සෙබළාගේ සාරය සහ ස්මාර්ට් මිලිටරි හෙල්මටය


මිලිටරි තාක්ෂණය පවතින්නේ සාමාන්‍ය සිවිල් ජනතාව අත්විඳින තාක්ෂණයට වඩා යම් ප්‍රමාණයක් ඉදිරියෙන් යැයි කියනු ලැබේ. ඇමෙරිකානු හමුදාව විසින් හඳුන්වා දී ඇති ස්මාට් මිලිටරි හෙල්මටයක් මගින් සොල්දාදුවා යම්කිසි ආරක්ෂක ජාලයක (defence network) තිබෙන නොඩ් (node) එකක් බවට පත්කෙරී ඇත. එහි සවිකර ඇති සෙන්සර් හරහා ලබාගන්නා තොරතුරු මගින් සොල්දාදුවාගේ යුදබිමේ ක්‍රියාකාරීත්වය හා සෞඛ්‍ය තත්වය ගැන දැනුවත්වීමට හැකිය. එමෙන්ම එය හරහා සොල්දාදුවාට අනෙකුත් සොල්දාදුවන් සමඟ මෙන්ම පද්ධති සමඟ ද සම්බන්ධවීමට ද හැකිය. සෙන්සර් තාක්ෂණය තවදුරටත් ඉදිරියට ගෙන යමින් සොල්දාදුවාගේ ක්‍රියාකාරකම් පිළිබද තොරතුරු ඔහුගේ සවිඥානික මැදිහත්වීමකින් තොරවම ලබාගත හැකි මට්ටමකට පැමිණ අැත.

මිලිටරි තාක්ෂණය ලබාගෙන ඇති මේ දියුණුව සම්බන්ධයෙන් කෙනෙකුට වශීකෘත තත්වයකට පැමිණිය හැකි වුවත් එම ලැබීම්‍ෙ අතුරු ප්‍රතිඵල ලෙස සිදුවන අහිමිවීම් ගැනත් සලකා බලමු. මෙම අධි තාක්ෂණික මෙවලම් නිසා තමා සැමවිටම ඉහළ පද්ධතියක් සමඟ නිරන්තර සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට හැඟීමක් සොල්දාදුවාට ඇති වේ. එයින් එම පද්ධතිය මඟින් සෑම විටම තමාගේ ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වන බවත්, අනතුරුදායක තත්වයන් ගැන පෙර දැනුම්දීම් ලැබෙන බවටත් විශ්වාසයක් ගොඩ නැගිය හැක. එනම් මෙහිදී සොල්දාදුවා සාම්ප්‍රදායික තනිව ක්‍රියාකරන සොල්දාදුවෙක් වෙනුවට අනෙකෙක් සමඟ නිරන්තරයෙන් අන්තර්ක්‍රියා කරන්නෙක් බවට පත්වෙයි. ඉහළ පද්ධතියක් මගින් මෙහෙය වන්නෙක් බවට පත්වේ. මෙම තත්වය නිසා සොල්දාදුවෙක් සතුව ඉතා ඉහළ තත්වයකින් පැවතිය යුතු නිර්භීතකම, ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව ආදී ගුණාංග වලට සෘණාත්මක බලපෑමක් ඇතිවිය හැක. එනම් අධි තාක්ෂණික මෙවලම් වලින් තම ශරිරය අාවරණය වීමත් සමඟම තමා සැබෑ සොල්දාදුවෙක් බවට පත්කරන සාරය අහිමි වීමේ අවදානමක් පවතී.
සෙබළාගේ සාරය සහ ස්මාර්ට් මිලිටරි හෙල්මටය සෙබළාගේ සාරය සහ ස්මාර්ට් මිලිටරි හෙල්මටය Reviewed by Fox Talks on 9:39 PM Rating: 5

No comments :

Powered by Blogger.