පුද්ගලානුබද්ධ වෙදකම (Personalized Medicine)


පහුගිය දවසක ඉන්ටර්නෙට් එකේ තිබිලා මම දැක්කා personalized medicine කියලා සංකල්පයක්. ඒක පහුගිය අවුරැදු කීපය ඇතුලත බටහිර වෛද්‍ය ක්‍රමයේදී භාවිතයට ගන්න පටන් ගත්ත ක්‍රමයක්. මට වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් නැති වුනත් එකේ අර්ථ දැක්වීමේ හැටියට තිබුනේ ඔබට සෑදෙන රෝගයක අවදානම් ගතිය ඔබටම ආවේනික දෙයක් හා ඒක අනෙක් අයගෙන් වෙනස් ස්වරෑපයක් දරනවා කියලා. ඒක හරියට ඔබටම ආවේනික ගති ලක්ෂණ තියෙනවා වගේ දෙයක්. ඒ රෝග අවදානම උපතේ සිට එන ජානවලම අඩංගු වෙන දෙයක් හා ඒක ඔබේ පරිසරය හා ජීවන රටාවටත් බද්ධ වෙලා තියෙනවා කියලත් කියනවා. ඒ අය කියන්නේ පිළිකා රෝගියෙකුට ලබාදෙන ප්‍රතිකාර රෝගියාගේ ජාන සැකැස්මට අනුව සකසලා දුන්නොත් වඩා ප්‍රතිඵලදායි වෙනවා කියල‍ා. ඔවුන් කියන විදිහට දැනට තියෙන ප්‍රතිකාර ක්‍රමය "one size fits all" වර්ගයේ එකක්. ඒ ක්‍රමයට ලබාදෙන ප්‍රතිකාර සමහරවිට සාර්ථක වෙන්න පුළුවන්. නමුත් හැම වෙලාවෙම සාර්ථක වෙයි කියලා කියන්න බෑ. ඒ නිසා ප්‍රතිකාර අසාර්ථක වෙන අයට මේ personalized medicine ක්‍රමය ඉදිරියට වැදගත් වෙයි කියලා කියනවා.

මේක දැක්කහම මතක් වුනේ ආචාර්ය නලින් ද සිල්වගේ දේශනයක තිබුන අපේ දේශිය වෙදකමට සම්බන්ධ කොටසක්. දැනට බටහිර වෛද්‍ය ක්‍රමයෙදී ප්‍රතිකාර වශයෙන් දෙන බෙහෙත් යම්කිසි වියුක්ත රෝගියෙක් වෙනුවෙන් නියම කරපු ඒවා. එතනදී හැම මිනිහෙක්ම එකම අච්චුවකට ගන්න හදනවා. ඒ කිව්වේ ඕනම මිනිහෙක්ගේ ඔලුවේ කැක්කුමකට සුදුසු ප්‍රතිකාරය කියලා කියන්නේ පෙනඩෝල් පෙති දෙකක් ගැනීම. කැස්සට ඕනම කෙනෙකුට බොන්න කියන්නේ පැණියකින් මේස හැදි දෙකක් හරි 10ml වගේ නියමිත ප්‍රමාණයක්. නියමිත මාත්‍රාවක් තියෙනවා. ඒත් අපේ සිංහල වෙදකමේ තියෙන්නේ එක් එක් රෝගියාගේ ස්භාවය අනුව ප්‍රතිකාර නියම කරන ක්‍රමයක්. වෙද මහත්තයෙක් බෙහෙත් වට්ටෝරැවක් දීලා මේක ගෙදර ගිහින් පත අට එකට හිඳුවා බොන්න කිව්වහම පත අට කියන්‍ෙනේ රෝගියා හැමදාම බොන කෝප්පෙන් අටක් එකට හිඳුවන එක. ඒකතමා රෝගියාගේ ඇඟට හුරැවෙලා තියෙන ප්‍රමාණය. අපේ දේශිය වෙදකම කොහොමත් personalized medicine ක්‍රමයක්.


පුද්ගලානුබද්ධ වෙදකම (Personalized Medicine) පුද්ගලානුබද්ධ වෙදකම (Personalized Medicine) Reviewed by Fox Talks on 6:21 AM Rating: 5

No comments :

Powered by Blogger.