නිවන කල් දැමීම
බුද්ධ පරිනිර්වාණයෙන් පසුව විනය කරුණු මත සංඝ සමාජයේ ඇති වූ බෙදීම් පසුව ධර්ම කරුණු මත පදනම්ව මහායානය හා ථෙරවාදය ලෙස ද ව්‍යාප්ත විය. මහායාන සම්ප්‍රදායේ එන විශේෂ සංකල්පයක් නම් බෝධිසත්ව සංකල්පයය. ථෙරවාද සම්ප්‍රදායේ දී ප්‍රමුඛත්වය දෙන්නේ බුද්ධ ශාසනයක් පවතින කාලය තුලදී හැකි සෑම දෙනෙක්ම නිර්වාණ ප්‍රතිපදාව අනුගමනය කර විමුක්තිය ලබාගැනීමය. මහායාන සම්ප්‍රදායේදී මෙම ප්‍රවේශය සැලකෙන්නේ පටු හා ආත්මාර්ථකාමී දෙයක් ලෙසටය. මහායානයේ අවධාරණය කරන්නේ ගුරුවරයාගේ මාර්ගයේම ගොස් බුද්ධත්වය අවබෝධ කරගැනීමය. අනුන් දුකින් මුදවීම පිණිස තමන්ගේ නිවන පසුවට කල් දමා බුද්ධත්වය අවබෝධ කරගෙන සත්වයන් සසරින් එතෙර කරවීමය. මෙම අරමුණින් අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ විමුක්තිය කල් දැමු පුද්ගලයන්ට බෝධිසත්වවරු වශයෙන් එම සම්ප්‍රදායේ විශේෂ තැනක් ලැබේ. ඔවුන් භික්ෂූත්වයට පත්වීමට අවශ්‍යම නැත. ඔවුන් මිනිසුන්ගේ යහපත වෙනුවෙන් පරහිතකාමී ක්‍රියාවල නිරත වෙමින් සිටින අතර බැතිමතුන්ගේ ඉල්ලීම් වලට සවන් දීමට ද සූදානමින් සිටියි. එමනිසා මහායාන සම්ප්‍රදායේ බෝධිසත්ව සංකල්පයට හා වන්දනාවට විශේෂ තැනක් ලැබේ. ඒ අනුව කවුරුන්හෝ ථේරවාද සම්ප්‍රදාය තුල සිටිමින්, අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ නිවන කල් දමනවා වැනි අදහසක සිටිනවානම් එය ථෙරවාදයට පටහැනි හෝ මහායානට අයත් අදහසක් බවට පත් වන්නේද?
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
6:06 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
6:06 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :