නිස්කලංක පරිසරය, ට්‍රැෆික්, ඉඩකඩ ප්‍රශ්නය, නගර සැලසුම්, වසවිස නැති කෑම වේලක්, විනෝද චාරිකා, විල්පත්තුව

[ නිස්කලංක පරිසරය ]
මිනිස්සු අලුතෙන් ගෙයක් හදන්න ඉඩමක් බලද්දී වැඩිපුර හොයන්නේ ගෙදර ඉස්සරහින් කුඹුරැ යායක් එහෙම පේන නිස්කලංක පරිසරයක තියෙන තැනක්. මිනිස්සු නිස්කලංකව ජීවත් වෙන්න හිතනවා වැඩි වෙන්න වැඩි වෙන්න නිස්කලංක පරිසරවල ඉදන් නගරයට තියෙන දුර වැඩිවෙනවා. ලංකාව වගේ අවිධිමත් නාගරීකරණයක් සිද්ධවෙන රටක නිස්කලංකව ජීවත්වෙන එකයි නාගරික සැප පහසුකම් විඳින එකයි දෙකම එකවර කරගන්න එක ටිකක් අමාරැ වැඩක්.
[ ට්‍රැෆික් ]
මිනිස්සු වාහනයක් ගන්නේ ඉක්මනට පහසුවෙන් ගමන් බිමන් යන්න. එ්ත් දැන් නගර හරහා යන ගමන් වලදී ඉක්මන කියන එක අයින් වෙලා පහසුව විතරක් ඉතුරැවෙලා තියෙන්නේ. ට්‍රැෆික් එකේ ඉද්දී AC කරපු වාහනයක සුනිල් එදිරිසිංහගේ සිංදුවක් අහගෙන ඉන්න තියෙන එකත් හොඳයි.
[ ඉඩකඩ ප්‍රශ්නය ]
ඉඩකඩ ප්‍රශ්නයත් එක්ක මිනිස්සු මීට වැඩිය මහල් නිවාස සංකීර්ණවල ජීවත් වෙන්න පුරැදු වෙන්න ඕන. හැමතැනම තියෙන කඩ ටික එකතු කරලා, ලොකු සාප්පු සංකීර්ණ ඇතුලට ගේන්න ඕන. නැත්තන් ඉක්මනින්ම මුළු රටම මිනී සුපර් මාකට්, ටේක් එවේ කෑම කඩ, ෆාමසි, චැනල් සෙන්ටර්, සර්විස් ස්ටේෂන්, කොමියුනිකේෂන් වලින් පිරිලා යයි.
[ නගර සැලසුම් ]
දවසක් විදේශිකයෙක් මගෙන් ඇහුවා ඇයි මේ රටේ හැමතැනම ටවුන් එක කියලා. ප්‍රධාන පාරවල් දිගටම තියෙන කඩවල් දැකලා ඇහුවේ. මම කියන්න ගියේ නෑ එහෙම තමයි රටවල් දියුණු වෙද්දී කියලා. අපිට බටහිර පන්නයේ දියුණුවක් ඕන වුනාට නගර සැලසුම් කියන දේ හරියට අනුකරණය කරගන්නවත් බැරිවෙලා තියෙනවා.
[ වසවිස නැති කෑම වේලක් ]
හැමෝම වසවිස නැති කෑම කන්න පුරැදු වෙනවනම් හොඳයි. ඒත් අධික ජනගහනයයි සීමිත වගා කලහැකි ඉඩ ප්‍රමාණයයි සලකා බලද්දී වනාන්තර ටිකත් රැකගෙන ඔක්කොගෙම බඩවල් පුරවන එකත් ලේසි නෑ. රටේ හැමෝම ඕගනික් එලවළුයි, පච්ච පෙරැමාල් හාලුයි කන්න පුරැදු වුනොත් මොකද වෙන්නේ. ඉල්ලුමට අනුව සැපයුම දෙන්න පුළුවන්ද? ආපහු පරණ ක්‍රමයට පාරිභෝගකයා රවට්ටන වෙළදාම තමයි දිගටම ක්‍රියාත්මක වෙන්නේ. සාම්ප්‍රදායික වගා ක්‍රමවලට යනවට මගේ විරැද්ධත්වයක් නෑ. දැන් අනුරාධපුර, පොළොන්නරු පැතිවල හේන්වල හැදෙන එළවළු ලංකාවේ ඉස්සර තිබුන එළවළු ජාතියම නෙමෙයි. වට්ටක්කා, මෑකරල්, කැකිරි හැමදේම වෙනස් කරලා තියෙන්නේ. මැලේසියන් එක.
[ විනෝද චාරිකා ]
ඉස්සර මිනිස්සු ට්‍රිප් ගියේ ටිකක් දිග නිවාඩුවක් අල්ලලා. දැන් මිනිස්සු පුළුවන් හැම වේලාවෙම ට්‍රිප් යනවා. ඇයි නිතරම ට්‍රිප් යන්නේ? ආර්ථික වශයෙන් ශක්තිමත් නිසාද? වාහන හා මාර්ග පද්ධතියේ දියුණුව නිසාද? සංකීර්ණ වෙලා තියෙන ජීවන රටාව නිසා ඇතිවන මානසික ආතතිය අඩු කරගන්නද? සොයා බැලිය යුතුයි.
[ විල්පත්තුව ]
විල්පත්තු වන විනාශයට එරෙහි විරෝධතා ව්‍යාපාර සෑම සතිඅන්තයකම විහාර මහා දේවී උද්‍යානය අවට පැවැත්විය යුතුය.
නිස්කලංක පරිසරය, ට්‍රැෆික්, ඉඩකඩ ප්‍රශ්නය, නගර සැලසුම්, වසවිස නැති කෑම වේලක්, විනෝද චාරිකා, විල්පත්තුව නිස්කලංක පරිසරය,  ට්‍රැෆික්, ඉඩකඩ ප්‍රශ්නය, නගර සැලසුම්, වසවිස නැති කෑම වේලක්, විනෝද චාරිකා, විල්පත්තුව Reviewed by Fox Talks on 2:07 AM Rating: 5

No comments :

Powered by Blogger.