දළ පූට්ටුවා සහ පුරාවෘත්ත බිහිවීම



මේ දිනවල කතාබහට ලක්වෙන අලි ඇතුන් ඝාතනය හා ස්භාවික ව්‍යසනයන් අතර ඍජු සම්බන්ධයක් තිබෙනවා දැයි නිශ්චිතවම කීමට හැකියාවක් නැත. නමුත් මිනිසා විසින් ස්භාවික පරිසරයට හා සතුන්ට කරන විනාශයන් නිසා පරිසරයේ සමතුලිතතාවය බිඳවැටි ස්භාවික ව්‍යසනයන් සිදුවන බවට විශ්වාස කලහැක. මේ සම්බන්ධ පෝස්ට් කියවීමේදි දැකගැනීමට හැකිවූයේ ඇතැම් අය මේ සිදුවීම් දෙක අතර සම්බන්ධයක් (අලි ඇතුන් ඝාතනය නිසා සොබාදහම ප්‍රතිචාර දක්වයි) ඇති කරගෙන ඇති බවය. එනම් දළ පූට්ටුවා මරා දැමීම නිසා සුළිසුළඟ ඇතිවූ බවට මතයක් හෝ ඒහා සමාන අදහසක් ඇතිවී තිබේ. එම මතය පිළිගන්නා පිරිසකුත් ඒත් සමඟම බිහිවී ඇති බව පෙනීයයි.

මෙවැනි මතයක් වසර ගණනාවක් ගතවූ පසුව දළ පූට්ටුවා ගැන පුරාවෘත්තයක් (legend) නිර්මාණය වීමට හේතු විය හැකිය. උදාහරණයකට යටත්විජිත සමයේ අලි ඇතුන් සංහාරයක නිරත වූ මේජර් රොජර්ස් නැමැත්තාට අකුණක් වැදී මිය ගොස් ඇති අතර පසුව ඔහුගේ සොහොනටත් අකුණු වැදීමට පටන්ගෙන ඇත. අලි අැතුන් ඝාතනය හා අකුණු වැදීම අතර ඍජු සම්බන්ධයක් තිබෙනවා ද කියා අපට ප්‍රත්‍යක්ෂ ලෙසම කිව නොහැක. නමුත් එම සිදුවීම් දෙකේ යම්කිසි ගැලපීමක් නිසා අද වනවිට අලි ඇතුන් මැරීම නිසා මේජර් රෝජර්ස්ට අකුණු වැදුනා කියා පුරාවෘත්තයක් නිර්මාණය වී ඇත.

මෙවැනි ආසන්න සිදුවීම් දෙකක් අතර සම්බන්ධයක් ගොඩනැඟෙන විශේෂ හේතුව සංස්කෘතියට සාපේක්ෂ දෙයක් යැයි කිව හැකිය. එය බුදු දහමේ ආභාෂය ලැබු සංස්කෘතියක නම් කර්මය, සර්වබලධාරි දෙවියන් විශ්වාස කරන සංස්කෘතියක දෙවියන් කෝපවීම ආදී නොපෙනෙන බලවේගයක් සම්බන්ධ වීම ආදී හේතුවක් විය හැකිය. පුරාවෘත්තයක් නිර්මාණය වීමට සාධක සෑම විටම සත්‍යය දෙයක්ම වියයුතු නැත. දළ පූට්ටුවාගේ සිදුවීමෙන් මිනිසුන් සංස්කෘතියට සාපේක්ෂව එවැනි පුරාවෘත්ත නිර්මාණය කරන ආකාරය ගැන අදහසක් ලබාගත හැක.
දළ පූට්ටුවා සහ පුරාවෘත්ත බිහිවීම දළ පූට්ටුවා සහ පුරාවෘත්ත බිහිවීම Reviewed by Fox Talks on 10:34 PM Rating: 5

No comments :

Powered by Blogger.