් ලාභ ඉපැයීමේ අදහසක් නොමැති නිසා කඳුකරයේ සංචාරය කරන ඕනෑම කෙනෙකුට නොමිලේම නවාතැන් පහසුකම් සලසා ගත හැක.


නකල්ස් රක්ෂිතය තුල පිහිටි වල්පොලමුල්ල සැලකෙන්නේ ලංකාවේ කුඩාම ගම්මානය ලෙසයි. වල් අලින්ගේ උවදුරු නිසා එම ගමේ වැසියන් ගම අතහැර ගොස් ඇති බැවින් මේ වනවිට එය ජනශුන්‍ය වී ඇතැයි පැවසේ. පළමු ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම ගම්මානයේ පිහිටි අත්හැර දමා ඇති නිවසකි. අවට පරිසරය හා නිවෙස සැදීමට යොදාගෙන ඇති ගල් ආදිය දැකීමෙන් පසු මතකයට ආවේ ඉහත සඳහන් කල bothy නිවාස වල ආකෘතියයි.












Bothy Culture Bothy Culture Reviewed by Fox Talks on 10:23 AM Rating: 5

No comments :

Powered by Blogger.