පරිසර සංරක්ෂණය හා මානව සංවර්ධනය
මෙම පෝස්ට් එකේ කොමෙන්ට් කියවීමේ දී දැනගැනීමට ලැබුණේ වැඩේ දීමට යන්නෙන් අදහස් කර ඇත්තේ, පෙන්වා ඇති ස්ථානයේ ටෙලිකොම් කුළුණක් ඉදිකිරීමට යෝජනාවක් ඇති බවය. පරිසර සංවේදී ජනතාව සිදුවන්නට නියමිත විනාශය ගැන කම්පා වී සිටියි. ඡායාරූපයේ පෙනෙන ආකාරයට අදාළ ස්ථානයට පහළින් නිවාස වැනි ඉදිකිරීම් දක්නට ඇත. එම නිසා සිතිය හැක්කේ ටෙලිකොම් කුළුණ ඉදි කරන්නේ එම ප්‍රදේශයේ ජනතාවට වඩා හොඳ සන්නිවේදන පහසුකම් ලබාදීමට බවයි. දුරබැහැර සිටින ඥාති මිත්‍රාදීන් සමඟ සම්බන්ධ වීමට, ව්‍යාපාරික කටයුතු සඳහා, දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට හා අන්තර්ජාලයෙන් තොරතුරු සෙවිම, දැනුම ලබාගැනීම වැනි මානව සංවර්ධනයට හා ආර්ථික දියුණුවට අදාළ කාරණා සඳහා එම ටෙලිකොම් කුළුණ උපකාර වනු ඇත.
මෙම කරුණු සලකා බැලීමේදී ඇති විය යුත්තේ පරිසර සංරක්ෂණය හා මානව සංවර්ධනය අතර ගැටුමකි. නමුත්, එසේ ගැටුමක් ඇති වන්නේ සමස්තය දෙස බැලුවහොත්ය. කුළුණ ඉදිකිරීමට නියමිත පරිසර කලාපය පමණක් වෙන් කර පෙන්නුවහොත්, යමෙකුට ටෙලිකොම් සමාගම් වලට බැන වැදී, ඔක්සිජන් ප්‍රතිශතය, දේශගුණික විපර්යාසය ගැන තම දැනුම බෙදා දී විද්‍යාත්මක පරිසර ප්‍රේමීයෙක් බවට පත්විය හැකිය. පහළින් සිටින ජනතාවගේ ජීවන අරගලය - ඔන්ලයින් පාඩම් සඳහා සිග්නල් ඇල්ලීමට ගස් බඩ ගාන ළමුන් - දැක්වුවහොත් එම පුද්ගලයාටම ආණ්ඩුවට හා පවතින ක්‍රමයට බැණ වැදී මානව හිතවාදියෙක් ලෙස තම අනන්‍යතාවය සකසා ගත හැකිය.
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:01 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:01 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :