පෝස්ට් මොඩර්න් දෙමව්පියන්ට වටිනා උපදෙස්



සාම්ප්‍රදායික අධිපතිවාදී දෙමාපියන් තම දරුවා අමතා අනාගතයේ ලගා වියයුතු යම් නිශ්චිත ඉලක්කයක් ලබාදෙයි.

" පුතා, ඔයා දන්නවනේ අර ගුණසේකර අංකල්ගේ ලොකු පුතා. එයා ඉන්ජිනියරින් ෆැකල්ටි තේරිලා. ඔයත් කවදාහරි ඒ වගේ කැම්පස් යන්න වැඩ කරන්න ඕන. එ්කනිසා ඔයා ඒලෙවල්ස් වලට මැත්ස් කරන්න. "

එම දෙමව්පියන් දරුවා පොත්පත් හා පාඩම් කටයුතු සමඟ ගතකරන කාලය අනුව ඔහුගේ ඉදිරි සාර්ථකත්වය පිළිබඳ නිගමන වලට එලබෙයි. ඔවුන් තම දරැවාගේ ආරක්ෂාව තම ප්‍රධානතම වගකීමක් ලෙස සලකයි. එමනිසා දරැවාට කුමන ආකාරයේ අතුරු ආන්තරාවක් සිදුවුවත් එහි වගකීම තමා වෙත පවරාගැනීමට නොපැකිලෙයි. සාමාන්‍ය පෙළ විභාගය අවසන්වී යහළුවන් සමඟ දිය නෑමට ගොස් ඇතැම් දරුවන් මියයන්නේ දරුවාට ස්විමින් බැරිනිසා නොව තමන්ගේ නොසැලකිලිමත්කම නිසා බව ඔවුන් සිතයි. එමෙන්ම ඔවුන් දරුවන්ගේ විභාග සියල්ල අවසන් වනතුරු ට්‍රිප් යෑම කල්දමයි.

පශ්චාත්-නුතන දෙමාපියන් තම දරුවාගේ අනාගතය ගැන දැඩි තීරණ වලට නොපැමිණෙයි. උදාහරණයකට ඔවුන් දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව දරන්නේ මෙවැනි අදහසක්.

" අපි අපේ දුවට මැත්ස් හරි බයෝ හරි කරන්න කියලා බල කරන්න ගියේ නෑ. පොඩි කාලේ ඉදලම එයා කැමති මියුසික් වලට. ඉතිං අපි එයාට කැමති සබ්ජෙක්ට් එකක් තෝරගන්න ඉඩ දුන්නා. "

ඉහත දැක්වෙන්නේ පශ්චාත්-නුතන දෙමාව්පියන්ට තම දරුවන් සම්බන්ධව ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් කොට ඇති යෝජනා මාලාවකි. මෙම අතිශය සහනශීලි හා ප්‍රායෝගික යෝජනා මාලාවට බොහෝදෙනෙකුගේ අනුමැතිය ලැබෙනු ඇත. නමුත් එම යෝජනා ක්‍රියාත්මක වීම හරහා සාම්ප්‍රදායික පවුල තුල ශක්තිමත්ව පැවති, දෙමව්පිය-දූදරු සබඳතාවයට බලපෑමක් ඇතිවිය හැක.

උදාහරණයකට අමතර පන්ති අවසන්වී ගෙදර පැමිණෙන ගැහැණු දරුවෙකුට යම්කිසි අතවරයක් සිදුවූයේ යැයි සිතමු. පශ්චාත්-නුතන මවක් ඒ සම්බන්ධව දරන අදහස මෙසේ වියහැක.

" අපි අපේ දුවට ඔය වගේ දෙයකින් බේරෙන්න මාෂල් ආර්ට් ටෙක්නික්ස් ටිකක් උගන්නලා තිබුනේ. ඒත් එයාට ඒවා හරියට යූස් කරගන්න බැරි වෙලා තියෙනවා. "

මෙහිදී දරුවාගේ ආරක්ෂාව සම්බන්ධව ඇති වගකීම සාම්ප්‍රදායික දෙමව්පියන්ට වඩා පශ්චාත්-නුතන දෙමාව්පියන්ගේ ලිහිල් ස්වරෑපයක් ගන්නා බව පෙනෙයි.

පෝස්ට් මොඩර්න් දෙමව්පියන්ට වටිනා උපදෙස් පෝස්ට් මොඩර්න් දෙමව්පියන්ට වටිනා උපදෙස් Reviewed by Fox Talks on 9:42 AM Rating: 5

No comments :

Powered by Blogger.