ආලෝක සංඥාව හා සංකේතික පිළිවෙල


 

Rise, Agni, drive off those who fight against us : make manifest thine own celestial vigour.

Slacken the strong bows of the demon-driven. . . .

Destroy the cursing Rākshasas.

Rig-Veda ; fourth hymn of Book IV


ආලෝක සංඥාවක් ඉදිරියෙන් අපගේ හැසිරීම යනු සංකේතික පිළිවෙල (symbolic order) තුලට අප අනුගත වී ඇති ආකාරය පැහැදිලි වන ශුද්ධ ආකාරයකි. රතු සංඥාව තුලින් නැවතීම, තහනම, ආදී නියෝග ලැබෙන අතර මානසිකව එය නොඉවසිල්ල, ආතතිය, පීඩනය ආදිය ජනනය කරයි. තැඹිලි පැහැය සුදානම, විමසිලිමත්බව ඇති කරයි. නිදහස පිළිබඳ පූර්ව හැඟීමක් ඇතිවුවත් තවමත් පරිපූර්ණ නිදහසක් ලැබී නැත. අවසානයේ කොළ සංඥාව පරිපූර්ණ නිදහසක හැඟීම අත්කර දෙයි. තප්පර කිහිපයකට ඇතිවන්නේ සුරතාන්තය වැනි ප්‍රමෝදයකි. ආලෝක සංඥා - සංකේතික පිළිවෙල - බිඳ දැමුවහොත් නොනවත්වා ප්‍රමෝදය අත්කර ගැනීමට හැකියැයි සිතුනත්, එයින් පසුව ඇතිවීමට නියමිත වන්නේ ව්‍යාකූලත්වයකි. එයින් පෙරට වඩා ආතතියෙන්, කාංසාවෙන් පීඩා විඳිමට සිදුවේ.


ඊළඟ වතාවේ ආලෝක සංඥාවක් ඉදිරියේ සිටින විට ඔබගේ චිත්තයන්ගේ වෙනස්වීම ගැන විමසිලිමත් වන්න

ආලෝක සංඥාව හා සංකේතික පිළිවෙල ආලෝක සංඥාව හා සංකේතික පිළිවෙල Reviewed by Fox Talks on 7:26 AM Rating: 5

No comments :

Powered by Blogger.