එක්සත් ජාතික පක්ෂ පුරුෂ ආකෘතිය


පුනරුද සමයේ යුරෝපයේ පැවති විශ්වාසයක් වන්නේ පුරුෂ ආකෘතිය (male form) අධ්‍යයනය කිරීම දෙවියන් වහන්සේ අධ්‍යයනය කිරීම හා සමාන බවය. ඒ ගැන සඳහන් කලේ masculinity සඳහා ඇතැම් සමාජවල ලැබී තිබූ ඉහළ පිළිගැනීම ගැන කීමට ය. ඩී.ඇස් සේනානායකගෙන් ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂය masculinity ලක්ෂණ ඉහළින්ම පැවති පක්ෂයක් ලෙස සැලකිය හැකිය. (ඩී. ඇස්. ගෙන් පසු උඩු රුවුලක් එජාප නායකත්වය ට පත් නොවීම එතරම් අදාළ නැත). උනන්දුවෙන් බලන විට එය hegemonic masculinity ලෙස හැඳින්වෙන තත්වයක් යැයි ද කිව හැකිය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ලෝකයේ ප්‍රථම අගමැතිනිය හා ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරිය බිහිවන විට ඊට සාපේක්ෂව එජාපයේ ඉහළ පෙලේ නායකයන් බවට පත් වූ සෑම දෙනාම පාහේ පිරිමින් වීම නිසා එ⁣සේ උපකල්පනය කලහැක. එජාපයේ masculinity ස්වරූපය ආධිපත්‍යය දැරූ තත්වය වෙනස් වීමට පටන් ගැනුනේ රනිල් වික්‍රමසිංහ නායකත්වයට පත්වීමෙන් පසුව ය. පසුගිය මාස කිහිපය වනවිට එජාපය වඩාත්ම ඉස්මතු වූයේ සමනළ - masculinity ලක්ෂණ ප්‍රකට නොකරන - ආධිපත්‍යයක් ඇති පක්ෂයක් ලෙසට ය. පක්ෂයට එවැනි අනන්‍යතාවයක් හිමි වීම ඉහළින් ම masculinity ලක්ෂණ ප්‍රකට කරන තෙවරප්පෙරුම වැනි අයෙකුට තදින් දැණුන කාරණයක් විය හැකිය. පසුගිය දා එජාප රැළියට උඩුකය නිරුවත් හැඩි දැඩි පිරිමින් අගනුවර විදී දිගේ ආවේගශීලි ව කෑගසමින් යාම පිටුපස ඇති අවිඥානික පෙලඹවීම, එජාපයෙන් masculinity තවමත් සම්පූර්ණයෙන්ම ඉවත් ව නැති බව පෙන්වීමට කරන උත්සහයක් ලෙසද හැඳින්විය හැකිය. එය පැහැදිලිවම සමනළ රුඟුමක් නම් නොවේ.
එක්සත් ජාතික පක්ෂ පුරුෂ ආකෘතිය එක්සත් ජාතික පක්ෂ පුරුෂ ආකෘතිය Reviewed by Fox Talks on 10:38 PM Rating: 5

No comments :

Powered by Blogger.